Top News

ජනාධිපති නීතීඥ මෛත්‍රී එවන් වික්‍රමසිංහ ශ්‍රී ලංකා මහ බැංකුවේ පාලක මණ්ඩලයට

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිතුමා විසින් ජනාධිපති නීතීඥ මෛත්‍රී එවන් වික්‍රමසිංහ මහතා 2025 ඔක්තෝබර් 02 වැනිදා සිට බලාත්මක වන පරිදි ශ්‍රී ලංකා මහ බැංකුවේ පාලක මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙස පත් කර ඇත. 2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනත ප්‍රකාරව, ශ්‍රී ලංකා මහ බැංකුවේ පරිපාලනමය සහ කළමනාකරණ කටයුතු පාලනය කිරීමට සහ ශ්‍රී ලංකා…

(0)Comments | October 13, 2025 9:11 am

වත්මන් රජය යටතේ මෙරටට පැමිණෙන ආයෝජන සුරක්ෂිතයි

වත්මන් රජය යටතේ මෙරටට පැමිණෙන ආයෝජකයන්ගේ සහ ආයෝජනවල සුරක්ෂිතභාවය තහවුරු කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය. මෙරට ආයෝජන සඳහා ඇති අවස්ථා, ව්‍යාපාරික පරිසරය සහ නීතිමය තත්ත්ව පිළිබඳ අධ්‍යයනය කිරීමේ අරමුණින් ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත ඇමරිකානු ව්‍යාපාරික නියෝජිතයින් පිරිසක් සමඟ පසුගිය දා (11) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ බව…

(0)Comments | October 13, 2025 8:37 am

ඉතිහාසය අලුත් කරමින් කොටස් වෙළෙඳපොළ අදත් ඉහළට

කොළඹ කොටස් වෙළෙඳපොළ අද (10) දිනයේ දී නැවත වරක් සිය ඉහළම අගයේ වාර්තාව අලුත් කරමින්, සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 22,318.72 ක් දක්වා ඉහළ යන ලදී. මෙහිදී දිනය තුළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 143.98ක වර්ධනයක් අත්පත් කර ගැනීමට සමත් වූ අතර එය පෙර දිනයට සාපේක්ෂව 0.65% ක් වැඩිවීමක් වේ. මේ අතර S&P SL20…

(0)Comments | October 10, 2025 5:42 pm

Voyage Sri Lanka 2025 සමුළුව ඔක්තෝබර් 16 දා කොළඹ දී

ලියාපදිංචිය තව දින 4කින් අවසන් Voyage Sri Lanka 2025 සමුළුවේ ලියාපදිංචිය සඳහා ඉතිරිව ඇත්තේ තවත් දින හතරක් පමණි. ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් සංවිධානය කරන මෙම ජාත්‍යන්තර සාමුද්‍රීය සමුළුව, Voyage Sri Lanka 2025, සඳහා තවත් සීමිත ආසන ගණනක් ඉතිරිව තිබෙන අතර, ව්‍යවසායකයින්ට, ආයෝජකයින්ට, ක්ෂේත්‍රයේ විශේෂඥයින්ට මෙන්ම නව ව්‍යාපාරික අවස්ථා සොයා යන්නවුන්ට මෙම සමුළුව…

(0)Comments | October 10, 2025 4:26 pm

ශ්‍රී ලංකාව ප්‍රථම වරට කීර්තිමත් ලෝක අලෙවිකරණ සම්මන්ත්‍රණයේ සත්කාරකත්වය දරයි

ශ්‍රී ලංකාව ප්‍රථම වරට කීර්තිමත් ලෝක අලෙවිකරණ සංසදයේ (WMF) සම්මන්ත්‍රණය සඳහා සත්කාරකත්වය දරන බව ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) නිවේදනය කරයි. කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ අනුමැතිය ඇතිව, මෙම සන්ධිස්ථානය රටට තීරණාත්මක අවස්ථාවක් සනිටුහන් කරන අතර, ලෝක මට්ටමේ සම්මන්ත්‍රණ, ගෝලීය අලෙවිකරණ අංශයේ නායකත්වය සහ දේශසීමා සහයෝගීතාව සඳහා විශ්වාසදායක සහ සුදුසුම මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රී ලංකාවේ කීර්තිය…

