Top News

එමිරේට්ස් ගුවන් සමාගම ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා නව කළමනාකරුවෙකු පත්කරයි

2025 අගෝස්තු 01 වන දින සිට බලපැවැත්වෙන පරිදි ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා එමිරේට්ස් ගුවන් සමාගමේ කළමනාකරු ලෙස ජාබර් මොහොමඩ් මහතා පත් කර ඇති බව එමිරේට්ස් ගුවන් සමාගම නිවේදනය කර ඇත. එමිරේට්ස් හි වාණිජ අරමුණු සඳහා සහාය වීම, මෙම දූපත් රාජ්‍යයන් දෙක පුරා ගුවන් සමාගමේ මෙහෙයුම් අධීක්ෂණය කිරීම මෙන්ම විවිධ කොටස්කරුවන් සමඟ තීරණාත්මක සබඳතා පවත්වා…

(0)Comments | July 30, 2025 11:59 am

ශ්‍රී ලංකාව ‘ලෝකයේ සුන්දරම දිවයින’ ලෙස නම් කරයි

2025 වසර සඳහා ශ්‍රී ලංකාව ‘ලෝකයේ සුන්දරම දිවයින’ ලෙස නම් කර ඇත. ඒ ගෝලීය සංචාරක වෙබ් අඩවියක් වන ‘Big 7 Travel’ විසින් වාර්ෂිකව නිකුත් කරනු ලබන ලොව සුන්දරම දූපත් 50 ට අදාල නවතම වාර්තාවකට අනුවයි. එහි ශ්‍රී ලංකාවට 2025 වසර සඳහා ‘ලොව වඩාත්ම සුන්දර දූපත’ ලෙස පළමු ස්ථානය ලබා දී තිබේ. ලොව පුරා ගමනාන්ත ඇතුළත්…

(0)Comments | July 30, 2025 9:24 am

BYD වාහන ආනයනය ගැන John Keells CG Auto වෙතින් නිවේදනයක්

ඇතැම් BYD වාහන මාදිලි පිළිබඳ මෑතකාලයේ පළ වන පුවත් සම්බන්ධයෙන් BYD රථ වාහන සඳහා ශ්‍රී ලංකාවේ එකම බලයලත් බෙදාහරින ආයතනය වන John Keells CG Auto පහත නිවේදනය නිකුත් කර ඇත. මීට අදාල වාහන පිළිබඳ මතුව ඇති කාරණා කිහිපයක් නිරාකරණය කිරීම සඳහා අපි දැනටමත් අදාළ බලධාරීන් සමඟ සාකච්ඡා කරමින් සිටින අතර මෙම ක්‍රියාවලියට සහාය වීම සඳහා…

(0)Comments | July 30, 2025 8:27 am

ජූනි මාසයේ දී ඇඟලුම් අපනයන 5.2%කින් ඉහළට

2025 ජූනි මාසයේදී ශ්‍රී ලංකාවේ ඇඟලුම් අපනයනය පෙර වසරේ එම මාසයට සාපේක්ෂව 5.2% කින් වර්ධනය වී තිබේ. මෙය විශේෂයෙන්ම යුරෝපා සංගම් (EU) වෙළඳපොලේ 23.1% කින්ද, එක්සත් රාජධානියේ (UK) 20.4% කින්ද පෙන්නුම් කරන ලද කැපීපෙනෙන වර්ධනයන් හේතුවෙන් සිදුවී ඇති බව නිවේදනයක් නිකුත් කරමින් ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයෙන් පවසයි. කෙසේ වෙතත්, එක්සත් ජනපදයට (-5.7%) සහ අනෙකුත් කලාපවලට (-9.3%)…

(0)Comments | July 29, 2025 4:45 pm

කොටස් වෙළෙඳපොළේ අද මිශ්‍ර හැසිරීමක්. පිරිවැටුම රු. බිලියන 7.5 ඉක්මවයි

කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ, සියලු කොටස් මිල දර්ශකයේ වාර්තා වුණු ඉහළම අගයේ වාර්තාව අද (29) නැවත වතාවක් අලුත් කරමින් දිනයේ ගනුදෙනු අවසාන වන විට එය ඒකක 14.34කින් ඉහළ ගොස් ඒකක 19,532.20ක් ලෙසින් සටහන් විය. කෙසේවෙතත් අද කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අවසානයේ මිල දර්ශකවල දක්නට ලැබුණේ මිශ්‍ර හැසිරීමකි. එහි දී S&P SL20 මිල දර්ශකය ඒකක 22.05කින්…

