කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රධාන මිල දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය, අද (13) දිනයේ දී ඒකක 13,000 සීමාව ඉක්මවා යනු ලැබීය. මෙලෙස සියලු කොටස් මිල දර්ශකය ඒකක 13,000 සීමාව යළිත් වරක් පසුකරන ලද්දේ 2022 වසරේ ජනවාරි 31 වන දිනෙන් පසු පළමු වතාවට වීම විශේෂත්වයකි. එහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 136.20කින් ඉහළ ගොස් ඒකක 13,125.19ක්…
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම සංඛ්‍යාලේඛනවලට අනුව 2024 නොවැම්බර් මාසයේ මුල් දින 10 තුළ මෙරටට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව 61,767 ක් ලෙසින් වාර්තා වේ. මේ අනුව 2024 වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් ප්‍රමාණය 1,682,482 ක් ලෙසින් සටහන් වන අතර තවත් දින කිහිපයක් ඇතුළත මිලියන 1.7 කඩඉම පසුකිරීමට ඊට හැකි වනු ඇත….
මහ මැතිවරණය පැවැත්වෙන හෙට (14) දිනයේ දී මෙරට වානිජ බැංකු සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුව සිය ශාඛා, ගනුදෙනුකාර සේවාවන් සඳහා විවෘතව තැබෙන වේලාවන් දැනුම් දී සිටී. ඒ අනුව බැංකු කිහිපයකම ශාඛා පෙ.ව. 9.00 සිට පෙ.ව. 12.00 දක්වා ත්, තවත් බැංකු කිහිපයක ශාඛා පෙ.ව. 9.00 සිට පෙ.ව. 11.00 දක්වා ත් සහ අනෙකුත් බැංකු 9.00 සිට 10.30…
කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (12) දිනයේ දී ඒකක 13,000 සීමාවට ළඟා වීමට සමත්ව තිබුණේය. එහිදී දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 113.67කින් ඉහළ ගොස් ඒකක 12,988.99ක් ලෙසින් වාර්තා විය. S&P SL20 දර්ශකය ඒකක 37.84 කින් ඉහළ ගොස් ඒකක 3,892.27 ක් ලෙසින් දැක්වුණි. ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස්, රිචඩ් පීරිස් ඇන්ඩ්…
සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් විසින් බැංකුවලින් ලබා ගත් ණය සම්බන්ධ වාර්තාවක් සකස් කිරීමට තීරණය කෙරේ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තවලට සහන ලබා දීම සම්බන්ධයෙන් මූල්‍ය සහ ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ජී.එන්.ආර්.ඩී අපොන්සු මහතා සහ ශ්‍රී ලංකා බැංකු සංගමය, මුදල් අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා මහා බැංකුවේ නිලධාරීන් අතර සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී ඊයේ…
එළඹෙන නොවැම්බර් 14 වෙනි බ්‍රහස්පතින්දා දින, කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු පස්වරු 12.30 ට අවසන් කිරීමට තීරණය කර තිබේ. 2024 පාර්ලිමේන්තු මැතිවරණය නොවැම්බර් 14 වෙනි දිනට යෙදී ඇති බැවින් මෙලෙස කොටස් වෙළෙඳපොළ ගනුදෙනු සැසිය, එදින පස්වරු 12.30 ට අවසන් කිරීමට නියමිතය. ඒ අනුව පෙරවරු 9.30 සිට පස්වරු 12.30 දක්වා පැය 3ක කාලයකට පමණක් 2024 නොවැම්බර්…
2024 මුල් මාස 10 තුළ දී සංචාරක කර්මාන්තය හරහා එක්සත් ජනපද ඩොලර් මිලියන 2,533.7 ක ඉපැයීමක් වාර්තා කිරීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබී තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. 2023 වසරේ මුල් මාස 10 තුළ වාර්තා වූ ඩොලර් මිලියන 1,593.4 ක සංචාරක ඉපැයීම් ප්‍රමාණය හා සැසඳීමේ දී මෙය 59% ක කැපීපෙනෙන වැඩිවීමකි. 2024 ඔක්තෝබර් මාසයේ…
2024 සැප්තැම්බර් 30 න් අවසන් කාර්තුව තුළ දී සිය සමාගමේ විකුණුම් පරිමාව පහළ ගොස් ඇති බව ලංකා දුම්කොළ සමාගම පවසයි. 2023 වර්ෂයේ අදාළ කාර්තුව හා සැසඳීමේ දී මෙලෙස විකුණුම් පරිමාව පහළ ගොස් ඇති බව නිරීක්ෂණය වන බව එම සමාගම වැඩිදුරටත් කියා සිටී. දුම්කොළ බදු හා වෙනත් බදු පසුගිය වසර දෙකක කාලපරිච්ඡේදය පුරාවට ඉහළ යාමත් සමඟ…
2024 ඔක්තෝබර් මාසය තුළ දී දේශීය විදේශ විනිමය වෙළෙඳපොළෙන් එක්සත් ජනපද ඩොලර් මිලියන 189.5 ක් මිල දී ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු කර ඇත. මෙම ඩොලර් මිල දී ගැනීමත් සමඟම 2024 මුල් මාස 10 තුළ දී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දේශීය විදේශ විනිමය වෙළෙඳපොළෙන් මිල දී ගෙන ඇති සමස්ත ඩොලර් ප්‍රමාණය, ඩොලර් මිලියන…
අනාගතයේ ස්ථාපිත වන කර්මාන්ත හා දැනට භාවිතා වන කර්මාන්ත ශාලා පරිසර හිතකාමී හරිත කර්මාන්ත බවට පත් කිරීමට ශ්‍රී ලංකා ආයෝජන මණ්ලය කටයුතු කරමින් සිටී. ආයෝජන මණ්ඩලය යටතේ ක්‍රියාත්මක ආයෝජන කලාප කිහිපයක් මේ වනවිටත් මෙම ක්‍රමයට අනුගත වෙමින් හරිත ආයෝජන කලාප බවට පරිවර්තනය වීමේ කාර්යයේ යෙදී සිටින බව ආයෝජන මණ්ඩලය කියයි. පරිසරයට මුදා හරින කාබන් ප්‍රමාණය…