Top News

නවීකරණය කරන ලද එමිරේට්ස් බොයිං 777 ගුවන් යානා ජුලි මස 18 වන දා සිට කොළඹට

ලෝකයේ විශාලතම ජාත්‍යන්තර ගුවන් සේවය වන එමිරේට්ස් ගුවන් සේවයේ නවීකරණය කරන ලද පන්ති හතරකින් සමන්විත බොයිං 777 ගුවන් යානා ජූලි මස 18 වන දින සිට ඩුබායි සහ කොළඹ අතර ක්‍රියාත්මක වන EK650/651 ගුවන් ගමන් සඳහා ක්‍රියාත්මක කරනු ඇත. නව්‍ය අභ්‍යන්තර පහසුකම් වලින් වැඩිදියුණු කළ ගුවන් යානය සමඟ එමිරේට්ස් විසින් ශ්‍රී ලංකාවට ප්‍රිමියම් ඉකොනොමි පන්තිය ලබා…

(0)Comments | July 15, 2025 8:35 am

ශ්‍රී ලංකාවේ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය යටතේ ශ්‍රී ලංකාව සහ සෞදි සංවර්ධන අරමුදල අතර ද්විපාර්ශ්වික සංශෝධන ණය ගිවිසුමට අත්සන් තබයි

වර්තමාන විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට අදාළව සෞදි සංවර්ධන අරමුදල සමඟ ද්විපාර්ශ්වික සංශෝධන ණය ගිවිසුම් අත්සන් කිරීම ශ්‍රී ලංකාවේ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැදගත් සන්ධිස්ථානයකි. ආර්ථික වශයෙන් අභියෝගාත්මක තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාව විදේශ ණය ආපසු ගෙවීම අත්හිටුවීම ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව පවා, මෙරටට අඛණ්ඩව ණය මුදල්  ලබා දෙමින් සෞදි අරාබි රාජ්‍ය වැදගත් කාර්යභාරයක් ඉටු කර…

(0)Comments | July 15, 2025 8:26 am

පිටරට රැකියාවක් බලාපොරොත්තු වන මාතර ඔබට කදිම අවස්ථාවක්

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මගපෙන්වීම යටතේ 2025.07.19 වන දින පෙ.ව 9.00ට මාතර සාන්ත සර්වේශස් විද්‍යාලයේ දී බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිත ආයතන රැසකගේ සහභාගීත්වයෙන් විදේශ රැකියා පොළ වැඩසටහනක් පැවැත්වීමට කටයුතු සැලසුම් කර ඇත. එහි දී විදේශ රැකියාවකට නිවැරදි මාවත දැන ගැනීමට අවස්ථාව හිමි වන අතර ඔබ සතුව ඇති අධ්‍යාපන සුදුසුකම්, වෘත්තීය සුදුසුකම් හා සේවා…

(0)Comments | July 14, 2025 4:39 pm

අගෝස්තු 02 වනදා සමාරම්භක උත්සවයට මාධ්‍යවේදීන් හා සමාජ මාධ්‍ය තරු 100කට අධික පිරිසකට සත්කාරකත්වය සැපයීමට City of Dreams Sri Lanka සූදානම්

දකුණු ආසියාවේ ප්‍රථම පූර්ණ ඒකාබද්ධ සුඛෝපභෝගී හෝටල් සංකීර්ණය වන City of Dreams Sri Lanka එළැඹෙන අගෝස්තු 2 වන දින උත්සවාකාරයෙන් ආරම්භ කිරීමට නියමිතව ඇත. ශ්‍රී ලංකාව තුළ ක්‍රමයෙන් වර්ධනය වෙමින් පවතින සංචාරක කර්මාන්තය ඉහළ නැංවීම අරමුණු කොටගත් සුවිශේෂී සංචාරක ගමනාන්තයක් ලෙස පෙන්වා දිය හැකි City of Dreams හි මෙම විවෘත කිරීමේ අවස්ථාව සඳහා ලොව පිළිගත්…

(0)Comments | July 14, 2025 4:33 pm

GovPay සමග රාජ්‍ය ආයතන 50ට වඩා වැඩි ප්‍රමාණයක් අත්වැල් බැඳ ගනී

රාජ්‍ය ඩිජිටල් ගෙවීම් පද්ධතියේ අනාගත සැලසුම් එලි දක්වයි තොරතුරු සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA), ලංකාපේ (LankaPay) සහ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ මඟපෙන්වීම යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකාවේ නිල රාජ්‍ය ඩිජිටල් ගෙවීම් වේදිකාව වන GovPay හි වර්ධනය සහ සාර්ථකත්වය පෙන්වා දෙමින් මාධ්‍ය හමුවක් අද දින (2025 ජූලි 14) ICTAහි දී පවත්වන ලදී. මෙම හමුවේදී, ස්ථානීය රථවාහන දඩ ගෙවීමේ…

