Top News

කටුනායක ගුවන්තොටුපළේ නව Check-in කවුන්ටර 14 ක් ඇරඹෙයි

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ අත්හදා බැලීමේ පදනමක් මත හඳුන්වා දුන් නව චෙක්-ඉන් කවුන්ටර 14 ක් පසුගිය දා (10) ආරම්භ විය. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ මාසයක් ඇතුළත මෙම ඉදිකිරීම සිදු කළ බවයි. ශීත සෘතුවේ දී බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ හරහා ගමන් කරන මගීන්‌ගේ පහසුව වෙනුවෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර ඇති අතර ශ්‍රී ලංකාවේ සංචාරක…

(0)Comments | November 12, 2025 4:25 pm

ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ 2025 වසරේ ප්‍රගති සමාලෝචන සාකච්ජාව ජනපති ප්‍රධානත්වයෙන්

2025 වසරට අදාළව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා වූ සාකච්ජාවක් ජනාධිපති, ඩිජිටල් ආර්ථික අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්, ඊයේ (11) ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්විණි. ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL), පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව (DRP) සහ GovTech (Pvt) Ltd යන ආයතනවලට අයත් ඩිජිටල්…

(0)Comments | November 12, 2025 2:16 pm

සෙලාන් බැංකුව 2025 තෙවන කාර්තුව වන විට රු. බිලියන 8.33 ක බදු පසු ලාභයක් වාර්තා කරයි

ආදායම් බදුවලට පෙර ලාභය රු. මිලියන 12,809 දක්වා 20.75% කින් ඉහළට බදු පසු ලාභය රු. මිලියන 8,327දක්වා 26.30% කින් ඉහළට හිමිකම් මත ප්‍රතිලාභ (ROE) 08% සමස්ත ප්‍රාග්ධන ප්‍රමාණතා අනුපාතය 18.34% හානිකරණ ණය (අදියර 3) අනුපාතය 1.48% 2025 වර්ෂයේ තෙවන කාර්තුව දක්වා රු. මිලියන 12,809 ක අදායම් බදු පෙර ලාභයක් වාර්තා කිරීමට සෙලාන් බැංකුව සමත් විය….

(0)Comments | November 12, 2025 11:37 am

බිත්තර වී ගොවිපළවල් සඳහා රක්ෂණාවරණයක්

බිත්තර වී නිෂ්පාදන ගොවිපළවල සිදු කෙරෙන වී වගාව රක්ෂණය කිරීම සඳහා රක්ෂණ සැලසුමක් සකස් කර ඇති බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සඳහන් කරයි. මෙහිදී වගා කරන ලද බිත්තර වී වගාවට ගංවතුර, නියඟය, රෝග, කෘමි හානි, ස්වභාවික විපත්, වන අලි හානි වලින් සිදුවන හානි සඳහා ආවරණය කර ඇති අතර අක්කර 01ක් සඳහා කන්නයකට රු.13,600/- වාරික…

(0)Comments | November 12, 2025 11:01 am

ජනශක්ති ෆිනෑන්ස් සමාගම 2025/2026 ප්‍රථම අර්ධයේදී ශක්තිමත් සහ තිරසාර වර්ධනයක් වාර්තා කරයි

JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) හි අනුබද්ධ සමාගමක් වන ජනශක්ති ෆිනෑන්ස් පීඑල්සී (මීට පෙර ඔරියන්ට් ෆිනෑන්ස් පීඑල්සී), 2025 සැප්තැම්බර් 30 දිනයෙන් අවසන් වූ මාස 6 ක කාලසීමාව (2025/2026 මූල්‍ය වර්ෂයේ ප්‍රථම අර්ධය) තුළ ශක්තිමත් මූල්‍ය කාර්යසාධනයක් වාර්තා කර ගැනීමට සමත් වී තිබේ. මෙම කාලසීමාව තුළ ප්‍රධාන ව්‍යාපාරික අංශ තුළ කැපී පෙනෙන වර්ධනයක් අත්කර ගන්නා අතරම, සිය…