(0)Comments | July 29, 2025 4:16 pm

ශ්‍රීලංකන් ගුවන් සේවය ‘දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවය‘ ලෙසින් සම්මානයෙන් පිදුම් ලබයි

ශ්‍රීලංකන් ගුවන් සේවය ‘International Tourism Conclave and Travel Awards’ හිදී  ‘දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවය’ ලෙස ඇගයීමට ලක්වේ ශ්‍රීලංකන් ගුවන් සේවය පසුගියදා ඉන්දියාවේ දිල්ලි නුවරදී පැවැත්වුණු ‘International Tourism Conclave and Travel Awards’ හිදී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවයට හිමි සම්මානය හිමිකර ගැනීමට සමත් විය. මෙය දකුණු ආසියාවත් ලෝකයත් යා කරමින්, ශ්‍රීලංකන් ගුවන් සේවයටම ආවේණික වූ…

(0)Comments | July 29, 2025 10:26 am

සංචාරක කර්මාන්තයට නව මානයක් විවර කරමින් “Kingdom of Kotte Tourist Trail” එළිදකී

“කෝට්ටේ රාජධානිය සංචාරක මුලපිරීම දියත් කිරීම” LAUNCH OF THE KINGDOM OF KOTTE TOURISM INITIATIVE” හා “කෝට්ටේ හරිත සංචාරක ජාලය” “Kotte Green Tourism” කෝට්ටේ රාජධානියේ සංචාරක මාවත එළිදැක්වීමේ උත්සවය පසුගියදා (27) බත්තරමුල්ලේ දී පැවැත්විණ. ඒ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය‌ගේ ප්‍රධානත්වයෙනි. එහි දී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසා සිටියේ සිංහල සාහිත්‍යයේ හා ගෘහනිර්මාණ ශිල්පයේ ස්වර්ණමය යුගය…

(0)Comments | July 29, 2025 9:49 am

TikTok, අපයෝජන පිළිබඳ දැනුවත් කිරීම හා ඊට උපකාර කිරීම සඳහා සෙවුම් මාර්ගෝපදේශය දියත් කරයි

නව විශේෂාංගය මඟින් ලිංගික අපයෝජනය උනන්දු කරවන සෙවීම් සිදු කරන පරිශීලකයින්    සම්පත් හා ආරක්ෂක තොරතුරු වෙත යොමු වේ ලිංගික අපයෝජන සම්බන්ධයෙන් අවදානමට ලක් විය හැකි හෝ බලපෑමට ලක් විය හැකි පරිශීලකයින්ට කාලෝචිත උපකාර සහ සැලකිය යුතු සහාය ලබා දීම වෙනුවෙන් නව සෙවුම් මාර්ගෝපදේශයක් ශ්‍රී ලංකාවේදී දියත් කරන බව TikTok පසුගියදා නිවේදනය කරන ලදී. TikTok හි…

(0)Comments | July 29, 2025 8:28 am

සියලු කොටස් මිල දර්ශකය ඉතිහාසයේ ප්‍රථම වරට ඒකක 19,500 සීමාව අභිබවයි

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඓතිහාසික සන්ධිස්ථානයක් තබමින් අද (28) ගනුදෙනු අවසාන වන විට ප්‍රථම වරට ඒකක 19,500 සීමාව පසු කිරීමට සමත්ව තිබුණි. ඒ අනුව සියලු කොටස් මිල දර්ශකයේ වාර්තා වුණු ඉහළම අගයේ වාර්තාව අලුත් කරමින් එහි අගය ඒකක 50.15කින් ඉහළ ගොස් ඒකක 19,517.86ක් ලෙසින් සටහන් විය. මෙලෙස සියලු කොටස් මිල දර්ශකයේ ඉහළ…

(0)Comments | July 28, 2025 3:24 pm

නෙදර්ලන්ත සංචාරකයින්ගේ පැමිණීමෙහි වර්ධනයක්

2025 ජූලි මාසය තුළ දී නෙදර්ලන්ත සංචාරකයින්ගේ පැමිණීමේ කැපීපෙනෙන වර්ධනයක් වාර්තා වේ. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවකට අනුව 2025 ජූලි මාසයේ පළමු දින 23 තුළ දී මෙරටට පැමිණ ඇති සමස්ත විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 145,188 ක් ලෙසින් දැක්වෙන අතර එහිදී ඉන්දියාවට (27,786) සහ එක්සත් රාජධානියට (16,750) පසු තෙවැනියට වැඩියෙන්ම සංචාරකයින්…

(0)Comments | July 28, 2025 2:29 pm