Top News

SLISB ප්‍රතිව්‍යුහගත කිරීමෙන් රු. බිලියන 45ක පාඩුවද දරමින් කොමර්ෂල් බැංකුව 2024 වසරේදී විශිෂ්ඨ කාර්යසාධනයක් පෙන්වයි

ශ්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික අංශයේ බැංකුව සහ එහි අනුබද්ධ සමාගම් වලින් සමන්විත කොමර්ෂල් බැංකු සමූහය, කොළඹ කොටස් වෙළඳපොළ (CSE) වෙත සිය වාර්ෂික මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීමේ දී 2024 වසර සඳහා ශක්තිමත් මූල්‍ය කාර්යසාධනයක් වාර්තා කර ඇත. හානි පූර්ණ ගාස්තු සහ අනෙකුත් පාඩු සඳහා විචක්ෂණශීලීව ප්‍රතිපාදන වෙන් කිරීම, ඵලදායී ශේෂ පත්‍ර කළමනාකරණය සහ ණය දීමේ කටයුතු…

(0)Comments | March 4, 2025 3:54 pm

ජනවාරි 15 පසු ප්‍රථම වරට ASPI ඒකක 16,000 පහළට

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකයේ අගය අද(04) ඒකක 16,000 සීමාවෙන් පහළට පැමිණ තිබෙනු නිරීක්ෂණය කළ හැකි විය. මෙලෙස සියලු කොටස් මිල දර්ශකය ඒකක 16,000 සීමාවෙන් පහළට පැමිණ ඇත්තේ ජනවාරි 15 වන දිනෙන් පසුව වීම විශේෂත්වයකි. ඒ අනුව දිනයේ ගණුදෙනු අවසානයේ සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 297.05කින් පහළ ගොස් ඒකක 15,870.25ක් ලෙසින් සටහන්…

(0)Comments | March 4, 2025 3:22 pm

සෞඛ්‍ය කේෂ්ත්‍රයට ADBයෙන් ගත්ත ණය පියවීමේ කාලය දිගු වෙයි

මධ්‍යම, උතුරු මැද, ඌව සහ සබරගමුව යන පළාත්වල ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතියේ කාර්යක්ෂමතාව, සමානාත්මතාව සහ ප්‍රතිචාරාත්මකබව වැඩිදියුණු කිරීම අපේක්ෂා කරමින් ආසියානු සංවර්ධන බැංකු අරමුදල් මඟින් සෞඛ්‍ය පද්ධතිය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය අදියර 02ක් යටතේ ක්‍රියාත්මක කර ඇත. ඒ සඳහා වන මුල් මූල්‍යකරණය ඇමෙරිකානු ඩොලර් මිලියන 37.5ක ණය මුදලකින් හා ඇමෙරිකානු ඩොලර් මිලියන 12.5ක ප්‍රදානයකින් සමන්විත වේ….

(0)Comments | March 4, 2025 12:36 pm

සියඹලාණ්ඩුව සූර්ය බලශක්ති ව්‍යාපෘතියට හෙක්ටයාර් 219.7ක ඉඩම් ප්‍රදානයක්

වසර 2030 වන විට රටේ විදුලිබල ඉල්ලුමෙන් 70%ක් පමණ පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් සපුරා ගැනීමට රජය අපේක්ෂා කරනු ලබයි. එම ප්‍රතිපත්තියට අනුව, සියඹලාණ්ඩුව මෙගාවොට් 100 සූර්ය විදුලිබල උද්‍යාන පහසුකම එක් ප්‍රධාන ව්‍යාපෘතියක් වශයෙන් හඳුනාගෙන ඇත. එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ගොවිතැන් කටයුතු හෝ වෙනත් වගාවන් සිදු නොකරන හෙක්ටයාර 219.7233ක භුමි භාගයක් හඳුනාගෙන තිබේ. යෝජිත ව්‍යාපෘතියේ උපායමාර්ගික…

(0)Comments | March 4, 2025 12:25 pm

ත්‍රිකුණාමලය තෙල් ටැංකි 24ක් සංවර්ධනයට කැබිනට් අනුමැතිය

ශ්‍රී ලංකා රජය, ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව, ලංකා ඉන්දියානු තෙල් සමාගම සහ ත්‍රිකුණාමල ඛනිජතෙල් පර්යන්ත සමාගම විසින් චීන වරායේ තෙල් ටැංකි අංගනයෙහි හිමිකාරිත්වය, සංවර්ධනය සහ භාවිතය සඳහා වන ගිවිසුමකට 2022-01-06 දින අත්සන් තබා ඇත. එම ගිවිසුමේ විධිවිධාන පරිදි ත්‍රිකුණාමල ඉහළ ටැංකි අංගනයේ ඇති ටැංකි විසි හතරක් (24) ගිවිසුම ආරම්භ වන දිනයේ සිට වසර 50ක කාලයක්…

