Top News

ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 200ක්

ලෝක බැංකුවේ දකුණු ආසියානු උප සභාපති මාටින් රයිසර් මහතා සිය දෙදින ශ්‍රී ලංකා සංචාරය අද (22) දින නිමා කළේය. සිය දින දෙකක ශ්‍රී ලංකා සංචාරය තුළ ඔහු ජනාධිපති අනුර කුමාර දිසානායක, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සහ අනෙකුත් රාජ්‍ය නිලධාරීන්, පෞද්ගලික ආයෝජකයින් සහ සංවර්ධන හවුල්කරුවන් හමුවී ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය සහ දිගුකාලීන වර්ධනය සඳහා රට දරන අඛණ්ඩ…

(0)Comments | January 22, 2025 4:30 pm

කොටස් වෙළෙඳපොළේ දැවැන්ත වර්ධනයක්. පිරිවැටුම රු. බිලියන 10 පනී

ශ්‍රී ලංකා ප්‍රාග්ධන වෙළෙඳපොළ ඉතිහාසය නැවත වරක් අලුතින් ලියැවුණු දිනයක් ලෙසින් අද (22) දිනය හැඳින්විය හැකිය. ඒ කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය මේ දක්වා ඉතිහාසයේ ඉහළම සංධිස්ථානය වූ ඒකක 16,828.80 ක් දක්වා ඉහළට ඒමට සමත්වීමත් සමගිනි. එහිදී අද දිනය තුළ ඒකක 231..64 ක වර්ධනයක් අත්පත් කර ගැනීමට සමත්විය. මේ අතර S&P SL20 දර්ශකය…

(0)Comments | January 22, 2025 3:51 pm

ජනපති අනුර චීනයේ BYD සහ ගෝලීය කර්මාන්ත නායකයින් හමුවෙයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගියදා චීනයේ සිදුකළ සංචාරයේදී දෙරට අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය සහ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත් වූ අතර ආර්ථික සහයෝගීතාවය වර්ධනය කිරීම සඳහා නව අවස්ථාවන් විවර කළේය. ජනාධිපතිතුමාගේ මෙම සංචාරය අතර සිදු වූ සුවිශේෂී සිදුවීමක් වූයේ නවෝත්පාදනය සහ තිරසාර සංවර්ධනය අවධාරණය කරමින් BYD ඇතුළු ලොව ප්‍රමුඛ පෙළේ සමාගම් සමඟ සාකච්ඡා රැසක් ද…

(0)Comments | January 22, 2025 11:02 am

තේ සෙස් බද්දෙන් 2024 දී රු. බිලියන 1.61 ක ආදායමක්. සියල්ල මහා භාණ්ඩාගාරයට

තේ සඳහා අය කරනු ලබන සෙස් බද්ද හරහා පසුගිය 2024 වසරේ දී රු. මිලියන 1,618.23 ක ආදායමක් උපයා ඇති බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසයි. අද (22) දින පාර්ලිමේන්තුවේ දී වාචික පිළිතුරු අපේක්ෂාවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ලාල් ප්‍රේමනාත් මහතා අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය. මේ අතර…

(0)Comments | January 22, 2025 10:52 am

මුදල් අමාත්‍යාංශ්‍ය සහ සෞදි සංවර්ධන අරමුදල අතර ගිවිසුමක්

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ කින්නියා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පුද්ගලයන් ලක්ෂයකට පමණ සිය ගමනා ගමන සහ ව්‍යාපාර කටයුතු පහසු කරවන කුරින්චකර්නි පාලමේ ඉදිකිරීම් කටයුතු නැවත ආරම්භ කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 10.5ක මුදලක් වෙන්කර ඇති බව මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කරනුයේ, පේරාදෙණිය – බදුල්ල චෙංකලඩි මාර්ග සංවර්ධන ව්‍යාපෘතියේ ඉතිරි…

(0)Comments | January 22, 2025 10:08 am

සංකේන්ද්‍රණය වී ඇති ආර්ථිකය ප්‍රසාරණය කිරීමේ අරමුණින් මෙවර අයවැය ඉදිරිපත් කරනවා – ජනපති

