ශ්‍රී ලංකාවේ නව රජයක් පත් වු වහාම වෙනස් වන ප්‍රධානතම තනතුරක් ලෙස ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ධූරය හැඳින්විය හැකිය. මෑතකාලීනව අවධානය යොමු කිරීමේ දී 2005 වසරේ දී මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු මහ බැංකු අධිපතිධූරයට අජිත් නිවාඩ් කබ්රාල් මහතා පත් වූ අතර ඔහු මහින්ද රාජපක්ෂ මහතා 2015 දී ජනාධිපතිධූරයෙන් ඉවත්වනතුරුම එම තනතුර…
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර ඇති නවතම දත්ත වාර්තාවලට අනුව මහ බැංකුව සතු නිල විදේශ සංචිත වත්කම් ප්‍රමාණය පසුගිය 2024 අගෝස්තු මාසයේ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 6.0ක් දක්වා ඉහළ ගොස් ඇත. මෙම නිල සංචිත වත්කම් තුළ චීන මහජන බැංකුවෙන් ලද විදේශ විනිමය හුවමාරු පහසුකමෙහි ලැබීම් ද අන්තර්ගත වන අතර, එය භාවිතා කිරීමේ…
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය 2024 සැප්තැම්බර් මස 26 වැනි දින පැවති රැස්වීමේ දී මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 8.25 සහ සියයට 9.25 ලෙස දැනට පවතින මට්ටමේ පවත්වාගෙන යෑමට තීරණය කළේය. ආර්ථිකයට එහි උපරිම ධාරිතා මට්ටම කරා ළඟා වීමට සහාය වෙමින්, මැදි කාලීනව,…
මෙම සතියේ අඛණ්ඩව සිව්වන දිනයටත් කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල ඉහළ යාමක් අද (26) දින වාර්තා විය. එහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 12.16කින් ඉහළ ගොස් ඒකක 11,671.87ක් ලෙසින් සටහන් වූ අතර S&P SL20 මිල දර්ශකය ඒකක 16.84කින් ඉහළ ගොස් ඒකක 3,384.29ක් ලෙසින් සටහන් විය. අද දින රු. බිලියන 4.3 ක ගනුදෙනු පිරිවැටුමක් වාර්තා වීම විශේෂත්වයකි. එහිදී…
මෙරට ප්‍රමුඛතම හෝටල් සමූහයක් වන Jetwing Hotels Limited, 2024 සැප්තැම්බර් 19 දින සිට බලපැවැත්වෙන පරිදි තවදුරටත් පානදුරේ පිහිටි Jie Jie Beach Hotel හි කළමනාකාර නියෝජිතයා වශයෙන් කටයුතු නොකරන බව දැනුම් දී සිටී. පසුගිය දා නිවේදනයක් නිකුත් කරමින් Jetwing Hotels Limited මේ බව අනාවරණය කළ අතර Jie Jie Beach Hotel හි හිමිකාර සමාගම වන Jie Zhong…
නේපාලයේ කත්මණ්ඩු නුවර දී 2024 සැප්තැම්බර් 20 දින පැවැත්වුණු South Asian Travel Awards (SATA) හිදී දකුණු ආසියාවේ ප්‍රමුඛතම ජාත්‍යන්තර ගුවන් සේවය ලෙස ඇගයීමට ලක්වීමට ශ්‍රීලංකන් ගුවන් සේවය සමත් විය. කලාපයේ සංචාරක සේවා කර්මාන්තයේ වඩාත්ම ගෞරවණීය සම්මාන උළෙල ලෙස සැලකෙන SATA සම්මාන උළෙල වාර්ෂිකව සංවිධානය කෙරෙන අතර, එහිදී අදාළ ක්ෂේත්‍රවල වෘත්තිකයන්ගේ සහ පාරිභෝගිකයන්ගේ ඡන්ද අනුව දකුණු…
ශ්‍රී ලංකා මහ බැංකුව අද (26) දින නිකුත් කරන ලද විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.80 ක් සහ විකුණුම් මිල රු. 304.91 ක් ලෙසින් වාර්තා වී තිබේ. මේ අතර ඩොලරයේ මධ්‍ය අගය අද දින වාර්තා වන්නේ රු. 301.75 ක් ලෙසිනි. මෙම අගය පසුගිය සැප්තැම්බ් 23 දින වන විට රු. 304.88…
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හට ඉදිරි අභියෝගාත්මක ගමන සඳහා බැංකු ක්ෂේත්‍රයේ උපරිම සහයෝගය ලබාදෙන බව සහතික කරමින් ශ්‍රී ලංකා බැංකු සංගමය (SLBA) විසින් එතුමාට සුභාශිංසන ප්‍රකාශ කර ඇත. ශ්‍රී ලංකාවේ සියලුම බලපත්‍රලාභී බැංකු නියෝජනය කරන මෙම සංගමය විසින් ජනාධිපතිවරයා වෙත යවන ලද සුබපැතුම් පණිවිඩයේ “අත්‍යවශ්‍ය දේශපාලන හා සමාජ ස්ථාවරත්වය සඳහා ආර්ථිකය සැමවිටම ආධාරකයක් වන…
ශ්‍රී ලංකාවේ නව ජනාධිපති ධුරයට පත් වූ අනුර කුමාර දිසානායක මහතාට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා මහත්මිය සුබ පැතුම් පිරිනැමීය. ජනාධිපතිතුමා වෙත විශේෂ සුබපැතුම් පණිවිඩයක් යොමු කරමින් ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා මහත්මිය සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාවේ හවුල්කරුවෙකු ලෙස අඛණ්ඩව කැපවි කටයතු කරන බවත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකාව අතර පවතින අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක…
බැංකු සමාගම්වල කොටස් මිල ගණන් වාර්තාගත ලෙස ඉහළට 2024 ජනාධිපතිවරණයෙන් පසු අඛණ්ඩව තෙවන දිනයටත් කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල කැපීපෙනෙන ඉහළ යාමක් අද (25) දින වාර්තා විය. එහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 325.59 ක හෙවත් 2.87%ක දැවැන්ත ඉහළ යාමක් අද දිනය තුළ වාර්තා කරන ලදී. මීට අමතරව S&P SL20 දර්ශකය ඒකක 148.54 කින් අද…