Top News

ශ්‍රී ලාංකේය ඇඟලුම් කර්මාන්තය 2024 වසරේදී 5% ක අපනයනය වර්ධනයක් සමඟින් අනාගත දියුණුව පිළිබඳ අවධානය යොමු කරයි

ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය (JAAF) පවසන පරිදි 2024 වසරේ ඇඟලුම් අපනයනය තුළින් ශ්‍රී ලංකාව අත්කරගෙන ඇති ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 4.7කි. පෙර වසරට සාපේක්ෂව 5%කට ආසන්න වර්ධනයක් සනිටුහන් කරන එම ආදායම සඳහා මෙරට රෙදිපිළි ආනයනයද ඇතුළත් කළහොත් සමස්ත ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 5 ඉක්මවා යනු ඇත. මේ තුළින් පෙන්නුම් කරන්නේ දේශීය හා ගෝලීය අභියෝගයන් මධ්‍යයේ…

(0)Comments | January 29, 2025 12:56 pm

අපනයන ආදායමෙන් 90%ක් ගේන්නේ අපනයනකරුවන්ගෙන් 10%ක්. කුඩා කණ්ඩායමක් වටා ආර්ථිකය සංකේන්ද්‍රණය වෙලා – ජනපති කියයි

මෙරට මුළු අපනයන ආදායමෙන් 90%ක් උපයනු ලබන්නේ අපනයනකරුවන් 10%ක් විසින් පමණක් බව ජනාධිපති අනුර කුමාර දිසානයක මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව පැහැදිලි කරමින් පවසා සිටියේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය එක් කුඩා කණ්ඩායමක් වටා සංකේන්ද්‍රණය වී ඇති බැවින් මෙරට ආර්ථිකය පහළට ප්‍රසාරණය කළ යුතු බවයි. ඊයේ (28) පස්වරුවේ කොළඹ දී ආරම්භ වූ “ශ්‍රී ලංකා ආර්ථික සමුළුව -2025”…

(0)Comments | January 29, 2025 11:20 am

පැරණි කෝණයෙන්ම බලන්නේ නැහැ. කොටස් වෙළෙඳපොළට යන්න පුළුවන් ද බලනවා – ජනපති ආර්ථික සමුළුවේ දී කියයි

මෙරට තුළ ක්‍රියාත්මක අසාර්ථක මෙන්ම දූෂීත පරිපාලන ව්‍යුහයක් සහිත රාජ්‍ය ආයතන දෙස පැරණි කෝණයෙන් නොබලා එම ආයතන තුළ ව්‍යූහාත්මක වෙනසක් සිදු කිරීමට තම රජය සූදානම් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, ඊයේ (28) පස්වරුවේ කොළඹ දී ආරම්භ වූ “ශ්‍රී ලංකා ආර්ථික සමුළුව -2025” අමතමිනි. ඔහු එහි දී වැඩි දුරටත්…

(0)Comments | January 29, 2025 10:26 am

හිතුවාට වඩා ගැඹුරු අවධමනයක් ඉදිරියේ දී 

ප්‍රධාන වශයෙන් 2025 ජනවාරි මාසයේදී ප්‍රකාශයට පත් කරන ලද විදුලි ගාස්තු සංශෝධනයේ දී අපේක්ෂිත ප්‍රමාණයට වඩා පහළට ගැලපීම හේතුවෙන්, කලින් ප්‍රක්ෂේපණය කළ ප්‍රමාණයට වඩා ගැඹුරු අවධමනයක් ඉදිරියේ දී පෙන්නුම් කරනු ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. කෙසේවෙතත් 2025 මැද භාගයේ සිට උද්ධමනය ධනාත්මක වනු ඇති බවත්, සුදුසු ප්‍රතිපත්ති ගැලපීම් මගින් සහාය වන මධ්‍ය කාලීනව…

(0)Comments | January 29, 2025 8:12 am

මුදල් ප්‍රතිපත්තිය ස්ථාවරයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ (28) පැවති රැස්වීමේදී මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය දැනට පවතින මට්ටමේ පවත්වාගෙන යෑමට තීරණය කර ති‌බේ. ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය (OPR) සියයට 8.00 මට්ටමේ නොවෙනස්ව පවතිනු ඇත.

