Top News

ඩිජිටල් මූල්‍යකරණය මෙහෙයවීම සහ ශ්‍රී ලංකාව කලාපීය ඩිජිටල් මධ්‍යස්ථානය ලෙස ගොඩනැගීමේ පළමු පියවර වශයෙන්, ශ්‍රී ලංකා ෆින් ටෙක් සමුළුව 2025 ඇරඹේ

2025 සැප්තැම්බර් 24 දින “ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකය බලගැන්වීම: මූල්‍ය ඇතුළත් කිරීම සහ වර්ධනය මෙහෙයවන නවෝත්පාදන” යන තේමාව යටතේ ගෝලීය මූල්‍ය විශේෂඥයින්, ප්‍රමුඛ පෙළේ නවෝත්පාදකයින්, ආයෝජකයින්, ආරම්භකයින් සහ ප්‍රතිපත්ති සම්පාදකයින් එකම වේදිකාවක් මතට ගෙන එමින් ශ්‍රී ලංකා ෆින් ටෙක් සමුළුව 2025 බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවෙදී (BMICH) හිදී පැවැත්විණ. ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සහ මුදල් අමාත්‍යාංශය,…

(0)Comments | September 25, 2025 2:36 pm

2025 ලෝක සංචාරක දිනය සමරමින් තාරුණ්‍යය, තිරසාරත්වය හා ගෝලීය නායකත්වය සමග Sri Lanka Tourism Expo ඇරැඹේ

පුළුල් පරාසයක විහිදුණු වැඩසටහන් මාලාවක් (Sri Lanka Tourism Expo) සමග 2025 ලෝක සංචාරක දිනය සැමරීමට ශ්‍රී ලංකාව සූදානම් වේ. එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක ආයතනය (UNWTO) ප්‍රකාශයට පත් කළ ‘සංචාරක කර්මාන්තය සහ තිරසාර පරිවර්තනය’ යන තේමාව යටතේ සංවිධානය කරන එම වැඩසටහන් මාලාව තුළින් සංචාරක ක්ෂේත්‍රයේ අනාගතය උදෙසා තරුණ පරපුර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ආදී අංශවල…

(0)Comments | September 25, 2025 11:10 am

ඔක්තෝබර් මාසයේ සංචාරය කරන්න ලොව හොඳම රට ලංකාව

ලොව හොඳම සංචාරක ස්ථාන පිළිබඳ තොරතුරු ඉදිරිපත්කරන සඟරාවක් වන බ්‍රිතාත්‍යයේ ‘ටයිම් අවුට්’ නිකුත්කළ නවතම අනාවරණයට අනුව ඔක්තෝබර් මාසයේ සංචාරය කිරීමට ලොව හොඳම ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාව නම්කර ඇත. ශ්‍රී ලංකාවේ උණුසුම් නිවර්තන දේශගුණය, සංස්කෘතික උරුමයන් සහ ස්වාභාවික භූ දර්ශන මෙහිදී සැලකිල්ලට ගෙන තිබේ. තවද එම සඟරාව දිවයින වටා ඇති ආකර්ශණීය වෙරළ තීරයන් සහ කඳු නැගීම…

(0)Comments | September 25, 2025 9:22 am

රු. බිලියන 18කට HSBC ශ්‍රී ලංකා සිල්ලර බැංකු මෙහෙයුම් අත්පත් කර ගැනීමට නේෂන්ස් ට්‍රස්ට් බැංකුව සැරසෙයි

මෙරට ලැයිස්තුගත වානිජ බැංකුවක් වන නේෂන්ස් ට්‍රස්ට් බැංකුව (NTB) විසින් HSBC ශ්‍රී ලංකාවේ සිල්ලර බැංකු මෙහෙයුම් රුපියල් බිලියන 18 කට අත්පත් කර ගැනීම සඳහා ගිවිසුමකට අත්සන් කරන බව නිවේදනය කර සිටී. ඊයේ (23) දිනයේ දී නේෂන්ස් ට්‍රස්ට් බැංකු අධ්‍යක්ෂ මණ්ඩලය මේ සඳහා අනුමැතිය ලබා දී ඇති අතර ඊට අදාළ ගිවිසුම සඳහා අද දිනයේ දී එළඹ තිබේ….

(0)Comments | September 24, 2025 4:45 pm

ශ්‍රී ලංකාවේ නීල ආර්ථිකයේ විභාවතාවයන් අනාවරණය කෙරෙන “VOYAGE SRI LANKA 2025” සමුද්‍රීය සමුළුව කොළඹ දී

