ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන S&P Global Ratings විසින් ශ්‍රී ලංකාවේ දිගු කාලීන හා කෙටි කාලීන විදේශ විනිමය ස්වෛරී ණය ශ්‍රේණිය ‘SD/SD’ සිට ‘CCC+/C’ දක්වා ඉහළ නංවා තිබේ. ස්වෛරී බැඳුම්කර ඇතුළු ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ණය පසුගිය වකවානුවේ දී සාර්ථක ලෙස ප්‍රතිව්‍යූහගත කිරීමෙන් පසු Fitch Ratings සහ Moody’s යන ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන දෙක…
කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ ප්‍රධාන මිල දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකයේ, මෙතෙක් ඉතිහාසයේ සනිටුහන් වූ ඉහළම අගය අද (19) දිනයේ දී වාර්තා විය. එහිදී දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 21,085.09ක් ලෙසින් සටහන් වූ අතර එය පසුගිය සැප්තැම්බර් 01 දින වාර්තා වී තිබූ ඒකක 21,062.45 වාර්තාව යළි අලුත් වීමකි. අද…
2025 වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 1,656,916ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. එම අධිකාරිය නිකුත් කරනු ලැබූ නවතම නිල දත්තා වාර්තාවන්ට අනුව සැප්තැම්බර් මාසයේ පලමු දින 17 තුළ පමණක් 90,393 ක සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇත. සැප්තැම්බර් මාසයේ පළමු දින 17 තුළ වැඩිම සංචාරක පැමිණීමක් වාර්තා වී ඇති රට…
මෙරට පක්ෂ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ධාරිතා සංවර්ධන නියෝජිත කණ්ඩායම සමඟ සාකච්ඡාවක් පසුගිය දා පැවැත්විණි. ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක විදුලිබල අංශයේ ප්‍රතිසංස්කරණ මූල්‍ය ස්ථාවරත්වය, තිරසාරභාවය සහ පාරිභෝගික ආරක්ෂාව සමඟ පෙළගැස්වීමේ හදිසි අවශ්‍යතාවය ඉස්මතු කරමින්, ප්‍රතිපත්ති සම්පාදකයින් සහ විශේෂඥයින් විනිවිද බවින් යුක්ත විදුලි ක්ෂේත්‍රයක් සඳහා පිරිවැය ආපසු ලබාගැනීම සහ පිරිවැය ගාස්තු සමබර කිරීම ප්‍රතිපත්තිමය…
“Disrupt Asia 2025” ප්‍රධාන සමුළුව ජනපති ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නව ව්‍යවසායක සමුළුවක් සහ නවෝත්පාදන උළෙල වන “Disrupt Asia 2025හි ප්‍රධාන සමුළුව ඊයේ (18) කොළඹ සිනමන් ලයිෆ් හෝටලයේදී පැවැත්වුණු අතර, එම සමාරම්භක අවස්ථාවේ ප්‍රධාන ආරාධිතයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහභාගිවිය. රටවල් 20ක පමණ ව්‍යාපාරිකයින් සහ ආයෝජකයින් එක්ව සිටින Disrupt Asia 2025 සැප්තැම්බර් 17…
ඖෂධ, පශු ඖෂධ, ආයුර්වේද සහ රූපලාවන්‍ය නිශ්පාදන ක්ෂේත්‍රය සම්බන්ධයෙන් පූර්ව අයවැය සාකච්ඡාවක් කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (18) පෙරවරුවේ පැවැත්විණි. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ රජය ගෙන යන ආර්ථික සංවර්ධන වැඩපිළිවෙළ සඳහා ඖෂධ, පශු ඖෂධ, ආයුර්වේද සහ රූපලාවන්‍ය නිශ්පාදන ක්ෂේත්‍රයේ පූර්ණ සහාය…
2026 වසරේ ජනවාරි මස 01 වනදා සිට දෙසැම්බර් මස 31 වනදා දක්වා වු කාලසීමාව සඳහා ආණ්ඩුවේ වියදම් ලෙස රු බි 4,434.35 ක් ලෙස ඇස්තමේන්තු ගත කර තිබේ. එය රු. බිලියන 3,028.75 ක පුනරාවර්තන වියදම්වලින් සහ රු. බිලියන 1,405.60 ක මූලධන වියදම්වලින් සමන්විත වේ. 2026 වසරේ අමාත්‍යාංශ සඳහා සිදුකර ඇති මුදල් වෙන්කිරීම් වලින් වැඩිම මුදලක් වෙන්කර…
2025 වසර අවසන් වන විට සංචාරකයින් මිලියන 3කට අධික සංඛ්‍යාවක් ආකර්ෂණය කර ගනිමින් ඇමරිකානු ඩොලර් බිලියන 5ක ආදායමක් උපයා ගැනීම ශ්‍රී ලංකාවේ ඉලක්කය වී ඇත. ඒ සඳහා දියුණු ප්‍රවාහන පද්ධතියක අවශ්‍යතාව ඉතා වැදගත් වේ. ගුවන් ප්‍රවාහන කර්මාන්තය සඳහා වන තොරතුරු තාක්ෂණ හා ඩිජිටල් විසඳුම් සැපයීමේ ප්‍රමුඛ ගෝලීය සැපයුම්කරුවකු වන SITA පෙන්වා දෙන්නේ මෙරට ගුවන් සේවා…
කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB) විසින් සංවිධානය කරනු ලබන “Industry Expo 2025” වසරේ දැවැන්තම කර්මාන්ත ප්‍රදර්ශනය අද (18) ආරම්භ කෙරේ. ඒ අනුව මෙහි සමාරම්භක උත්සවය කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන්, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතාගේ සහභාගීත්වයෙන් අද උදෑසන BMICH හිදී…
කර්මාන්ත අමාත්‍යාංශයේ හවුල්කාරිත්වය සහිත Ashok Leyland ආයතනය ඩොලර් 720,000ක වටිනාකමින් යුත් Garbage Truck රථ වලින් සමන්විත අපනයන ඇනවුමක් අද (18) දිනයේ දී මුදා හැරීමට නියමිත බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ එහි මෙරට අගය එකතු කිරීම 39% සිට 42% ක් පමණ දක්වා වන බවයි. සිය ෆේස්බුක් ගිණුමෙහි…
Video Story