Top News

රේගුව රු. බිලියන 2,550ක ආදායම් ඉලක්කයක් සපුරා ගැනීමට සාමූහිකව කටයුතු කළ යුතුයි – ජනපති

වත්මන් ආණ්ඩුව රටේ ඉදිරි ගමන හා ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම වෙනුවෙන් ගත හැකි සියලු තීන්දු ගන්නවා ආර්ථිකය සමනය කිරීමට රේගුව දරන වෙහෙස ප්‍රශංසනීයයි පසුගිය වසරේ රේගුව අත් කර ගන්නා ලද ඉලක්ක පිළිබඳව ඇගයීමට ලක් කරනවා – ජාත්‍යන්තර රේගු දින සැමරුමට එක්වෙමින් ජනපති කියයි වත්මන් ආණ්ඩුව රටේ ඉදිරි ගමන හා ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම…

(0)Comments | January 28, 2025 11:19 am

ශ්‍රී ලංකා ආර්ථික සමුළුව ජනපති ප්‍රධානත්වයෙන් අද ඇරඹෙයි

ලංකා වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන ශ්‍රී ලංකා ආර්ථික සමුළුව අද (28) සන්ධ්‍යාවේ කොළඹ ෂැන්ග්‍රි ලා හෝටල් පරිශ්‍රයේ දී ආරම්භ වීමට නියමිතය. අද දින සමාරම්භක සැසියට ප්‍රධාන ආරාධිතයා වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්වන අතර එහිදී ලංකා වාණිජ මණ්ඩලයේ නියෝජ්‍ය උප සභාපති බිඟුමාල් තෙවරතන්ත්‍රි මහතා සමඟ තිරසාර ආර්ථික ප්‍රගතිය සඳහා රජයේ දැක්ම පිළිබඳ…

(0)Comments | January 28, 2025 10:47 am

උද්ධමන ඉලක්කයෙන් බැහැරවීම් සම්බන්ධ CBSL වාර්තාව පිළිබඳව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අවධානය

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික අංශය (SME) වෙනුවෙන් සහන සැපයීම සහ දිරිමත් කිරීම සම්බන්ධයෙන්ද අවධානය. ශ්‍රී ලංකා මහ බැංකු පනතේ 26 (5) වගන්තියේ ඇති මුදල් ප්‍රතිපත්ති රාමුව පිළිබඳ ගිවිසු‍මේ දක්වා ඇති පරිදි උද්ධමන ඉලක්කයෙන් බැහැරවීම් සම්බන්ධ ශ්‍රී ලංකා මහ බැංකුවේ (CBSL) වාර්තාව පිළිබඳව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවදී (COPF) සාකච්ඡාවට ලක් විය. මෙම වාර්තාව 2024…

(0)Comments | January 28, 2025 10:07 am

වසර 28කට පසුව ක්‍රියාත්මක වූ අපනයන සංවර්ධන අමාත්‍ය සභාව

2030 වසර සඳහා ඩොලර් බිලියන 36ක අපනයන ඉලක්කයක් ලබන කාර්තුවේදී අපනයන අදායමේ ඉහළ යාමක් බලාපොරොත්තු වෙනවා – ජනපති අපනයන සංවර්ධන අමාත්‍ය සභාවේදී පවසයි. නව රජයේ “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” ප්‍රතිපත්තියට අනුව 2030 වන විට අපනයන ආදායම ඩොලර් බිලියන 36ක් දක්වා වර්ධනය කර ගැනීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට…

(0)Comments | January 27, 2025 4:56 pm

වාර්තා තබමින් කොටස් වෙළෙඳපොළ අදත් ඉහළට

කොළඹ කොටස් වෙළෙඳපොළ දිගින් දිගටම අලුත් වන වාර්තාවන් නැවත වරක් බිඳ දමමින් අද (27) ගණුදෙනු අවසානයේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 126.81කින් ඉහළ ගොස් ඉතිහාසයේ ඉහළම අගය යළිත් වරක් සනිටුහන් කරමින් ඒකක 17,044.67 ක් ලෙසින් සටහන් විය. පසුගිය ජනවාරි 23 වනදා පළමු වරට සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 17,000 සීමාව පසු කරනු ලැබීය. මේ…