රටේ සෑම ජන කොටසක්ම ආර්ථික ක්‍රියාවලියට සහභාගි කර ගැනීමේ අරමුණින් මෙවර අයවැය සකස් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේ, 2025 අයවැය සකස් කිරීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශ නිලධාරීන් සමග ජනාධිපති ලේකම් කාර්යාලයේ ඊයේ (21) පැවති පූර්ව සාකච්ඡාවට එක්වෙමිනි. ඵලදායී හා කාර්යක්ෂම ලෙස ආර්ථික ක්‍රියාවලිය…

(0)Comments | January 22, 2025 8:57 am

ජාතික උද්ධමනය තවදුරටත් පහළට

ජාතික පාරිභෝගික මිල දර්ශකයට (NCPI) අනුව මෙරට ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය 2024 නොවැම්බර් මාසයේ දී වාර්තා වූ -1.7% සිට 2024 දෙසැම්බර් මාසයේ දී -2.0% ක් දක්වා තවදුරටත් පහළ ගොස් තිබේ. එහිදී 2024 නොවැම්බර් මාසයේ දී 0% ලෙසින් සටහන්ව තිබූ ආහාර උද්ධමනය 2024 දෙසැම්බර් මාසයේ දී -1.0% ක් දක්වා පහළ ගොස් ඇති අතර ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය…

(0)Comments | January 21, 2025 3:54 pm

කොටස් වෙළෙඳපොළ ඓතිහාසික පිම්මක් පනී

කොළඹ කොටස් වෙළෙඳපොළ තවත් සුවිශේෂී සංධිස්ථානයක් පසුකිරීමට අද (21) දිනයේ දී සමත්විය. එහිදී ඉතිහාසයේ මුල්වරට සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 16,500 ඉක්මවා ගිය අතර S&P SL20 දර්ශකය ද ඒකක 5,000 සීමාව පළමු වරට පසුකරනු ලැබීය. එහිදී දිනය තුළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 224.01කින් ඉහළ ගොස් දිනයේ ගනුදෙනු අවසානයේ දී ඒකක 16,597.16 ක් ලෙසත්,…

(0)Comments | January 21, 2025 3:11 pm

රජයේ ප්‍රමුඛ ව්‍යාපෘති සඳහා ලෝක බැංකුවෙන් මූල්‍ය හා තාක්ෂණික සහය

-ලෝක බැංකුවේ දකුණු ආසියා කලාපයේ උප සභාපති මාර්ටින් රේසර් දුප්පත්කම සහමුලින්ම තුරන් කළ හැක්කේ අධ්‍යාපනයෙන් පමණයි – ජනපති රජයේ ප්‍රමුඛ ව්‍යාපෘති සඳහා මූල්‍ය හා තාක්ෂණික සහාය ලබාදීමට කටයුතු කරන බව ලෝක බැංකුවේ දකුණු ආසියා කලාපයේ උප සභාපති මාර්ටින් රේසර් (Martin Raiser) මහතා ප්‍රකාශ කළේය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හා ලෝක බැංකු නියෝජිතයන් අතර ජනාධිපති…

(0)Comments | January 21, 2025 2:59 pm

කොළඹ වරායේ උපදේශක සේවා කොන්ත්‍රාත්තුවක් Dohwa Engineering Co. Ltd වෙත

කොළඹ වරාය පුළුල් කිරීමේ අදියර II හි බටහිර බහාළු පර්යන්තය II සඳහා බටහිර දියකඩනය දීර්ඝ කිරීමේ සවිස්තරාත්මක සැලැස්ම ක්‍රියාත්මක කිරීම පිණිස 2023‑06‑26 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. ඊට අදාළ උපදේශක සේවාව සඳහා තාක්ෂණික සහ මූල්‍ය සහාය ලබා දීමට ආසියානු සංවර්ධන බැංකුව විසින් කැමැත්ත පළ කර ඇති අතර, ආසියානු සංවර්ධන බැංකුවේ නිර්ණායකයන්ට…

(0)Comments | January 21, 2025 2:52 pm