2024 සැප්තැම්බර් මාසයේ පළමු දින 23 පිළිබඳව සලකා බැලීමේ දී සංචාරක පැමිණීමෙහි යම්කිසි ආකාරයක පහළ යාමක් නිරීක්ෂණය වේ. මෙම වකවානුව තුළ දී ශ්‍රී ලංකාවට පැමිණ ඇති මුළු සංචාරකයින් ප්‍රමාණය 92,639ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ නවතම වාර්තාවක් සඳහන් කරයි. ඒ අනුව 2024 වසරේ මේ දක්වා කාලසීමාව තුළ මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින්…
මුදල්, ආර්ථික සංවර්ධන, ප්‍රතිපත්ති සම්පාදන, සැලසුම් සහ සංචාරක අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස පත් වූ කේ. එම්. මහින්ද සිරිවර්ධන මහතා අද (25) සිය ධුරයේ යළි වැඩ භාර ගත්තේ ය. භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම්වරු සහ මුදල් අමාත්‍යාංශය යටතේ වන දෙපාර්තමේන්තුවල ප්‍රධානීහු ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම ලබා ගැනීම සහ මෙරට…
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, මහ බැංකු අධිපති ආචාර්ය පී නන්දලාල් වීරසිංහ මහතා හා මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා අතර සාකච්ඡාවක් ඊයේ (24) පස්වරුවේ පැවැත්විණි. එහිදී ආර්ථිකයේ වත්මන් තත්ත්වය, ආර්ථිකය ස්ථාවර කිරීමේ ක්‍රියාමාර්ග ඇතුළු රටේ ආර්ථිකයට බලපාන කරුණු රාශියක් පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන ලදී .
ජාතික පාරිභෝගික මිල දර්ශකයට (NCPI) අනුව මෙරට ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය 2024 ජූලි මාසයේ දී වාර්තා වූ 2.5% සිට 2024 අගෝස්තු මාසයේ දී 1.1% ක් දක්වා කැපීපෙනෙන ලෙස පහළ ගොස් තිබේ. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවක මේ බව සඳහන් අතර එහිදී 2024 ජූලි මාසයේ දී 2.9% ක් ලෙසින් සටහන්ව තිබූ ආහාර…
කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල දැවැන්ත ඉහළ යාමක් අද (24) දිනයේ දී වාර්තා විය. ඒ අනුව දිනය තුළ සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 237.31 කින් හෙවත් 2.16% කින් ඉහළ ගිය අතර S&P SL20 දර්ශකය ඒකක 76.16කින්, එනම් 2.41% කින් අද දිනය තුළ ඉහළ යන ලදී. දිනයේ ගනුදෙනු අවසානයේ දී ඒ අනුව සියලු කොටස් මිල…
ශ්‍රී ලංකාව 2022 වසරේ දී එතෙක් මෙතෙක් ඉතිහාසයේ මුහුණ දුන් දරුණුතම ආර්ථික අර්බුදයෙන් පසුව, අත්පත් කරගත් දුෂ්කර ජයග්‍රහණ මතින් ආර්ථිකය ප්‍රකෘතිමත් කරලීමේ කර්තව්‍ය උදෙසා අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ එක්ව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි. නිවේදනයක් නිකුත් කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රකාශකයෙකු මේ බව සඳහන් කරන අතර ශ්‍රී ලංකාවේ…
ශ්‍රී ලංකාවේ රෙදිපිළි හා ඇඟලූම් කර්මාන්තය නියෝජනය කරනු ලබන ප‍්‍රධානතම සංගමය වන ඒකාබද්ධ ඇඟලූම් සංගම් සංසදය JAAF ශ්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ අභිනවයෙන් ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාට සිය හෘදයාංගම සුබ පැතුම් එක් කර සිටී. රටේ නායකත්වයේ පරිවර්තනීය වෙනසක් ඇතිව තිබෙන මේ අවස්ථාවේදී රටේ අපනයන මූලික කරගනිමින්…
ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව (SEC) වෙතින් ආයතනික මූල්‍ය උපදේශකයකු (CFA) ලෙස ක්‍රියා කිරීමට බලපත්‍රයක් ලබාගත් ප්‍රථම ශ්‍රී ලාංකීය බැංකුව බවට කොමර්ෂල් බැංකුව පත්ව තිබේ. CFA බලපත්‍රයෙන් ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභා පනතේ 188 වගන්තිය යටතේ ලැයිස්තුගත කර ඇති උපදේශන සේවා සැපයීමටත් එවැනි සේවා සඳහා ගාස්තු සහ කොමිස් අය කිරීමටත් කොමර්ෂල්…
2024 සැප්තැම්බර් 21 වන දිනට යෙදී ඇති ජනාධිපතිවරණය සඳහා ඉතිරිව ඇත්තේ තවත් එක් දිනකි. ඒ සම්බන්ධ වැරදි තොරතුරුවලට එරෙහිව කටයුතු කිරීමට මෙන්ම සිය වේදිකාව තුළ මැතිවරණ කටයුතු අඛණ්ඩව සිදු කිරීම වෙනුවෙන් සිය ප්‍රයත්නයන් තවදුරටත් ඉහළ නැංවීමට කටයුතු කරමින් සිටියි. ජනාධිපතිවරණයේ තීරණාත්මක දින කිහිපයක් වන මෙම කාලය තුලදී ආරක්ෂිත, සත්‍ය හා විශ්වාසදායී තොරතුරු ග්‍රාහකයින් වෙත ලබා…
ශ්‍රී ලාංකීය ධීවර ප්‍රජාව වෙනුවෙන් නිරතුරු සහය සලසන ඩයලොග් ආසිආටා පී. එල්.සී, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සමග අත්වැල් බැඳ ගනිමින් පවත්වාගෙන යන සයුරු සේවාව සඳහා, මොබයිල් App එක එළිදක්වා තිබේ. ධීවර ජනතාවට ප්‍රවේශ විය හැකි පරිදි සිංහල, දෙමළ හා ඉංග්‍රීසි භාෂාවලින් පවත්වාගෙන යන මෙම මොබයිල් App එක, කාලගුණ තොරතුරු හා…