ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අතර හමුවක් ඊයේ (08) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු විය. මෙහිදී, රේගු ක්‍රියාවලියේ සංකීර්ණත්වය හේතුවෙන් මතුව ඇති ගැටලුවලට විසඳුම් සෙවීම පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා කෙරුණු අතර, වසර 2030 වන විට, ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථික උපායමාර්ගික අරමුණු සාක්ෂාත් කර ගැනීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ, ශ්‍රී ලංකා රේගු…
කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත දේපළ කළමනාකරණ හා සංවර්ධන සමාගමක් වන EAST WEST PROPERTIES PLC හි බහුතර කොටස් හිමිකාරීත්වය අත්පත් කර ගැනීමට ප්‍රකෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා අද (08) දින කටයුතු කළේය. එහිදී EAST WEST PROPERTIES හි කොටස් මිලියන 106.99ක් එක කොටසක් රු. 30.20 බැගින් හුවමාරු වී තිබේ. මෙය සමාගමේ කොටස් ප්‍රකාශිත කොටස් ප්‍රාග්ධනයෙන් 77.40% ක ප්‍රමාණයකි….
ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් අද (08) දින කැඳවන ලද භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී පොලී අනුපාතිකවල ඉහළ යාමක් වාර්තා වී තිබේ. එහිදී දින 91 බිල්පත් පොලිය 7.55% සිට 7.60% ක් දක්වා පදනම් අංක 5කින්, දින 182 බිල්පත් පොලිය 7.78% සිට 7.84% ක් දක්වා පදනම් අංක 6කින් සහ දින 364 බිල්පත් පොලිය 7.94%…
යටත්විජිත සමයේ සිට දිවයිනේ විවිධ ප්‍රදේශවල පිහිටුවන ලද රජයට අයත් තානායම්වල දේපළ කළමනාකරණය හා පාලනය නාගරික සංවර්ධන අධිකාරිය වෙත සහ පළාත් පාලන ආයතන වෙත පැවරී ඇත. මෙම තානායම් සංචාරක ආකර්ශනීය ප්‍රදේශ තුළ පිහිටා ඇති නමුත්, දුර්වල කළමනාකරණය සහ පාලනය හේතුවෙන් ගරා වැටී අබලන් තත්ත්වයට පත්ව තිබේ. එකී තානායම් වත්මන් ආර්ථික පරිසරයට ගැලපෙන පරිදි සංවර්ධනය කිරීම…
රේඛීය අමාත්‍යංශ මඟින් ක්‍රියාත්මක කරනු ලබන මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘතීන්හි 2025 වර්ෂයේ පළමු කාර්තුව අවසන් වන විට මූල්‍ය හා භෞතික ප්‍රගතිය පිළිබඳව අදාළ අමාත්‍යාංශ විසින් ඉදිරිපත් කරන ලද කාර්යසාධන දත්ත හා තොරතුරු සමාලෝචනය කර, ව්‍යාපෘති කළමනාකරණ හා අධීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘතී පිළිබඳ කාර්යසාධන වාර්තාව ඉදිරිපත් කරනු ලැබ තිබේ. එකී වාර්තාව අනුව, 2025…
කොළඹ දකුණු වරාය ව්‍යාපෘතිය – නැගෙනහිර බහළු පර්යන්තය සහ බටහිර බහළු පර්යන්තය සංවර්ධනය කිරීම සඳහා 2021‑02‑01 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. නැගෙනහිර බහළු පර්යන්තය මෙහෙයුම් කිරීම සහ කළමනාකරණය කිරීම සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ පූර්ණ හිමිකම් සහිත සීමිත වගකීම් සහිත සමාගමක් සංස්ථාපනය කිරීමට ශ්‍රී ලංකා වරාය අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේදී තීරණය…
ශ්‍රී ලංකා මහ බැංකුවේ සතිපතා ආර්ථික දර්ශක වාර්තාවට අනුව 2025 ජුනි මාසයේ නිල සංචිත වත්කම් වටිනාකම එක්සත් ජනපද ඩොලර් මිලියන 6,080 ක් ලෙසින් වාර්තා වේ. 2025 මැයි මාසයේ මෙම අගය පැවතියේ ඩොලර් මිලියන 6,286 ක් ලෙසිනි. මේ අනුව පසුගිය ජුනි මාසය තුළ දී මහ බැංකුව සතු නිල සංචිත වත්කම් ප්‍රමාණය 3.3% කින් එනම් ඩොලර් මිලියන…
වාහන ආනයනය සීමා කිරීමට කිසිඳු තීරණයක් ගෙන නොමැති බව ශ්‍රී ලංකා මහ බැංකුව අවධාරණය කරයි. එහි උසස් නිලධාරියෙක් සඳහන් කළේ ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබූ පරිදි වාහන ආනයනය සීමා කිරිම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව සහ මහා භාණ්ඩාගාරය කසිදු ලිපි හුවමාරුවක් හෝ සන්නිවේදනයක් සිදුකර නොමැති බවය. අර්බුදකාරී තත්ත්වයකට තිබූ මෙරට ආර්ථිකය නැවත යථා තත්ත්වයට පත්වීමත්…
කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශක වල පහළ යාමක් අද (07) දක්නට ලැබුණි. ඒ අනුව දිනයේ ගණුදෙනු අවසානයේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 106.14කින් පහළ ගොස් ඒකක 18,042.20ක් ලෙසින් වාර්තා වූ අතර S&P SL20 දර්ශකය ඒකක 26.04කින් පහළ ගොස් ඒකක 5,339.99ක් ලෙසින් සටහන්ව තිබුණි. අද සියලු කොටස් මිල දර්ශකයේ කඩාවැටීමට මෙල්ස්ටාකෝප්, HNB, කොමර්ෂල් බැංකුව, එයිට්කන් ස්පෙන්ස්…
මෙරට ඉතිහාසයේ ඉඩම් පර්චසයක් වෙනුවෙන් හුවමාරු වූ ඉහළම මිල සනිටුහන් කරමින් කොළඹ තුම්මුල්ලේ අක්කරයකට ආසන්න භූමි ප්‍රමාණයක හිමිකාරීත්වය අත්පත් කරගැනීමට හෝම්ලෑන්ඩ්ස් සමූහය කටයුතු කර තිබේ. ඒ රු. බිලියන 4.5ක මුදලකටයි. ඒ අනුව එක් පර්චසයක් සඳහා රු. මිලියන 29ක පමණ මිලක් මෙහිදී ගෙවා තිබේ. හෝම්ලෑන්ඩ්ස් විසින් කොළඹ තුම්මුල්ල ප්‍රදේශයේ දියත් කිරීමට නියමිත, ‘Pentara Residencies තුම්මුල්ල හංදිය‘…
Video Story