(0)Comments | November 12, 2025 10:33 am

ඉතිහාසයේ පළමුවරට ලංකා සීනි සමාගමට අලෙවි ජාලයක්

ලංකා සීනි සමාගමේ දුඹුරු සීනි අලෙවි ජාලය කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (11) නුගේගොඩ දී ආරම්භ කරන ලදී. කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ලංකා සීනි සමාගම තම පැල්වත්ත සහ සෙවණගල කර්මාන්ත ශාලාවල නිෂ්පාදනය කරන තත්වයෙන් ඉහල දුඹුරු සීනි අඩු මිලට ලාංකික පාරිභෝගිකයන් වෙත ලබා දීමේ අරමුණ ඇතිව…

(0)Comments | November 12, 2025 8:19 am

රු. බිලියන 8ක පිරිවැටුමක් සමඟින් කොටස් වෙළෙඳපොළ අද තවත් ඉහළට

අද (11) කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අවසානයේ මිල දර්ශක වල ඉහළ යාමක් දක්නට ලැබුණි. එහි දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 79.57කින් ඉහළ ගොස් ඒකක 23,582.16ක් ලෙසින් සටහන් වූ අතර S&P SL 20 මිල දර්ශකය ඒකක 28.56කින් ඉහළ ගොස් ඒකක 6,528.60ක් ලෙසින් සටහන් විය. අද සමාගම් 105ක කොටස් මිල ගණන් සියලු කොටස් මිල දර්ශකයේ හැසරීමට…

(0)Comments | November 11, 2025 4:48 pm

ලංකා බැංකුවට තොරතුරු තාක්ෂණ සේවා සපයන්න පූර්ණ අනුබද්ධිත ආයතනයක්

වෙනස් වන පාරිභෝගික ඉල්ලීම්වලට ප්‍රතිචාර දැක්වීම පිණිස සහ බැංකු ක්ෂේත්‍රයේ තරගකාරිත්වය පවත්වා ගැනීම පිණිස සිය ඩිජිටල්කරණ හැකියාවන් ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව ලංකා බැංකුව විසින් හඳුනාගෙන තිබේ. එබැවින්, ලංකා බැංකුවේ තොරතුරු තාක්ෂණ මෙහෙයුම් ප්‍රශස්තකරණය සහ ඩිජිටල් පරිවර්තනයට සහාය වන තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ විසඳුම් හා සේවාවන් සපයා ගැනීම පිණිස, සුදුසුකම් ලත් තොරතුරු තාක්ෂණ වෘත්තිකයන්ගෙන් සමන්විත තොරතුරු තාක්ෂණ…

(0)Comments | November 11, 2025 2:21 pm

බන්ධනාගාරයට ලේලන්ඩ් බස්

ශ්‍රී ලංකාවේ විවිධ අධිකරණ විසින් රක්ෂිත බන්ධනාගාරගත කරනු ලබන සැකකරුවන් සහ දඬුවම් පමුණුවනු ලබන විත්තිකරුවන් සම්බන්ධයෙන් අධිකරණ සමඟ සෘජු ව සම්බන්ධ වෙමින් රාජකාරි ඉටු කිරීමේදී සහ එකී රැඳවියන්ගේ සුබසාධනය සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී බන්ධනාගාර දෙපාර්තමේන්තුවට අදාළ රාජකාරි කටයුතු කාර්යක්ෂමව පවත්වාගෙන යාම සඳහා අත්‍යවශ්‍ය වාහන පහසුකම් සපයාගැනීමේ අවශ්‍යතාව මතු ව තිබේ. ඒ අනුව, බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහා ආසන…

(0)Comments | November 11, 2025 2:17 pm

HDFC ලංකා බැංකුවට – SMIB මහජන බැංකුවට

1997 අංක 7 දරන ශ්‍රී ලංකා නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථා බැංකු පනත යටතේ සංස්ථාගත කර ඇති ශ්‍රී ලංකා නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථා බැංකුව (HDFC) කොටස් වෙළෙඳපොළෙහි ලැයිස්තුගත කර ඇති බලපත්‍රලාභී විශේෂිත බැංකුවක් වේ. නිවාස සඳහා අරමුදල් සැපයීම සහ ඊට අදාළ අනෙකුත් සේවා සැපයීම එහි මූලික අරමුණ වේ. 1975 අංක 13 දරන රාජ්‍ය උකස් හා ආයෝජන…

(0)Comments | November 11, 2025 1:45 pm