Top News

සැප්තැම්බර් මාසයේ නිෂ්පාදන සහ සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක්

2025 සැප්තැම්බර් මාසයේ දී ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක මගින් නිෂ්පාදන සහ සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක් පෙන්නුම් කරයි. නිෂ්පාදන ක්‍රියාකාරකම්වල වර්ධනයක් පෙන්නුම් කරමින්, නිෂ්පාදන අංශයේ ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2025 සැප්තැම්බර් මාසයේ දී දර්ශකාංක 55.4ක අගයක් වාර්තා කළේය. මෙහිදී, සේවා නියුක්තිය හැර අනෙකුත් සියලුම උප දර්ශක කඩඉම් මට්ටමට වඩා ඉහළ අගයක පැවතුනි. සේවා අංශයෙහි ශ්‍රී ලංකා ගැනුම්…

(0)Comments | October 16, 2025 9:11 am

ඔන්ලයින් කැසිනෝවලින් කිසිදු බදු ආදායමක් නැහැ – මුදල් කාරක සභාවේ දී අනාවරණය වෙයි

සූදු නියාමන අධිකාරිය ලබන වසරේ ජූනි 30ට පෙර පිහිටුවා ලංකාවේ ක්‍රියාත්මක කැසිනෝ ආයතන විධිමත්වම නියාමනය කිරීමේ කාර්ය භාරය ආරම්භ කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙස රජයේ මුදල් පිළිබඳ කාරක සභාව ලබාදුන් නිර්දේශය ක්‍රියාත්මක කිරීමට මුදල් අමාත්‍යාංශය සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව එකඟතාව පලකරන ලදී. එමෙන්ම එම නියාමන කාර්ය පිළිබඳ විධිමත් දැනුමක් සහිත පිරිසක් අවශ්‍ය බව පෙන්වා…

(0)Comments | October 15, 2025 5:01 pm

අද භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ සාර්ථකත්වය 35%යි

ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් අද (15) දින කැඳවා තිබුණු භාණ්ඩාගාර බිල්පත් වෙන්දේයේ සාර්ථකත්වය 35%ක් පමණක් බව වාර්තා වේ. එහිදී වෙන්දේසිය සඳහා රු. මිලියන 77,500ක භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණයක් ඉදිරිපත් කර තිබුණු අතර රු. මිලියන 102,413ක ලංසු ප්‍රමාණයක් ඒ සඳහා ලැබී තිබුණි. කෙසේවෙතත් එහිදී ලංසු අනුමත කර ඇත්තේ රු. මිලියන 27,209ක භාණ්ඩාගාර බිල්පත්…

(0)Comments | October 15, 2025 4:49 pm

රන් මිල පාලනයෙන් ගිලිහෙයි. කැරට් 22 පවුම රු. 350,000 ඉක්මවයි

අද පස්වරු 1.30 පමණ වන විට හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි රත්‍රං මිල ගණන් දිනයේ දෙවන වරටත් ඉහළ යාමක් වාර්තා කර තිබෙන බව දෛනික රන් මිල ගණන් පිළිබඳ වාර්තා සපයන Gold Ceylon සමාජ මාධ්‍ය පවසයි. එහිදී ඉතිහාසයේ පළමු වරට කැරට් 22 රන් පවුමක මිල රු. 351,500ක් දක්වාත්, කැරට් 24 රන් පවුමක මිල රු. 380,000ක් දක්වාත් ඉහළ ගොස්…

(0)Comments | October 15, 2025 4:40 pm

ඉදිරි සංචාරක සමය ඉලක්ක කර ගනිමින් සංචාරකයන්ගේ පහසුකම් නැංවීමට වැඩසටහන් රැසක්

ඉදිරි සංචාරක සමය ඉලක්ක කර ගනිමින් සංචාරකයන්ගේ පහසුකම් නැංවීමට රජය වැඩසටහන් රැසක් සැලසුම් කර තිබේ. සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනයට අවශ්‍ය කඩිනම් තීන්දු තීරණ ගැනීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පත් කරන ලද විශේෂ කාර්යසාධක බලකාය දෙවන වරට ඊයේ (14) ජනාධිපති කාර්යාලයේදී රැස් වූ අවස්ථාවේදී මේ පිළිබඳ පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි. ඒ අනුව, සංචාරකයන්ට වීසා…

(0)Comments | October 15, 2025 2:36 pm

හම්බන්තොට නව පිරිපහදුව ඉක්මණින් අරඹන්නට සයිනොපැක් සමාගම අමාත්‍ය විජිත හේරත්ට පොරොන්දු වෙයි

