2024 දෙසැම්බර් මාසය සඳහා වන නිල දරිද්‍රතා රේඛා සටහන ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. ඒ අනුව පුද්ගලයෙකු හට අවම සිය මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා මාසයක් තුළ අවශ්‍ය කෙරෙන මුදල පසුගිය 2024 දෙසැම්බර් මාසයේ දී සටහන් වී ඇත්තේ රු. 16,191 ක් වශයෙනි. ඊට පෙර මාසයේ එනම් 2024 නොවැම්බර් මාසයේ දී මෙම අගය…
සිනමන් හොටෙල්ස් ඇන්ඞ් රිසෝට්ස්, ශ‍්‍රී ලංකා සම්මේලන කාර්යාංශය සහ ශ්රී ලංකා ගුවන් සේවය විසින් දියත් කළ ජාතික මෙහෙවරකි. ශ‍්‍රී ලංකා සම්මන්ත‍්‍රණ තානාපති වැඩසටහන (SLCAP) දියත් කරමින් අද දින ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ සදහා ප‍්‍රධාන මධ්‍යස්ථානයක් බවට මෙරට පත් කිරීමේහිලා සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කළේ ය. සිනමන් හොටෙල්ස් ඇන්ඞ් රිසෝට්ස්, ශ‍්‍රී ලංකා සම්මේලන කාර්යාංශය (SLCB) සහ ශ‍්‍රී ලංකන් ගුවන්…
මෙතෙක් ඉතිහාසයේ දෙවන වරට මාසයක් තුළ මෙරටට පැමිණි වැඩිම සංචාරකයින් සංඛ්‍යාව 2025 ජනවාරි මාසයේදී වාර්තා වී තිබේ. ඒ අනුව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සිය නවතම දත්ත වාර්තාවන් ඉදිරිපත් කරමින් පෙන්වා දෙන්නේ, 2025 ජනවාරි මාසය තුළ 252,761ක සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇති බවයි. මින් පෙර 2018 වසරේ දෙසැම්බර් මාසයේ දී මසක් තුළ වැඩිම සංචාරකයින් පිරිසක්…
අද (05) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල දැවැන්ත කඩා වැටීමක් වාර්තා විය. එහි දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 500.39 කින් පහළ ගොස් ඒකක 16,456.10 ක් ලෙසින් සටහන් වී තිබුණි. මෙය 2022 අප්‍රේල් මස 26 වන දිනෙන් පසු මෙතෙක් ඉතිහාසයේ තනි දිනක් ඇතුළත කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය පහළ ගිය වැඩිම ඒකක…
ලෝක බුද්ධිමය දේපළ සංවිධානය විසින් පරිපාලනය කරන මැඩ්රිඩ් සන්ධාන පත්‍රයට ප්‍රවේශ වීමේ කටයුතු ඉදිරියට සිදු කිරීම හා ඒ සඳහා 2003 අංක 36 දරන බුද්ධිමය දේපළ පනතට අවශ්‍ය සංශෝධන සිදු කිරීම පිණිස 2020‑02‑12 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ. ඒ අනුව, සකස් කරනු ලැබ ඇති පනත් කෙටුම්පත මෙතෙක් අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත්…
මෙරට පොල් නිෂ්පාදනය ප්‍රමාණවත් නොවීම හේතුවෙන් දේශීය පාරිභෝජනය සඳහා වෙළෙඳපොළේ උද්ගත වී ඇති පොල් හිඟයට විසඳුමක් වශයෙන් තාවකාලිකව දේශීය පොල් අස්වනු වැඩි ප්‍රමාණයක් යොදා ගැනීමට හැකි වන පරිදි, පොල් අමුද්‍රව්‍ය වශයෙන් භාවිත කරනු ලබන කර්මාන්ත සඳහා අවශ්‍ය පොල් මද හා පොල් මද ආශ්‍රිත අනෙකුත් අමුද්‍රව්‍යයන් දැනට බලාත්මකව පවතින නීතිමය විධිවිධානයන්ට අනුගතව කඩිනමින් ආනයනය කිරීමේ හැකියාව…
ශ්රී ලංකා ආයෝජන මණ්ඩලයේ ආයෝජන කලාපයන් හි මූලික ලක්ෂණ වන්නේ ආයෝජකයින් හට තම කර්මාන්ත පහසුවෙන් කරගෙන යාමට හැකි වන පරිදි සේවා හා යටිතල පහසුකම් සැපයීම ඉහල මට්ටමක පවත්වාගෙන යාමයි. විදුලිය, ජලය, අපජල ප්‍රවාහන පද්ධති මෙන්ම අභ්යන්තර ආලෝකකරණ පද්ධති සහ අභ්‍යන්තර මාර්ග පද්ධති උසස් මට්ටමේ පැවතීම ආයෝජක ආකර්ෂණය දිනා ගැනීමට හේතු වේ. මෙම අත්‍යවශ්‍ය පහසුකම් මඟින්…
විදේශ ගමන් බලපත්‍ර හිඟය මගහරවා ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද විද්වත් කමිටුවේ නිර්දේශය අනුව “පී” කාණ්ඩයේ චිපය රහිත හිස් විදේශ ගමන් බලපත්‍ර 1,100,000ක් වත්මන් සැපයුම්කරු වෙතින් සපයා ගැනීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය මේ වන විට ආරම්භ කරනු ලැබ ඇත. ඒ අනුව, මේ වන විට පවත්නා විදේශ…
විදේශ ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ ක්‍රියාවලියට අදාළව ශ්‍රී ලංකා රජය හා ජපාන රජය අතර හුවමාරු පත්‍ර සහ ශ්රී ලංකා රජය හා ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය (JICA) අතර සංශෝධන ගිවිසුම අත්සන් කිරීම ශ්‍රී ලංකා රජය විසින් නිල ණය හිමි කමිටුව සමඟ ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ සාකච්ඡා අවසන් කර අවබෝධතා ගිවිසුමකට එළඹීමෙන් අනතුරුව ජපාන රජය සමඟ පැවති ද්විපාර්ශ්වික සාකච්ඡාවලට අනුව…
ඉදිකිරීම් කටයුතු සඳහා වන ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය – 2024 දෙසැම්බර් ඉදිකිරීම් අංශයේ අඛණ්ඩ වර්ධනය පිළිඹිබු කරමින් ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය ලෙස හඳුන්වනු ලබන සමස්ත ක්‍රියාකාරකම් දර්ශකය 2024 දෙසැම්බර් මාසයේදී දර්ශකාංක 51.4ක් ලෙස වාර්තා විය. කෙසේ වෙතත්, ඉදිකිරීම් කර්මාන්තයේ වර්ධනය ඉදිරියටත් අඛණ්ඩව පවත්වා ගැනීම සඳහා වැඩි වශයෙන් මහා පරිමාණ ඉදිකිරීම් ව්‍යාපෘතිවල අවශ්‍යතාවය ප්‍රතිචාර…
Video Story