(0)Comments | October 10, 2025 9:30 am

කොටස් වෙළෙඳපොළෙන් අද රු. බිලියන 13 ඉක්මවූ වාර්තාගත පිරිවැටුමක්

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (09) දිනයේ දී යළිත් වරක් ඉතිහාසයේ ඉහළම වාර්තාව අලුත් කරමින් ඒකක 22,174.74 ක් ලෙසින් දිනයේ ගනුදෙනු අවසානයේ දී සටහන් වුණි. එහිදී සියලු කොටස් මිල දර්ශකයේ ඒකක 76.75ක වර්ධනයක් අද දින වාර්තා විය. කෙසේවෙතත් S&P SL20 දර්ශකයේ ඒකක 0.84ක සුළු සෘණ වර්ධනයක් වාර්තා වූයේ අඛණ්ඩව දෙවන දිනටත් එහි…

(0)Comments | October 9, 2025 4:50 pm

ශ්‍රී ලංකා මහ බැංකුව 2025 වසර සඳහා මූල්‍ය ස්ථායීතා විවරණය නිකුත් කරයි

2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනතේ 70 වැනි වගන්තිය ප්‍රකාරව ශ්‍රී ලංකා මහ බැංකුව 2025 වසර සඳහා සිය වාර්ෂික මූල්‍ය ස්ථායීතා විවරණය නිකුත් කළේය. මෙම ව්‍යවස්ථාපිත වාර්තාව තුළ මූල්‍ය පද්ධති ස්ථායීතාව පිළිබඳ තක්සේරුවක් සහ ඒ හා සම්බන්ධ අවදානම් සහ දුර්වලතා හඳුනා ගැනීම සහ ඇගයීමක් ද ඇතුළත් වේ. තවද, මහ බැංකුව සහ අනෙකුත්…

(0)Comments | October 9, 2025 2:40 pm

2026 අයවැය ගැන IMF සීරුවෙන්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ශ්‍රී ලංකාව එළඹ ඇති විස්තීර්ණ ණය පහසුකම (EFF) පිළිබඳ පස්වන සමාලෝචනය සඳහා ශ්‍රී ලංකා බලධාරීන් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට එළඹි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අද (09) නිවේදනය කර සිටියේය. මේ පිළිබඳ දැනුම් දීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී Evan Papageorgiou මහතාගේ ප්‍රධානත්වයනේ…

(0)Comments | October 9, 2025 12:46 pm

ශ්‍රී ලංකාව IMF සමඟ පස්වැනි සමාලෝචනයේ කාර්යමණ්ඩල මට්ටමේ එකඟතාවයකට එළඹෙයි

ශ්‍රී ලංකාව සඳහා වන විස්තීර්ණ ණය පහසුකම (EFF) පිළිබඳ පස්වන සමාලෝචනය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සහ ශ්‍රී ලංකා බලධාරීන් අතර කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණ තිබේ. ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ අරමුදල් පහසුකම මඟින් ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ වැඩසටහනේ පස්වන සමාලෝචනය සාර්ථකව අවසන් කර ඇත. IMF විධායක මණ්ඩලය විසින් මෙම සමාලෝචනය අනුමත කළ පසු,…

(0)Comments | October 9, 2025 11:32 am

නව රජයේ විනිවිදභාවය IMF නියෝජිතයන්ගේ පැසසුමට

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය සහ IMF නියෝජියන් අතර විශේෂ හමුවක් ඊයේ (08) කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය ප්‍රධාන ශ්‍රවණාගාරයේදී පැවැත්විණ. මෙම හමුවේදී 2030 වසර වන විට කර්මාන්ත අමාත්‍යාංශය සතු ඉලක්ක සහ උපාය මාර්ග පිළිබඳ පුළුල් විශ්ලේෂණයක් IMF නියෝජියන් වෙත ඉදිරිපත් කළ අතර මෙහිදී, දළ දේශීය නිෂ්පාදනයට (GDP) කාර්මික සහ නිෂ්පාදන දායකත්වය වැඩි කිරීම සහ…

(0)Comments | October 9, 2025 11:15 am

Video Story

Stock Market

Exchange Rates