ඇ.ඩො. බිලියන 3.7ක ආයෝජනයකින් හම්බන්තොට ප්‍රදේශයේ ආරම්භ කිරීමට නියමිත නව තෙල් පිරිපහදු ව්‍යාපෘතියේ ප්‍රගතිය සහ ව්‍යාපෘතිය පිළිබඳ නොවිසඳුනු ගැටලු සාකච්ඡා කිරීමට චීනයේ සයිනොපෙක් සමාගමේ උප සභාපති ලුයූ ලියැන්ගොං මහතා ඇතුළු දස දෙනෙකුගෙන් යුතු නියෝජිත කණ්ඩායමක් අද (15) දින විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා එම අමාත්‍යංශයේ දී මුණගැසුණි. මෙම ව්‍යාපෘතිය ආරම්භ…

(0)Comments | October 15, 2025 1:31 pm

විදේශීය ආයෝජකයින් කොළඹ වරාය සහ වරාය නගරයේ සමුද්‍රීය ආයෝජන අවස්ථා නිරීක්ෂණය කරයි

වොයේජ් ශ්‍රී ලංකා 2025 සමුද්‍රීය සමුළුවට සමගාමීව, ඉන්දියාව, සෞදි අරාබිය, ඔමානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇතුළු රටවලින් පැමිණි විදේශීය ආයෝජකයින් 10 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඔක්තෝබර් 15 වන දින කොළඹ වරාය සහ වරාය නගරය නිරීක්ෂණය කළහ. සමුද්‍රීය ආයෝජන සඳහා කේන්ද්‍රස්ථානයක් ලෙස ශ්‍රී ලංකාවේ ආයෝජනය සඳහා ඇති හැකියාව සහ අවස්ථා ප්‍රදර්ශනය කිරීම මෙම සංචාරයේ අරමුණ විය.සමුද්‍ර…

(0)Comments | October 15, 2025 12:31 pm

2025 ඔක්තෝබරයේ දින 12කදී විදෙස් සංචාරකයින් 62,000ක් මෙරටට

මෙම වසරේ ඔක්තෝබර් 12වන දින දක්වා ගත වූ කාල සීමාව තුළ මෙරටට පැමිණ ඇති සමස්ත විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 1,788,235ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. එහි නවතම දත්ත වාර්තාවලට අනුව ඔක්තෝබර් මාසයේ පළමු දින 12 තුළ දී 62,741ක සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇති බව වාර්තා වෙයි. ඔක්තෝම්බර් මාසයේ පළමු දින 12 තුළ 18,299ක වැඩිම…

(0)Comments | October 15, 2025 11:47 am

මහ බැංකුව 2025 දී රට ඇතුළෙන් ඩොලර් බිලියන 1.41ක් අරන්

ශ්‍රී ලංකා මහ බැංකුව දේශීය විදේශ විනිමය වෙළෙඳපොළෙන් 2025 පළමු මාස 09 තුළ දී ශුද්ධ වශයෙන් එක්සත් ජනපද ඩොලර් බිලියන 1,415.9ක් මිල දී ගෙන ඇති වාර්තා වේ. එහිදී දේශීය විදේශ විනිමය වෙළෙඳපොළෙන් ඩොලර් මිලියන 1,479.2ක් මිල දී ගෙන ඇති අතර ඩොලර් මිලියන 63.3ක් විකුණා දමා තිබේ. 2025 වසරේ එක් එක් මාසය තුළ දී මහ බැංකුව…

(0)Comments | October 15, 2025 11:12 am

කොළඹ කොටස් වෙළෙඳපොළ සමස්ත වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය ඉතිහාසයේ මුල් වරට රු. ට්‍රිලියන 8 ඉක්මවයි

මෙරට ප්‍රාග්ධන වෙළෙඳපොළ ඉතිහාසයේ සුවිශේෂී කඩඉමක් පසුකරමින්, කොළඹ කොටස් වෙළෙඳපොළ සමස්ත වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණ වටිනාකම අද (14) දිනයේ දී රු. ට්‍රිලියන 8 සීමාව ඉක්මවා යන ලදී. මේ අතර සියලු කොටස් මිල දර්ශකයේ ඉහළම අගයේ වාර්තාව යළිත් වරක් අලුත් කරමින් අද දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 22,372.57 ක් දක්වා ඉහළ ගිය අතර…

(0)Comments | October 14, 2025 7:19 pm

Video Story

Stock Market

Exchange Rates