Top News

ජනපති සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් අතර සාකච්ඡාවක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් අතර සාකච්ඡාවක් අද (07) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හයවෙනි වාරිකය ලබා දීමට පෙර පැවැත්වෙන පස්වැනි සමාලෝචනයේ මධ්‍යම අදියර වෙනුවෙන් මෙම සාකච්ඡාව පැවැත්විණි. ආර්ථික වශයෙන් බංකොලොත් වී තිබූ රට ඉන් මුදා ගෙන සංවර්ධනය කරා රැගෙන යාම රජයේ ප්‍රධාන අරමුණක් බවත්,…

(0)Comments | October 7, 2025 4:55 pm

NITC 2025 සඳහා ඩිජිටල් ආර්ථික අමාත්‍යංශය නිල වශයෙන් එක් වේ

ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය (MoDE) ශ්‍රී ලංකා පරිගණක සංසදය (CSSL) සමඟ එක්වෙමින් , ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තන අරමුණු ඉදිරියට ගෙන යාම වෙනුවෙන් තැබූ සුවිශේෂී පියවරක් ලෙස NITC 2025 සම්මන්ත්‍රණය සැලකේ. මෙම අවස්ථාවට ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ උපදේශක සුමුදු රත්නායක, CSSL උප සභාපති ඉන්දික ද සොයිසා, සහ NITC 2025 සම්මන්ත්‍රණයේ සභාපති ආචාර්‍ය…

(0)Comments | October 7, 2025 3:05 pm

ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථාවත් වීම තවමත් අසම්පූර්ණයි – ලෝක බැංකුව පවසයි

දිගුකාලීන වර්ධනය සඳහා ඉක්මන් ව්‍යූහාත්මක ප්‍රතිසංස්කරණ අත්‍යාවශ්‍යයි ශ්‍රී ලංකාවේ මෑත කාලීන ආර්ථික ක්‍රියාකාරිත්වය ශක්තිමත් මට්ටමක පවතින බව ලෝක බැංකුව පවසයි. කෙසේවෙතත් ශ්‍රී ලංකා ආර්ථිකය යථා තත්ත්වයට පත්වීම මේ දක්වා අසම්පූර්ණව පවතින බවත්, ආර්ථික වර්ධනය තවමත් අර්බුදයට පෙර මට්ටමට වඩා පහළින් පවතින බව ද ලෝක බැංකුව වැඩිදුරටත් පෙන්වා දේ. ශ්‍රී ලංකාවේ සංවර්ධන යාවත්කාලීන කිරීම් (SRI LANKA…

(0)Comments | October 7, 2025 1:14 pm

ජාත්‍යන්තර සංචාරක නායකයන්ගේ සමුළුව ජනපතිගේ ප්‍රධානත්වයෙන් සාර්ථකව පැවැත්වේ

එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක සංවිධානයේ (UNWTO) “සංචාරක කර්මාන්තය සහ තිරසාර පරිවර්තනය” යන තේමාව මුල් කර ගත් 2025 ලෝක සංචාරක දිනය වෙනුවෙන් සංවිධානය කළ International Tourism Leaders’ Summit බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී සාර්ථකව අවසන් විය. කර්මාන්ත නායකයන්, ප්‍රතිපත්ති සම්පාදකයන්, ශාස්ත්‍රීය විශේෂඥයන්, ගෝලීය සහකරුවන් ඇතුළු පාර්ශ්ව රැසකගේ සහභාගිත්වයෙන් එය පැවැත්විණි. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාද ඊට…

(0)Comments | October 7, 2025 10:22 am

ජාත්‍යන්තර සංචාරක පර්යේෂණ සමුළුවේ දස වන අදියර කොළඹදී සාර්ථකව අවසන් වෙයි

ජාත්‍යන්තර සංචාරක පර්යේෂණ සමුළුවේ (ITRC) දස වන අදියර ඔක්තෝබර් 1  බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අති සාර්ථක අන්දමින් පැවැත්විණි. ජාත්‍යන්තර මහාචාර්යවරු, විද්වත්හු සහ කර්මාන්ත විශේෂඥයෝ 30කට වැඩි පිරිසක් ඊට සහභාගී වූහ. 2025 ලෝක සංචාරක දිනයට සමගාමීව පැවැත්වුණු එය මෙරට ශාස්ත්‍රීය සංචාරක ක්ෂේත්‍රයේ සුවිශේෂ සන්ධිස්ථානයකි. මහාචාර්ය ඩී. ඒ. සී. සුරංග සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ විශ්ව විද්‍යාලයීය…

