ජපාන රජයේ ආරාධනයකට අනුව ජපානයේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය 27 දා පෙරවරුවේ ජපානයේ, ඔසාකා නුවර පිහිටි කන්සායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත ළඟා විය. සිය සංචාරයේ පළමු කටයුත්ත ලෙස, ජනාධිපතිවරයා ජපානයේ, ඔසාකා නුවර පැවැත්වෙන “එක්ස්පෝ 2025” ප්‍රදර්ශනයේ ශ්‍රී ලංකා දින සැමරුම් උත්සවය සඳහා සහභාගි විය. ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සහ ජපානයේ…
මෙරට ප්‍රමුඛ පෙළේ ලැයිස්තුගත මූල්‍ය සමාගමක් වන LB Finance PLC විසින්, තවත් ලැයිස්තුගත මූල්‍ය සමාගමක් වන Associated Motor Finance Company PLC හි බහුතර කොටස් හිමිකාරීත්වය අත්පත් කර ගැනීමට තීරණය කර තිබේ. ඒ අනුව Associated Motor Finance Company PLC හි ප්‍රධාන කොටස්කරුවන් දෙදෙනා වන නාලත දයාවංස සහ Imperial Import & Export Co. (Pvt) Ltd සතුව ඇති…
ආසියානු සංවර්ධන බැංකුවේ මුල්‍ය දායකත්වය සහ සෞඛ්‍ය පද්ධති වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියේ අනුග්‍රාහකත්වය යටතේ සෞඛ්‍ය පද්ධති වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය මගින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය වෙත ඩබල් කැබ් රථ 07 ක් ලබා දී ඇත. මෙම රථයක වටිනාකම මිලියන 22 ක්. අදාළ කැබ් රථ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල වෙත…
ශ්‍රී ලංකාව තුළ සත්ත්ව නිෂ්පාදන සහ විසිතුරු මසුන් අපනයනය ප්‍රවර්ධනයේදී මතුවන ගැටලු සහ විසඳුම් සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ඊයේ (25) කෘෂිකර්ම අමාත්‍යාංශයේදී කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ සහ කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්විණ. මෙහිදී කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ආචාර්ය පාලිකා ප්‍රනාන්දු…
2025.08.15 දිනැති අංක 2449/60 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත් කරන ලද 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාව විසින් සලකා බලා අනුමත කරන ලදී. ඒ උක්ත කාරක සභාව එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (ආචාර්ය) හර්ෂ ද සිල්වාගේ සභාපතිත්වයෙන් පසුගියදා (23) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය ….
ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයකට ලක්වීමට පෙර 2019 වසරේ තිබූ තත්ත්වයට ලබන වසරේ දී යාමට හැකිවනු ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට එක්ව සිටින ජනාධිපතිවරයා අමෙරිකාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් නිව්යෝර්ක්හිදී හමු වූ අවස්ථාවේ දී මේ බව පැවසීය. මෙහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසා සිටියේ, 2022 වසරේ…
සමස්ත ලංකා කිරි නිෂ්පාදකවරුන්ගේ සංගමය (AIDA) මඟින් සංවිධානය කර තිබූ විශේෂ සාකච්ඡාවක් නවම් මාවතේ පිහිටි Ceylon Chamber Conference හිදි පැවති අතර, ඒ සඳහා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල්කාන්ත මහතා පසුගිය දා (24) සහභාගී විය. දේශිය කිරි ගොවියා නඟා සිටුවීමේදී ඇති වන ගැටළු සහ සත්ත්ව අභිජනන ක්‍රියාවලියේ දී පවතින ගැටළු අවම කිරීම…
කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රධාන මිල දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකයේ ඉතිහාසයේ පළමු වරට අද (25) දිනයේ දී ඒකක 21,500 සීමාව ඉක්මවා ගියේය. ඒ දිනය තුළ ඒකක 182.61ක වර්ධනයක් අත්පත් කර ගැනීමට සමත්වීමත් සමඟම දිනයේ ගනුදෙනු අවසානයේ දී එය ඒකක 21,521.06ක් දක්වා ඉහළ යාමත් සමඟිනි. මේ අතර S&P SL20 දර්ශකය ද මෙතෙක් ඉතිහාසයේ වාර්තා කරන…
කොළඹ නෙළුම් කුලුන හරහා 2024 සැප්තැම්බර් මාසයේ සිට මෙම වසරේ අගෝස්තු දක්වා ගත වූ වසරක කාල සීමාව තුළ මිලියන 539 ක ලාභයක් වාර්තා කිරීමට හැකි වී ඇති බව නෙළුම් කුලුන ව්‍යාපෘතියෙහි ප්‍රධාන විධායක නිලධාරී මහාචාර්ය චමරු ද අල්විස් මහතා පවසයි. පසුගිය දා පැවති නෙළුම් කුලුන තුළින් වසරක කාලයක් තුළ අත් කරගත් ප්‍රගතිය සහ ඉදිරි ක්‍රියාමාර්ග…
මෙම වසරේ ඔක්තෝම්බර් පළමු වන දින සිට සරල කරන ලද වැට් බදු ක්‍රමය අහෝසි කිරීමේ රජයේ තීරණය පිලිබඳව ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය සිය එකඟතාව පළ කරමින් රජයේ ආයතනයන් සමඟ මෙම තීරණයට අනුකූලව කටයුතු කරන බව පැවසුවේය. ඔවුන් වැඩිදුරටත් අවධාරණය කළේ පවතින සන්දර්භය තුල සරල කරන ලද වැට් බදු ක්‍රමය අහෝසි කිරීමේ තීරණය වෙනස් කළ නොහැකි…
Video Story