(0)Comments | January 29, 2025 7:54 am

මහ බැංකුවෙන් වැදගත් තීරණයක් හෙට

2025 අංක 01 දරන මුදල් ප්‍රතිපත්ති විවරණය හෙට (29) පෙරවරුවේ දැනුම් දෙනු ලබන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ඒ සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය අද (28) දින රැස්වීමට නියමිතය. ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය, මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය සම්බන්ධයෙන් තීරණය කිරීම සඳහා මීට පෙර අවසන් වරට පසුගිය වසරේ නොවැම්බර් 26…

(0)Comments | January 28, 2025 4:17 pm

ශ්‍රී පාලි මණ්ඩපයේ සිසුන්ට ක්‍රීඩා කරන්න කොටගල වැවිලි සමාගමෙන් අක්කර 2.5ක්

කොළඹ විශ්වවිද්‍යාලයට අනුබද්ධ ශ්‍රී පාලි මණ්ඩපය තුළ සිසුන් 850ක් පමණ අධ්‍යාපනය හදාරනු ලබන අතර, සිසුන් හට ක්‍රීඩා කිරීම හා ක්‍රීඩා උත්සව පැවැත්වීම සඳහා සුදුසු ක්‍රීඩා පිටියක් නොමැති වීම දැඩි අඩුපාඩුවක්ව පවතී. එබැවින්, ශ්‍රී පාලි මණ්ඩපයට යාබදව ඇති කොටගල වැවිලි සමාගම යටතේ පවතින සොරණ වතුයායට අයත් වන, දැනට කිසිදු වගාවක් සිදු කර නොමැති අක්කර 2.5ක් වන ඉඩම්…

(0)Comments | January 28, 2025 3:54 pm

අදානිගෙන් විදුලි ඒකකයක් ඩොලර් සත 6කට වඩා අඩුවෙන් ගන්න රජය සාකච්ඡා අරඹයි

අදානි පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතියට අනුව විදුලිය මිල දී ගැනීමේ මිල ඩොලර් සත 6කටත් වඩා අඩු ප්‍රමාණයක් දක්වා පහළට ගෙන යාමට සාකච්ඡා සිදුකරමින් සිටින බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියෙකු කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසීය. පසුගිය සතිය තුළ දී මෙම අදානි…

(0)Comments | January 28, 2025 2:36 pm

ශ්‍රී ලාංකීය විශ්වවිද්‍යාල ගණනාවක් විදේශීය විශ්වවිද්‍යාල සමඟින් අවබෝධතා ගිවිසුම්වලට එළඹීමේ තීරණයක්

ශ්‍රී ලාංකීය විශ්වවිද්‍යාල ලෝක ශ්‍රේණිගත කිරීම් දර්ශකවල ඉහළට ඔසවා තැබීම හා අන්තර්ජාතිකකරණය උදෙසා විදේශීය විශ්වවිද්‍යාල සමඟ උසස් අධ්‍යාපනික සහයෝගිතාවයන් වර්ධනය කිරීමේ අරමුණ පෙරදැරිව මෙරට විශ්වවිද්‍යාල හා විදේශීය විශ්වවිද්‍යාල සමඟ පහත සඳහන් අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීම පිණිස අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍යවරිය ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී: *…

(0)Comments | January 28, 2025 1:44 pm

මහ බැංකුවට දැන් කරන්න බැරි වැඩක් ගැන කැබිනට් තීරණයක්

“නව සපිරි ග්‍රාමීය ණය යෝජනා ක්‍රමය – සරුසාර” පොලී සහනාධාර යෝජනා ක්‍රමය 2025 වර්ෂයේ සිට වාර්ෂික වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක කිරීම කෙටිකාලීන භෝග සහ ගෙවතු වගාවල යෙදෙන සුළු සහ කුඩා පරිමාණ ගොවීන්ගේ කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සපුරාලීම පිණිස “සරුසාර” නව සපිරි ග්‍රාමීය ණය යෝජනා ක්‍රමය හඳුන්වා දී ඇති අතර, එය ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව…

(0)Comments | January 28, 2025 1:03 pm