(0)Comments | July 14, 2025 4:20 pm

සියලු කොටස් මිල දර්ශකය ඒකක 18,800 සීමාව ඉක්මවයි

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (14) දිනයේ දී යලිත් වරක් මෙතෙක් ඉතිහාසයේ වාර්තා වූ ඉහළම අගය වාර්තා කිරීමට සමත්විය. ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 297.13 ක වර්ධනයක් සනිටුහන් කරමින් ඒකක 18,838.39 ක් ලෙස සටහන් විය. සියලු කොටස් මිල දර්ශකයේ මෙම වර්ධනයට සමාගම් 132ක් හේතු වී තිබූ…

(0)Comments | July 14, 2025 3:28 pm

27 වන ජනාධිපති අපනයන සම්මාන උළෙල සඳහා අයදුම්පත් කැඳවයි

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් 27 වැනි වරට සංවිධානය කරනු ලබන ජනාධිපති අපනයන සම්මාන උළෙල ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී 2025 දෙසැම්බර් මාසයේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. මෙවර ද ජනාධිපති අපනයන සම්මාන උළෙල සදහා මාර්ගගතව අයදුම්පත් යොමුකිරීමට අපනයන සමාගම්වලට අවස්ථාව ලබා දී ඇත https://pea.edb.gov.lk…

(0)Comments | July 14, 2025 10:38 am

තහනම් පිරමිඩ යෝජනා ක්‍රම ව්‍යාප්තියට එරෙහි ව ජාතික වශයෙන් දැනුම්වත් කිරීමේ සතිය අද සිට

ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය පාරිභෝගික සබඳතා දෙපාර්තමේන්තුව විසින් 2025 ජූලි 14 වන දින සිට ජූලි 18 වන දින දක්වා තහනම් පිරමිඩ යෝජනා ක්‍රම ව්‍යාප්තියට එරෙහි ව ජාතික වශයෙන් දැනුම්වත් කිරීමේ සතියක් “අහෝ දුකකි, පිරමිඩ උගුලකි” යන තේමාව යටතේ පැවැත්වීමට කටයුතු සම්පාදනය කර ඇත. මූල්‍ය පද්ධතියේ ස්ථායීතාව පවත්වා ගැනීම හා මූල්‍ය පාරිභෝගිකයන්ගේ යහපැවැත්ම ප්‍රවර්ධනය කිරීම…

(0)Comments | July 14, 2025 8:37 am

ජනපති සහ අපනයන කර්මාන්තයට සම්බන්ධ සියලු පාර්ශව අතර සාකච්ඡාවක්

එක්සත් ජනපදය සමඟ පැවති සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස පනවා තිබූ තීරු බදු ප්‍රතිශතය අඩු කර ගැනීමට හැකි වුණා : උපරිම සහන ලබා ගැනීමට සාකච්ඡා අඛණ්ඩව පවත්වාගෙන යනවා – ජනපති ඇමරිකා එක්සත් ජනපදය සමඟ පැවති සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස පනවා තිබු අන්‍යෝන්‍ය තීරු බදු ප්‍රතිශතය 44% සිට 30% දක්වා අඩු කර ගැනීමට හැකි වූ බවත්, එම සාකච්ඡා අඛණ්ඩව පවත්වාගෙන…

(0)Comments | July 14, 2025 8:30 am

මත්තල ගුවන්තොටුපොළ දියුණු කිරීමට රජයේ අවධානය

නිසි ව්‍යාපාරික සැලැස්මකින් තොරව ඉදි කර ඇති මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ හේතුවෙන් ඩොලර් මිලයන 260 ක පමණ ණය මුදලක් ගෙවීමට ඉතිරිව ඇති නමුත් පියවරෙන් පියවර මෙම ජාත්‍යන්තර ගුවන්තොටුපොළ දියුණු කිරීමට බලාපොරොත්තු වන බව ප්‍රවාහන, මහාමාර්ග , වරාය හා සිවිල්ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි. මෙහෙයුම් කටයුතු නිසි ලෙස සිදු නොවීම හේතුවෙන් දැඩි ආර්ථික පරිහානියකට ලක්ව තිබෙන…

(0)Comments | July 11, 2025 4:56 pm