කොටස් ගනුදෙනු බද්ද මගින් රු. මිලියන 3,128 ක හෙවත් රු. බිලියන 3.12 ක බදු ආදායමක් 2024 තුළ දී එක්රැස් කර ගැනීමට හැකි වී ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ දත්ත වාර්තාවලට අනුව 2023 වසරේ දී කොටස් ගනුදෙනු බද්ද හරහා ලැබී ඇති බදු ආදායම රු. බිලියන 2.47 ක් වන අතර ඒ අනුව 2024…
ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් ආඥාපනත හා දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥාපනත යටතේ නිකුත් කරන ලද නියෝගයන්ට අනුව, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කරනු ලබන විමර්ශන කටයුතු තවදුරටත් සිදුකරගෙන යාමේ අරමුණින්, ශ්‍රී ලංකා මහ බැංකුව විසින්, පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම ප්‍රාථමික අලෙවිකරුවෙකු වශයෙන් කරනු ලබන ව්‍යාපාර කටයුතු සහ ක්‍රියාකාරකම් අත්හිටුවීම, 2025 ජනවාරි මස 05 වැනි දින ප.ව.4.30 සිට…
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මෙතෙක් ඉතිහාසයේ රැස් කරන ලද ඉහළම බදු ආදායම 2024 වර්ෂය වෙනුවෙන් රැස් කර ඇති බව නිවේදනය කර සිටී. ඒ අනුව රු. බිලියන 1,958 ක බදු ආදයමක් 2024 වසර වෙනුවෙන් වාර්තා වී ඇත. මෙය 2023 වර්ෂයට සාපේක්ෂව රු. බිලියන 392.66 ක් හෙවත් 25.1% ක වැඩිවීමකි. මෙම වාර්තාගත බදු ආදායම සඳහා වැඩිම දායකත්වය ආදායම්…
කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල දැවැන්ත පහළ යාමක් අද දිනයේ දී වාර්තා විය. එහිදී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 299.13 කින් පහළ ගිය අතර දිනයේ ගනුදෙනු අවසානයේ දී එය ඒකක 16,049.42 ක් ලෙසින් සටහන් වුණි. මේ අතර S&P SL 20 දර්ශකය දිනය තුළ ඒකක 46.05 කින් පහළ ගොස් ඒකක 4,925.82 ක් ලෙසින් වාර්තා විය….
ආරම්භයේ දී අපනයන සඳහා හඳුන්වා දෙන ලද සෙස් බද්ද මේ වන විට ආනයන සඳහා ද හඳුන්වා දී ඇති බවත්, එය ආනයනකරුවන් හමුවේ ඇති බදු අතුරින් වඩාත් නරකම බදු වර්ගය බවත්, ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු මහතා පවසයි. ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ මෙම සෙස් බද්ද ආනයන සඳහා හඳුන්වා දීම ඉතා අයහපත් ප්‍රතිඵල ගෙන දෙන්නක් බවයි. අද (03)…
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ පර්යන්ත 2024 වසරේ දී සුවිශේෂී කාර්යසාධනයක් අත්පත් කර ගැනීමට සමත් වී තිබේ. මේ පිළිබඳව ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවසන්නේ පසුගිය වසරේ දී ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ ක්‍රියාත්මක පර්යන්ත සහ සෙසු පර්යන්ත සමස්තයක් ලෙස අඩි 20 බහාලුම් (Twenty-foot Equivalent Units -TEUs) මිලියන 7.78 ක ප්‍රමාණයක් හසුරුවා ඇති බවයි. එහිදී ශ්‍රී ලංකා…
ශ්‍රී ලංකා ප්‍රාග්ධන වෙළෙඳපොළ ඉතිහාසයේ පළමු වරට කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (02) දිනයේ දී ඒකක 16,000 සීමාව ඉක්මවා යන ලදී. ඒ අනුව අද දිනය තුළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 403.94 කින් ඉහළ ගොස් ඒකක 16,348.55 ක් ලෙසින් සටහන් වූ අතර මෙය පූර්ව ගනුදෙනු දිනය හා සැසඳීමේ දී 2.53% ක වර්ධනයක්…
2018 වසරින් පසු වසරක් තුළ ශ්‍රී ලංකාවට පැමිණි වැඩිම සංචාරකයින් ප්‍රමාණය සනිටුහන් කරමින් 2024 වසර තුළ සංචාරකයින් 2,053,465ක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. 2018 වසරේ මෙරටට පැමිණි සමස්ථ සංචාරකයින් සංඛ්‍යාව දැක්වුනේ 2,333,796 ලෙසයි. 2023 වසර හා සැසදීමේ දී 2024 වසරේ සංචාරක පැමිණීමෙහි ලක්ෂ 7කට ආසන්න සැලකිය යුතු වර්ධනයක් දැක ගත…
කොළඹ කොටස් වෙළෙඳපොළ (CSE) නව ප්‍රධාන විධායක නිලධාරී ලෙස වින්ධ්‍යා ජයසේකර මහත්මිය පත් කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් කොළඹ කොටස් වෙළෙඳපොළ පවසන්නේ 2025 ජනවාරි 01 වන දින සිට වින්ධ්‍යා ජයසේකර මහත්මිය එහි ප්‍රධාන විධායක නිලධාරී තනතුරට පත්කර ඇති බවයි. මීට පෙර කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රධාන විධායක නිලධාරීවරයා වූ රජීව බණ්ඩාරනායක මහතා වසර 11 ක සේවා…
ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් 2025 වසරේ ආරම්භක දිනය වන අද (01) දින රු. මිලියන 168,000 ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් කැඳවා තිබුණි. මේ සම්බන්ධයෙන් රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව පවසන්නේ අදාළ වෙන්දේසිය සඳහා රු. මිලියන 405,775 ක ලංසු ප්‍රමාණයක් ලැබී තිබුණු බවයි. කෙසේ වෙතත් එහි දී ඉදිරිපත් කළ ලංසු ප්‍රමාණයට සමාන ප්‍රමාණයක් එනම් රු….
Video Story