(0)Comments | March 4, 2025 12:20 pm

පීටර් බෘෘවර්ගෙන් ලංකාව ගැන සතුටුදායක ආරංචියක්

අනාගතයේ දී ශ්‍රී ලංකාවේ අනාගතය සුබදායී වනු ඇති බවත්, පසුගිය අර්බුද සමයේ ශ්‍රී ලංකාවෙන් පිටව ගිය පිරිස නැවතත් ඉදිරි කාලයේ දී මෙරටට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී ආචාර්ය පීටර් බෲවර් පවසයි. ඔහු මේ බව පවසා සිටියේ අද (04) පෙරවරුවේ පැවති ශ්‍රී ලංකාවේ විස්තීර්ණ ණය පහසුකම සම්බන්ධයෙන් තෙවන සමාලෝචනය අවසන්…

(0)Comments | March 4, 2025 9:51 am

මාර්තු ආරම්භයේ දීම කොටස් වෙළෙඳපොළේ දරුණු පසුබැස්මක්

2025 මාර්තු මාසයේ පළමු ගනුදෙනු දිනයට කොළඹ කොටස් වෙළෙඳපොළ විවෘත වූ අද (03) දිනයේ දී මිල දර්ශකවල දැවැන්ත කඩා වැටීමක් වාර්තා වුණි. එහිදී දිනය තුළ සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 311.37කින් සහ S&P SL20 දර්ශකය ඒකක 103.96කින් පහළ ගිය අතර දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකට ඒකක 16,167.30 ක් ලෙසත් S&P SL20…

(0)Comments | March 3, 2025 4:15 pm

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි තෙවන සමාලෝචනය සාර්ථකව නිමකිරීම සම්බන්ධයෙන් රජයට ලංකා වාණිජ මණ්ඩලයෙන් සුබපැතුම්

අඛණ්ඩ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණයන්හි වැදගත්කම අවධාරණය කෙරේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි (IMF) විස්තීරණ අරමුදල් පහසුකමෙහි (EFF) විධිවිධාන යටතේ තෙවැනි සමාලෝචනය සාර්ථකව නිම කිරීම පිළිබඳව ලංකා වාණිජ මණ්ඩලය ශ්‍රී ලංකා රජයට තම සුබ පැතුම් එක්කරයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතියත් සමගම ශ්‍රී ලංකාවට ලැබෙන මුල්‍යාධාරය රටෙහි ආර්ථික ප්‍රකෘතිය සඳහා අත්‍යවශ්‍ය සහයෝගයක් සපයනු ඇත. ලංකා වාණිජ මණ්ඩලය විසින්…

(0)Comments | March 3, 2025 2:13 pm

2025 සංචාරක පැමිණීම ලක්ෂ 5ට ආසන්න වෙයි

2025 පෙබරවාරි මාසය අවසන් වීමත් සමඟ මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 485,102ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. එම අධිකාරිය සිය නවතම වාර්තාවන් ඉදිරිපත් කරමින් පෙන්වා දෙන්නේ පෙබරවාරි මාසයේ පළමු දින 27 තුළ පමණක් 232,341 ක සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇති බවයි. පෙබරවාරි මාසයේ සෑම දිනක් තුළම 6400 ඉක්ම වූ සංචාරකයින් පිරිසක් පැමිණ…

(0)Comments | March 3, 2025 11:54 am

2025 ජනවාරියේ දී සංචාරක කර්මාන්තයෙන් ඩොලර් මිලියන 400ක ආදායමක්

2025 ජනවාරි මාසයේ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 400.7ක සංචාරක ඉපැයීමක් වාර්තා කිරීමට හැකිව ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම සංඛ්‍යාලේඛන අනාවරණය කරයි. මෙය 2024 ජනවාරි මාසයේ දී වාර්තා වුණු ඩොලර් මිලියන 341.8ක සංචාරක ඉපැයීම් ප්‍රමාණය හා සැසඳීමේ දී 17.2% ක වර්ධනයකි. මේ අතර ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරන්නේ 2025 පෙබරවාරි 1…

(0)Comments | March 3, 2025 10:55 am