(0)Comments | October 7, 2025 10:03 am

5G සංඛ්‍යාත වෙන්දේසිය පිළිබඳ දැනුම් දීමක්

අද (03) දින තොරතුරු තාක්ෂණ නියෝජිත ආයතනයේ දී පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකදී, 2025 සංඛ්‍යාත වෙන්දේසිය සඳහා අවශ්‍ය 5G අවසාන පැවරීම පිළිබඳ නිවේදනය (Notice of Assignment – NoA) ප්‍රකාශයට පත් කරන ලදී. මෙම අවස්ථාවට ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරතන, ඩිජිටල් ආර්ථික අමාත්‍යංශයේ වැඩබලන ලේකම්, විදුලි සංදේශ නියාමන කොමිසන් සභාවේ සභාපති වරුන ධනපාල, විදුලි සංදේශ නියාමන…

(0)Comments | October 3, 2025 4:47 pm

ලෝක බැංකු නියෝජිත පිරිසක් සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ප්‍රධාන මූල්‍ය අධීක්ෂණ කාරක සභා අතර සාකච්ඡා

ලෝක බැංකුවේ මෙරට කළමනාකරු ගෙවෝර්ග් සාර්ගසියාන් (Gevorg Sargsyan) මහතාගේ නායකත්වයෙන් යුත් ලෝක බැංකු නියෝජිත කණ්ඩායමක් 2025.09.25 වන දින රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සහ එහි සාමාජිකයින් හමුවී සාකච්ඡාවක් පැවැත්වූහ. අනතුරුව  කණ්ඩායම පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (COPE) සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර; රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ…

(0)Comments | October 3, 2025 4:27 pm

කොළඹ කොටස් වෙළෙඳපොළ ඓතිහාසික කඩඉමක් පසුකරයි

ඉතිහාසයේ මුල් වරට සියලු කොටස් මිල දර්ශකය ඒකක 22,000 ඉක්මවද්දී අද රු. බිලියන 10ට ආසන්න පිරිවැටුමක් මෙරට ප්‍රාග්ධන වෙළෙඳපොළ ඉතිහාසයේ තවත් සුවිශේෂී කඩඉමක් පසුකමින්. කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (03) දිනයේ දී ඒකක 22,000 සීමාව අතික්‍රමණය කිරීමට සමත්විය. ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය පෙර දිනයට සාපේක්ෂව ඒකක…

(0)Comments | October 3, 2025 3:31 pm

ජාතික ඉතිරිකිරීමේ බැංකුව මහා භාණ්ඩාගාරයට රු. බිලියන 6ක ලාභාංශයක් ප්‍රදානය කරයි

රටේ ප්‍රමුඛතම රාජ්‍ය ඉතුරුම් බැංකුවක් වන ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ (NSB) අධ්‍යක්ෂ මණ්ඩලය, එහි එකම කොටස් හිමියා වන මහා භාණ්ඩාගාරය වෙත රුපියල් බිලියන 6 ක ලාභාංශයක් අනුමත කර ඇත. 2024 වසර සඳහා රුපියල් බිලියන 28.5 ක බදු පෙර ලාභයක් (PBT) සහ 2025 වසරේ පළමු භාගය සඳහා රුපියල් බිලියන 25.5 ක බදු පෙර ලාභයක් (PBT) වාර්තා කරමින්…

(0)Comments | October 3, 2025 11:58 am

ASPI ඉතිහාසයේ මුල්වරට ඒකක 22,000 සීමාවට පැමිණෙයි

කොළඹ කොටස් වෙළඳපොළ ප්‍රධාන මිල දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය අද (03) පෙරවරුවේ දී ඒකක 22,000 සීමාව ඉක්මවීමට සමත්විය. දෛනික ගනුදෙනු සැසියක් අතරවාරයේ දී ඒකක 22,000 සීමාවට සියලු කොටස් මිල දර්ශකය පැමිණි ඉතිහාසයේ පළමු අවස්ථාව මෙයයි. අද පෙරවරු 09.35ට පමණ මෙලෙස මෙම සුවිශේෂී මංසළකුණ අතික්‍රමණය කිරීමට සියලු කොටස් මිල දර්ශකයට හැකියාව ලැබිණ. ඒ වන…

(0)Comments | October 3, 2025 11:18 am

Video Story

Stock Market

Exchange Rates