ශ්‍රී ලංකාවේ නීල ආර්ථිකයේ විභාවතාවයන් අනාවරණය කෙරෙන “VOYAGE SRI LANKA 2025″ සමුද්‍රීය සමුළුව නීල ආර්ථික (BLUE ECONOMY) ක්ෂේත්‍රයේ ගෝලීය නායකයින්, ප්‍රතිපත්ති සම්පාදකයින්, ආයෝජකයින් හා වෘත්තියවේදීන් ගේ සහභාගිත්වයෙන් යුතුව ලබන මස (ඔක්තෝබර්) 16 වන දින කොළඹ කින්ග්ස්බරි හෝටල් පරිශ්‍රයේ දී පැවැත්වෙනු ඇත. ශ්‍රී ලංකාවේ නීල ආර්ථිකයේ (Blue Economy) අනාගතය හැඩගස්වන නව්‍ය විසදුම් හා ආයෝජන අවස්ථා ගවේෂණය…

(0)Comments | September 24, 2025 3:18 pm

2025 Fintech සමුළුවේදී HNB සහ VISA එක්ව HNB Accept නමින් නව ජංගම ගෙවීම් විශේෂාංගයක් හඳුන්වා දෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව Visa සමඟ එක්ව HNB ජංගම බැංකුකරණ යෙදවුමට (app) ‘’HNB Accept’’ නමින් නව විශේෂාංගයක් හඳුන්වා දී ඇත. මෙම නව විශේෂාංගය මඟින් ඕනෑම ස්මාර්ට් ජංගම දුරකථනයක් ආරක්ෂිත ජංගම ගෙවීම් පිළිගැනීමේ point-of-sale (mPOS) යන්ත්‍රයක් ලෙස භාවිතා කිරීමට ඉඩ සලසයි. මේ සමඟින් සෑම HNB පාරිභෝගිකයෙකුටම දැන් ඩිජිටල් ගෙවීම් පහසුවෙන්…

(0)Comments | September 24, 2025 3:17 pm

IMF මීළග වාරිකය ලැබෙන දිනය ගැන මහ බැංකු අධිපතිගෙන් ඉඟියක්

2026 වසරට අදාල අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම මගින් සහාය දක්වන ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවට හිමිවීමට නියමිත මීළඟ වාරිකය මෙරටට ලැබීමට නියමිත බව මහ බැංකු අධිපති ආචාරිය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. ඔහු මේ බව පවසා සිටියේ අද (24) පෙරවරුවේ මහ බැංකුවේ පැවති මුදල් ප්‍රතිපත්ති විවරණය…

(0)Comments | September 24, 2025 2:59 pm

ශ්‍රීලංකන් ගුවන් සේවය ස්ථාවරත්වය, වර්ධනය හා තිරසාරත්වය ඔස්සේ ඉදිරියටම

ශ්‍රීලංකන් ගුවන් සේවය සිය නව පස් අවුරුදු ක්‍රමෝපායික සැලැස්ම දියත් කිරීමට සමගාමීව නව ඉදිරි ගමනක ආරම්භය සනිටුහන් කර තිබේ. මෙය වාණිජ අභිලාෂයන් මෙන්ම මෙහෙයුම් විශිෂ්ටත්වය, හවුල්කරුවන්ගේ දායකත්වය සහ පරිසර හිතකාමීත්වය එක්තැන් කරන සුවිශේෂී  සන්ධිස්ථානයක් වනු ඇත. විශේෂයෙන්ම පසුගිය වසරක කාලය තුළ ශ්‍රීලංකන් ගුවන් සේවය එහි වත්මන් නායකත්වය යටතේ ගුවන් යානා එකතුව ප්‍රශස්ත ලෙස කළමනාකරණය කිරීම,…

(0)Comments | September 24, 2025 1:07 pm

ආසියා පැසිෆික් කලාපය සාධාරණ ජීවන වැටුප් ප්‍රතිපත්ති සමඟ ඉදිරියට

ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ මූලධර්මවලට අනුකූලව සාධාරණ හා සියලු දීමනා ඇතුළත් වැටුප් නියම කිරීම සඳහා වන කැපවීම කලාපීය සංවාදයක් මගින් ශක්තිමත් කෙරේ ජාත්‍යන්තර කම්කරු සංවිධානය (ILO) විසින් සංවිධානය කළ කලාපීය සංවාදයකට සහභාගී වූවන් ප්‍රකාශ කළේ, සියලු පාර්ශ්ව එකට එක්වී කරන සමාජ සංවාදය සහ සාක්ෂි මත පදනම් වූ වැටුප් ක්‍රමවේදයන් යොදා ගනිමින්, ජීවන වැටුප් යථාර්ථයක් බවට පත්…

(0)Comments | September 24, 2025 10:59 am

මුදල් ප්‍රතිපත්තිය ස්ථාවරයි

ඊයේ (23) දින පැවති මුදල් ප්‍රතිපත්ති මණ්ඩල රැස්වීමේ දී මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය නොවනස්ව තවදුරටත් පවත්වා ගැනීමට තීරණය කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය (OPR) සියයට 7.75 මට්ටමේ නොවෙනස්ව පවතිනු ඇත. දේශීය හා ගෝලීය ප්‍රවණතා ඉතා දැඩිව සලකා බැලීමෙන් පසුව මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය මෙම තීරණයට එළඹ…

(0)Comments | September 24, 2025 7:41 am

Video Story

Stock Market

Exchange Rates