සම්පත් බැංකුව 2024 සැප්තැම්බර් 30 න් අවසන් කාලපරිච්ඡේදය සඳහා පිළිවෙලින් 36% ක හා 44% ක වර්ධන වේගයන් සහිතව රුපියල් බිලියන 29.9 ක බදු පෙර ලාභයක්ද, රුපියල් බිලියන 17.8 ක බදු පසු ලාභයක්ද වාර්තා කිරීමට සමත් විය. මෙම ලාභයන් වාර්තා කරනු ලැබූයේ රුපියල අතිප්‍රමාණය වීම හේතුවෙන් වාර්තා වූ රුපියල් බිලියන 3.6 ක විනිමය අලාභය ද සැලකීමෙන්…
මහජනතාව විසින් රජය කෙරෙහි තබා ඇති විශ්වාසය තහවුරු වන පරිදි හා මහජනතාවගේ බලාපොරොත්තු ඉටු වන පරිදි අපේක්ෂිත සංවර්ධනයේ ආරම්භක පියවර තබන අයවැයක් වශයෙන් 2025 වර්ෂය වෙනුවෙන් අයවැය සකස් කිරීම සඳහා නව රජය විසින් අපේක්ෂා කරනු ලබයි. ඒ අනුව, 2024 අංක 44 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත මඟින් දක්වා ඇති වියදම් සීමාවන්ට යටත්ව සහ රජයේ ප්‍රතිපත්ති…
2024-12-15 සිට 2025-06-14 දක්වා කාලය තුළ ඩීසල් (0.05% M.S.) නැව් තොග 04ක් මිල දී ගැනීම සඳහා ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ ලියාපදිංචි සැපයුම්කරුවන්ගෙන් ලංසු කැඳවා තිබේ. ඒ අනුව, ලංසුකරුවන් 06 දෙනෙකු විසින් ලංසු ඉදිරිපත් කර ඇත. එකී ලංසු ඇගයීමෙන් අනතුරුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි අදාළ ප්‍රසම්පාදනය සිංගප්පූරුවේ බීබී…
2024 ජුනි මාසයේදී ශ්‍රී ලංකා රජය විසින් ප්‍රධාන ද්විපාර්ශ්වික ණය දෙන්නන්ගේ නිල ණය දීමේ කමිටුවේ (OCC) සාමාජිකයින් සමඟ ණය ප්‍රතිව්‍යූහගතකිරීම පිළිබඳ අවසන් එකඟතාවකට පැමිණෙන ලදී. 2024 සැප්තැම්බර් මාසයේදී ප්‍රතිපත්තිමය වශයෙන් ඇමෙරිකානු එක්සත් ජනපද ඩොලර් බිලියන 14.2ක පමණ ස්වෛරී ණය ප්‍රතිව්‍යූහගතකිරීම පිළිබඳව ජාත්‍යන්තර ආයෝජකයින්ගේ නියෝජිත කණ්ඩායමක් වන ස්වෛරීත්ව බැඳුම්කර හිමියන් (AdIoc Bond Holders) තත්කාර්ය කණ්ඩායමක් සහ…
ශ්‍රීලංකන් ගුවන් සේවය විසින් 2017 වසරේ දියත් කරන ලද කොළඹ සහ මෙල්බර්න් අතර සෘජු ගුවන් ගමන් ආරම්භ කර වසර 7 ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් පසුගියදා විශේෂ උත්සවයක් සංවිධානය කරන ලදි. මෙල්බර්න් හී සිට කොළඹ දක්වා පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින්ට බාධාවකින් තොරව ශ්‍රී ලංකාව වෙත හා ඉන් ඔබ්බට සංචාරය කිරීමට මෙන්ම ඔස්ට්‍රේලියාව සහ දකුණු ආසියාව අතර සංස්කෘතික…
2024 නොවැම්බර් මාසයේ අවසාන සතියේ ගනුදෙනු ඇරඹි අද (25) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල දැවැන්ත පහළ යාමක් වාර්තා විය. එහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 187.62 කින් පහළ ගිය අතර S&P SL20 දර්ශකය ඒකක 76.52 කින් පහළ යන ලදී. පසුගිය ගනුදෙනු දින 5 ඇතුළත ඒකක 100 ඉක්මවූ අගයයකින් කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල…
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී ලෙස දමිත් පල්ලෙවත්ත මහතා පත්කළ බව නිවේදනය කර ඇත. 2024 වසරේ අප්‍රේල් මස සිට බැංකුවේ වැඩබලන ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස කටයුතු කළ ඒ මහතා 2024 නොවැම්බර් 24 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි නව තනතුරෙහි කටයුතු කරනු ඇත. අවුරුදු 14කට වැඩි…
සමුද්‍රීය ක්ෂේත්‍රවල ආයෝජනය කිරීමට ඇති හැකියාව පිළිබදව ආයෝජකයින්ගේ අවධානය වොයේජ් ශ්‍රි ලංකා 2024 සමුද්‍ර හා අක්වෙරල, බෝට්ටු නිෂ්පාදන සමුළුවට සමගාමීව ඉන්දියාව, සෞදි අරාබිය, මාලදිවයින, ප්‍රංශය, ජපානය, තායිලන්තය, ඇමරිකා එක්සත් ජනපදය සහ කාම්බෝජය ඇතුළු රටවල විදේශීය ආයෝජකයින් 20 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් නොවැම්බර් 24 සහ 25 යන දිනවල ත්‍රිකුණාමලය සහ හම්බන්තොට වරායේ සංචාරයක නිරත විය. සමුද්‍රීය ආයෝජන…
ශ්‍රී ලංකාවේ විදුලිබල අංශයේ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම, සම්ප්‍රේෂණ සහ බෙදාහැරීමේ ජාලයන්හි විශ්වසනීයත්වය ඉහළ නැංවීම සහ පුනර්ජනනීය බලශක්තිය වැඩි වශයෙන් ඒකාබද්ධ කිරීමට පහසුකම් සැලසීම සඳහා ඩොලර් මිලියන 200 ක ණය පහසුකමක් අනුමත කර ඇති බව ආසියානු සංවර්ධන බැංකුව (ADB) අද (25) දින නිවේදනය කර සිටියේය. මූල්‍ය තිරසාරභාවය ඉහළ නැංවීම, පිරිවැය ප්‍රතිසාධන ගාස්තු සංශෝධන සහතික කිරීම…
ශ්‍රීලංකන් ගුවන් සේවය අඛණ්ඩව දෙවැනි වරටත් ‘Arabian Cargo Awards’ හිදී ‘නැගී එන භාණ්ඩ ප්‍රවාහන ගුවන් සේවාව’ සම්මානයෙන් පිදුම් ලැබීමට පසුගියදා සමත් විය. ගුවන් භාණ්ඩ ප්‍රවාහන ක්ෂේත්‍රයේ විශිෂ්ට ජයග්‍රහණ, මෙහෙයුම් කාර්යක්ෂමතාව සහ නවෝත්පාදන ඇගයීමට ලක් කරන මෙම සම්මාන උළෙලේ 2024 අදියර පසුගිය නොවැම්බර් 11 දින ඩුබායි හිදී පැවැත්විණි. ක්ෂේත්‍රයේ විශේෂඥයන්ගෙන් සමන්විත විනිශ්චය මණ්ඩලයක් විසින්, මෙහෙයුම්වල සාර්ථකත්වය,…