(0)Comments | January 27, 2025 4:19 pm

ව්‍යාපාර විශ්වාසය ඉහළට. වසර 10කට පසු වැඩිම අගය 2025 ජනවාරියේ දී

ශ්‍රී ලංකාවේ පුරෝගාමී ව්‍යාපාරික සඟරාව වන LMD හා මෙරට ප්‍රමුඛතම සමීක්ෂණ ආයතනයක් වන PEPPERCUBE විසින් මාසිකව ප්‍රකාශයට පත් කරනු ලබන LMD-PEPPERCUBE Business Confidence Index හෙවත් BCI දර්ශකය 2025 ජනවාරි මාසය තුළ දී පදනම් අංක 24ක දැවැන්ත වර්ධනයක් අත්පත් කර ගැනීමට සමත්ව ඇත. ඒ අනුව 2025 ජනවාරි මාසය වන විට විට මෙම BCI දර්ශකයේ අගය 198…

(0)Comments | January 27, 2025 4:16 pm

රුපියල අවප්‍රමාණය වෙලා

2025 වසරේ ජනවාරි 01 සිට ජනවාරි 24 දක්වා කාලපරිච්ඡේදය තුළ දී එක්සත් ජනපද ඩොලරයට එරෙහිව ශ්‍රී ලංකා රුපියලේ අවප්‍රමාණයක් වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මහ බැංකුව සිය සතිපතා ආර්ථික දර්ශක වාර්තාව මගින් පෙන්වා දෙන පරිදි මෙම වකවානුව තුළ ශ්‍රී ලංකා රුපියල ඩොලරයට එරෙහිව 2.1%කින් අවප්‍රමාණය වී තිබේ. 2024 වසර තුළ දී ශ්‍රී…

(0)Comments | January 27, 2025 2:33 pm

ඩොලර් බිලියන 16.17ක ඉතිහාසයේ ඉහළම අපනයන ආදායම 2024 දී

2024 වසරේ සමස්ත අපනයන ආදායම එක්සත් ජනපද ඩොලර් බිලියන 16.17ක් බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ නවතම වාර්තා අනාවරණය කරයි. මෙය මෙතෙක් ඉතිහාසයේ ශ්‍රී ලංකාව උපයා ඇති ඉහළම අපනයන ආදායම වේ. මෙය මීට පෙර ඉහළම වාර්ෂික අපනයන ආදායම වූ 2018 වසරේ දී වාර්තා වී තිබෙන ‌ඩොලර් බිලියන 15.72 අභිබවා යාමකි. මෙම අගය ඩොලර් බිලියන 12.70…

(0)Comments | January 27, 2025 10:35 am

ශ්‍රී ලංකාවේ ව්‍යාපෘති අවලංගු කර නැහැ. අදානිගෙන් නිවේදනයක්

අදානි සමාගම විසින් ශ්‍රී ලංකාවේ මන්නාරම සහ පූනරින් හි ක්‍රියාත්මක කිරීමට යෝජිත මෙගාවොට් 484 ක සුළං බල ව්‍යාපෘති අවලංගු කර ඇති බවට පළ වන වාර්තා ප්‍රතික්ෂේප කරනු ලබන බව අදානි සමූහය පවසයි. මේ සම්බන්ධයෙන් නිල ප්‍රකාශයක් නිකුත් කරමින් එහි ප්‍රකාශකයෙකු පවසන්නේ එම වාර්තා අසතය හා නොමග යවනසුළු ඒවා බවයි. 2025 ජනවාරි 2 වන දින ශ්‍රී…

(0)Comments | January 24, 2025 4:55 pm

ශ්‍රී ලංකාව හා එක්සත් රාජධානිය අතර වෙළඳ හා ආයෝජන අවස්ථා පුළුල් කිරීම පිළිබඳ සාකච්ඡා

දෙරට අතර වෙළඳ සබඳතා ශක්තිමත් කර ගැනීමට සිදුවූ දේශපාලන වෙනස මනා පිටුවහලක් වනු ඇතැයි බ්‍රිතාන්‍යයේ ආසියානු කටයුතු පිළිබඳ කොමසාරිස් හා බටහිර ඉන්දියාව සඳහා බ්‍රිතාන්‍ය නියෝජ්‍ය මහ කොමසාරිස් හර්ජින්දර් කන්ග් (Harjinder Kang) මහතා පවසයි. ඒ මහතා මේ බව ප්‍රකාශ කලේ ඊයේ (23) පස්වරුවේ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා හමුවූ අවස්ථාවේදීය. මේ අවස්ථාව…

(0)Comments | January 24, 2025 4:34 pm