අයහපත් කාලගුණයෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ වැඩපිළිවෙළට සමගාමීව ශ්‍රී ලංකා ඩාවුඩි බෝරා ප්‍රජාව විසින් රුපියල් ලක්ෂ 100ක මූල්‍යමය පරිත්‍යාගයක් සිදු කරනු ලැබීය. ගෝලීය බෝරා ප්‍රජාවේ නායක ශුද්ධෝත්තම සෙයිද්නා මුෆද්දල් සයිෆුඩීන් පියතුමා වෙනුවෙන් ශ්‍රී ලංකා ඩාවුඩි බෝරා ප්‍රජාවේ සභාපති ඊබ්‍රහිම් සයිනි මහතා විසින් ඊට අදාළ චෙක්පත අද (02) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය…
ශ්‍රී ලංකාව වෙනුවෙන් අමෙරිකානු ඩොලර් මිලියනයක මුදල් පරිත්‍යාගයක් සිදුකිරීමට චීන රජය තීරණය කර තිබේ. මීට අමතරව චීන යුවාන් කෝටියක් වටිනා ද්‍රව්‍යමය පරිත්‍යාගයක් සිදුකිරීමට නියමිත බවත් සඳහන්ය. චීන ජනතාව සැමවිටම ශ්‍රී ලාකීය සහෝදර සහෝදරියන් සමග සිටින බව පවසන ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය සිය සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ මෙම පරිත්‍යාගය පිළිබඳ තොරතුරු මේ වනවිටත් දැනුම් දී ඇත.
ආපදා තත්ත්වයෙන් විපතට පත් ජනතාව වෙනුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආධාර රැගත් ගුවන් යානයක් අද (02) අලුයම මෙරටට ළඟා විය. ආහාර, කූඩාරම් ඇතුළු මානුෂීය ආධාර තොගයක් මෙම පරිත්‍යාගයට ඇතුළත් වේ. කොළඹ එක්සත් අරාබි එමීර් රාජ්‍යය තානාපති කාර්යාලයේ දෙවන ලේකම් Rashed Ali Al Mazrouei මහතා විසින් විදේශ කටයුතු අමාත්‍යාංශයේ අධ්‍යක්ෂිකා (මැදපෙරදිග) සෙව්වන්දි ද සිල්වා, මේජර් ජෙනරාල්…
අයහපත් කාලගුණයෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ වැඩපිළිවෙළට සමගාමීව එල්බී ෆිනෑන්ස් සමාගම විසින් රුපියල් ලක්ෂ 50ක මුදලක් පරිත්‍යාග කරනු ලැබීය. ඊට අදාළ චෙක්පත එල්බී ෆිනෑන්ස් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ නිරෝෂන් උඩගේ මහතා විසින් ඊයේ (01) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වෙත පිළිගන්වනු ලැබීය. විපතට පත් ජනතාව වෙනුවෙන් රජය ගෙන යන…
දැනට රටේ පවතින ව්‍යසන තත්ත්වයෙන් ආපදාවට පත් වූ ජනතාව වෙත අත්‍යවශ්‍ය භාණ්ඩ පරිත්‍යාග කිරීම සඳහා විදෙස් රටවල්, සංවිධාන, පුද්ගලයින් මෙන්ම විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් විසින් විවිධ විමසීම් කර ඇත. ඒ අනුව, ඔවුන් මෙරටට එවනු ලබන භාණ්ඩමය ආධාර සියලු තීරුබදු සහ ගාස්තුවලින් (Import Taxes and levies) තොරව කඩිනමින් නිශ්කාෂණය කර බෙදා හැරීම සඳහා ශ්‍රී ලංකා රජය වඩා…
ශ්‍රී ලංකාවේ මෑත කාලීන ඉතිහාසයේ දරුණුතම ස්වභාවික විපත් අතරින් එකක් වූ ‘දිට්වා’ සුළි කුණාටුවෙන් සිදුවූ අතිවිශාල හානියෙන් පසුව රට යළි ගොඩනැංවීම අරමුණු කරගත් ‘Rebuilding Sri Lanka’අරමුදල ස්ථාපනය කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී තිබේ. මෙම අරමුදල ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ ව්‍යවස්ථාපිත අරමුදලක් ලෙස පිහිටුවීමට නියමිත අතර එහි කළමනාකරණ කමිටුව රජයේ සහ පෞද්ගලික අංශයේ නියෝජිතයන්ගෙන් සමන්විතය. කම්කරු…
දිට්වා සුළි කුණාටුවෙන් පසු ආපදාවට පත් ප්‍රජාවන්ට සහන සැලසීම සඳහා, SLT-MOBITEL විසින් කොළඹ විශ්ව විද්‍යාලය ද සමඟ සහයෝගීතාවයෙන් යුතුව නොමිලේ ‘247 උපකාරක සේවාවේ හඳුන්වා දී තිබේ. මෙම හදිසි උපකාරක සේවාව පැය 24 පුරාම වෛද්‍ය උපදෙස් සහ හදිසි උපකාරක සහාය ලබා දීම සඳහා ස්ථාපනය වී තිබේ. පවතින අභියෝගාත්මක කාල පරිච්ඡේදය තුළ, සතියේ දින හතේ පැය 24…
ශ්‍රී ලාංකිකයන් මෑත ඉතිහාසයේ මුහුණ දුන් දරුණුතම ගංවතුර තත්වය හමුවේ පීඩාවට පත් ප්‍රජාවට සහය වීම සඳහා ප්‍රීමා සමාගම වෙතින් රුපියල් මිලියන 300 කට අධික වටිනාකමකින් යුත් ප්‍රීමා නිෂ්පාදන සහනාධාර ලෙස ප්‍රදානය කර තිබේ. ආපදාවට ලක් පවුල්වලට අත්‍යවශ්‍යය වූ මෙම සහනාධාර බෙදා හැරීම ආරක්ෂක අමාත්‍යාංශයේ සම්බන්ධීකරණය යටතේ දියත් කර ඇත. ප්‍රීමා නිෂ්පාදන අඩංගු මෙම වියළි සලාක…
කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2025 නොවැම්බර් මාසයේ දී 2.1%ක් ලෙස නොවෙනස්ව පවතින බව ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. 2025 නොවැම්බර් මාසයේ දී ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය(ලක්‍ෂ්‍යමය) 3.0% දක්වා අඩු වී ඇති අතර 2025 ඔක්තෝම්බර් මාසයේ දී එය වාර්තා වුයේ 3.5%ක් ලෙසයි. එමෙන්ම, 2025 නොවැම්බර් මාසය සඳහා ආහාර…
කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල දැවැන්ත පහළ යාමක් අද (01) දිනයේ දී වාර්තා විය. එහිදී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 690.76කින් පහළ ගොස් දිනයේ ගනුදෙනු අවසානයේ දී ඒකක 22,022.06 ක් ලෙසින් සටහන් වුණි. මෙම මෙම වසර තුළ තනි දිනක් තුළ කොටස් වෙළෙඳපොළේ සිදු වූ දෙවැනියට විශාලතම කඩාවැටීම වේ. මෙම වසරේ අප්‍රේල් 07 දින කොටස්…
Video Story