2024 වසරේ මුල් මාස 11 අවසානයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රධාන මිල දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය 23.79% ක වර්ධනයක් අත්පත් කර ගැනීමට සමත්ව තිබේ. S&P SL20 දර්ශකයට අනුව මෙම කාලපරිච්ඡේදය තුළ වර්ධනය 27.27% කි. මේ අතර 2024 නොවැම්බර් මාසයේ අවසාන වෙළෙඳපොළ දිනයට අද (29) දින කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ක්‍රියාත්මක වූ අතර එහිදී දිනය…
කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කරන ලද කෙටි කාලීන උද්ධමන පුරෝකථන හා අනුකූලව, අඛණ්ඩව තෙවන මාසයටත් ඍණ අගයක පවතිමින් 2024 ඔක්තෝබර් මාසයේ දී වාර්තා වූ සියයට 0.8ක අවධමනයට සාපේක්ෂව 2024 නොවැම්බර් මාසයේ දී සියයට 2.1ක අවධමනයක් වාර්තා කළේය. වාර්ෂික ලක්ෂ්‍යමය…
කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගම් 5කට කොළඹ කොටස් වෙළෙඳපොළ විසින් අවවාදාත්මක දැනුම් දීමක් කර තිබේ. 2024 මාර්තු 31න් අවසන් මූල්‍ය වර්ෂයට අදාළ වාර්ෂික වාර්තාව කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත මේ දක්වා ඉදිරිපත් කිරීමට අපොහොසත් වීම හේතුවෙන් මෙම දැනුම් දීම සිදුකර ඇත. කොළඹ කොටස් වෙළෙඳපොළ පවසන්නේ අදාළ සමාගම් විසින් 2024 දෙසැම්බර් 06 වන දින වන විට අදාළ…
ඉදිකිරීම් අංශයෙහි ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය ලෙස හඳුන්වනු ලබන සමස්ත ක්‍රියාකාරකම් දර්ශකය 2024 ඔක්තෝබර් මාසයේදී දර්ශකාංක 54.3ක් දක්වා ඉහළ ගොස් ඇත. මැතිවරණ සමයේ පැවති අවිනිශ්චිතතා පහව යෑමත් සමගම මෙම මාසයේ දී ඉදිකිරීම් ව්‍යාපෘතිවල මෙහෙයුම් වේගවත් වූ බව සමීක්ෂණයට ප්‍රතිචාර දැක්වූ බොහෝ දෙනෙක් සඳහන් කරයි. ඉදිරි කාලය සඳහා නව ඉදිකිරීම් කටයුතු පැවතීම පිළිබිඹු කරමින් නව…
මෙහෙයුම් විශිෂ්ටත්වය සහ කැපවීම යන දෙඅංශයම පිළිබිඹු කරමින්, නයින්වෙල්ස් රෝහල විසින් කළමනාකරණය කරනු ලබන NW Logistics and Management හි ඉන්ධන පිරවුම්හල ඉන්ධන බෙදා හැරීමේ සුවිශේෂී සන්ධිස්ථානයකට ළඟා වී තිබේ. මෙම ඉන්ධන පිරවුම්හල 2024 වර්ෂයේ ඔක්තෝබර් මාසයේදී කොළඹ දිස්ත්‍රික්කය තුළ ඉහළම ඉන්ධන අලෙවිය සහ මුළු දිවයිනේම දෙවැනි ඉහළතම ඉන්ධන අලෙවිය වාර්තා කළේය. මෙහි මෙහෙයුම් කටයුතු සම්පූර්ණයෙන්ම සිදු කරනු ලබන්නේ දක්ෂ සහ කැපවීමෙන් යුත්…
අද (28) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල කැපීපෙනෙන ඉහළ යාමක් දක්නට ලැබුණි. එහිදී ප්‍රධාන දර්ශකය වන සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 114.50 කින් ඉහළ ගොස් දිනයේ ගනුදෙනු අවසානයේ දී ඒකක 13,164.33 ක් ලෙසින් සටහන් වූ අතර S&P SL20 ඒකක 41.97කින් ඉහළ ගොස් ඒකක 3,918.58 ක් ලෙසින් සටහන් විය. අද දිනයේ කැපීපෙනුනු කරුණ…
2024 නොවැම්බර් මාසයේ මුල් දින 26 තුළ දී මෙරටට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව 156,174ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. 2023 වසරේ නොවැම්බර් මාසයේ මෙරටට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව දැක්වුනේ 151,496ක් ලෙසිනි. මේ අනුව 2024 වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 1,776,889 ක් ලෙස දක්වා ඉහළ ගොස් තිබේ. 2024 නොවැම්බර් මාසයේ…
ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන Moody’s Ratings විසින් ශ්‍රී ලංකාවේ ඉදිරි ස්වෛරී ණය ශ්‍රේණිගත කිරීම වෙනුවෙන් වැඩිදියුණු කිරීමක් සඳහා සමාලෝචනය කරනු ලබන බව වාර්තා වේ. ශ්‍රී ලංකාවේ විදෙස් ණය ප්‍රතිව්‍යූහගතකරණයට අදාළව සිදුකෙරනු ලබන ස්වෛරී බැඳුම්කර හුවමාරුවේ දී නිකුත් කිරීමට නියමිත නව බැඳුම්කර කාණ්ඩයන් වෙනුවෙන් Caa1 ශ්‍රේණිගත කිරීම ලබා දීමට මේ අනුව පියවර ගන්නා ලබන…
– 2025 දී විවෘත කෙරෙන දකුණු ආසියානු ඒකාබද්ධ කාර්යාල 20හි සත්කාරක රටක් ලෙස ශ්‍රී ලංකාවද එක් වෙයි – ශ්‍රී ලංකාව දිළිදුකම පිටුදැකීම, ඩිජිටල්කරණය සහ ආර්ථික වර්ධනය කෙරෙහි අවධානය යොමු කරයි – උතුර සහ නැගෙනහිර පළාත්වල අධ්‍යාපන සහ සෞඛ්‍ය ක්ෂේත්‍ර ඉහළ නැංවීමට ද අවධානය ශ්‍රී ලංකාවේ අනාගත සංවර්ධන ප්‍රමුඛතා පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා…
හැටන් නැෂනල් බැංකු සමූහය 2024 වසරේ පළමු මාස නවය සඳහා රු. බිලියන 23.7 ක බදු පසු ලාභයක් (PBT) වාර්තා කර ඇති අතර එය පසුගිය වසරේ අදාල කාල පරිච්ඡේදයට සාපේක්ෂව 26%ක වර්ධනයකි. මේ අතර 2024 සැප්තැම්බර් මාසයෙන් අවසන් වූ මාස නවය සඳහා බැංකුවේ බදු පසු ලාභය 34% කින් වර්ධනය වී රු. බිලියන 22.2ක් විය. බැංකුවේ මූල්‍ය…