CDB කාබන් පිය සටහන අවම කළ දකුණු ආසියානු කලාපයේ පළමු මූල්‍ය ආයතනය බවට පත්වේ

    June, 9, 2016

    සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී (CDB), කාබන් පිය සටහන අවම කිරීම වෙනුවෙන් ISO 14064-1:2006 සහතික ලත් දකුණු ආසියානු කලාපයේ පළමු මූල්‍ය ආයතනය බවට පත්වී ඇත. ශ‍්‍රී ලංකා කාබන් අරමුදලේ ප‍්‍රධාන විධායක නිලධාරි බුද්ධික හේමශාන්ත මහතා විසින් CDB ආයතනයේ ප‍්‍රධාන මූල්‍ය නිලධාරි හා අධ්‍යක්ෂ දමිත් තෙන්නකෝන් මහතා හට කාබන් පිය සටහන අවම කිරීම වෙනුවෙන් වූ සහතිකය ප‍්‍රදානය කිරීම පසුගියදා CDB ප‍්‍රධාන පරිශ‍්‍රයේදී සිදුවිය.

    ''අප සැලසුම වී තිබෙන්නේ 2016 වසර අවසන් වනවිට කාබන් පිය සටහන සියයට 10 කින් අඩු කිරීමයි. බලශක්ති සංරක්ෂණය පිළිබඳ අප කාර්යමණ්ඩලය හා හවුල්කරුවන් නිරන්තරයෙන් දැනුවත් කිරීමට කටයුතු කරන්නේ ද මේ අරමුණ පෙරදැරිවයි. සමාජයේ සෑම පාර්ශ්වයක්ම තිරසාර පාරිසරික ක‍්‍රියාකාරකම් පිළිබඳ දැනුවත් කරමින් සුරක්ෂිත හරිත පරිසරයක් නිර්මාණය කිරීම අප අරමුණ වී තිබෙනවා.'' මෙම සුවිශේෂී ජයග‍්‍රහණය පිළිබඳ පැහැදිලි කරමින් CDB ආයතනයේ ප‍්‍රධාන මූල්‍ය නිලධාරි හා අධ්‍යක්ෂ දමිත් තෙන්නකෝන් මහතා පැවසුවේය.

    ''කාබන් පිය සටහන අවම කර මෙරට හරිත ආර්ථිකයක් කරා ගෙනයෑමට සියලූම ආයතන වලට සහයවීම අප අරමුණයි. අපට මෙන්ම මීළග පරම්පරාවට ද තිරසාර අනාගතයක් හිමිකරදීමට මෙවැනි නව්‍යකරණයන් අත්‍යවශ්‍ය වෙනවා.'' ශ‍්‍රී ලංකා කාබන් අරමුදලේ ප‍්‍රධාන විධායක නිලධාරි බුද්ධික හේමශාන්ත මහතා පැවසුවේය.

    ''නිවසේ හා කාර්යාලීය කටයුතු වලදී අප යොදාගන්නා මෙවලම් වලින් පරිසරයට නිකුත් වන කාබන් ප‍්‍රමාණය සටහන් කිරීම අප සැලසුම වී තිබෙනවා. මෙමගින්, දෛනිකව සිදුවන කාර්යයන් වලින් පරිසරයට සිදුකෙරෙන බලපෑම ගැන සාමාන්‍ය ජනතාවට ද අවබෝධයක් ලබාගැනීමට හැකියි. ඒ නිසාම කාබන් පිය සටහන අවම කරන නිෂ්පාදන මිලදී ගැනීමට අපේ අනාගත පරම්පරාව නිතැතින්ම පෙළඹෙනු ඇත'' වැඩිදුරටත් අදහස් දැක්වූ බුද්ධික හේමශාන්ත මහතා පැවසුවේය.

    තිරසාර පාරිසරික ප‍්‍රමිතීන් වලට අනුව පරිසරයට නිකුත් කරන කාබන් ප‍්‍රතිශතය අවම කළ දකුණු ආසියානු කලාපයේ පළමු මූල්‍ය ආයතනය CDB බව නිළ වශයෙන් නිවේදනය කළේ ශ‍්‍රී ලංකා කාබන් අරමුදල මගින් වන අතර මෙය මහවැලි සංවර්ධන හා පරිසර අධිකාරිය යටතේ ක‍්‍රියාත්මක වන්නකි.

    CDB, කාබන් පිය සටහන අවම කළ දකුණු ආසියානු කලාපයේ පළමු ආයතනය ලෙස තෝරාගැනීමේදී විශේෂයෙන් සැලකිල්ලට ලක්වූ කරුණු කිහිපයක් විය. CDB ආයතනයේ කාර්යමණ්ඩලය ගෙන යන වාහන, නිළ ගුවන් ගමන් හා ප‍්‍රධාන පරිශ‍්‍රයේ සිදුකෙරෙන බලශක්ති පරිභෝජනය මගින් පරිසරයට විමෝචනය වන කාබන් ප‍්‍රතිශතය ගණනය කිරීම මෙහිදී විශේෂයෙන් අවධානයට ලක්වුණු කරුණක් විය.

    CDB අනාගත පරපුරට තිරසාර ලොවක් නිර්මාණය කරදීම වෙනුවෙන් සුවිශේෂී ව්‍යාපෘති ගණනාවක් ක‍්‍රියාවට නංවයි. 'මිහිකතට ආදරෙන්' CDB මගින් වසර ගණනාවක් පුරා දියත් කරන සුවිශේෂී පාරිසරික ව්‍යාපෘතියයි. පරිසරය සුරක්ෂිත කිරීම පිළිබඳ කුඩා දරුවන් මෙන්ම සමාජයේ සියලූ පාර්ශ්වයන් අතර දැනුවත්භාවය ඇතිකිරීම මෙමගින් සිදුවේ. CDB මගින් දියත් කරන අනෙකුත් තිරසාර පාරිසරික ව්‍යාපෘති අතරට ගස්වැල් රෝපණය හා වන සංරක්ෂණය, ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය හා කඩදාසි ප‍්‍රතිචක‍්‍රිකරණය කිරීම 3R සංකල්පයට අනුව ක‍්‍රියාත්මක කරන අපද්‍රව්‍ය කළමනාකරණ, පරිසර ¥ෂණය වැළැක්වීම හා මහජන සෞඛ්‍යයට වන බලපෑම අවම කිරීම ආදී කාර්යයන් මේ අතරට ඇතුළත්ය.

    සේයා රූ සටහන - ශ‍්‍රී ලංකා කාබන් අරමුදලේ ප‍්‍රධාන විධායක නිලධාරි බුද්ධික හේමශාන්ත මහතා, CDB සමාගමේ ප‍්‍රධාන මූල්‍ය නිලධාරි හා අධ්‍යක්ෂ දමිත් තෙන්නකෝන් මහතා වෙත කාබන් පිය සටහන අවම කිරීම වෙනුවෙන් වූ සහතිකය ප‍්‍රදානය කරන අයුරු, CDB සමාගමේ ප‍්‍රධාන ණය හා අලෙවි නිලධාරි/අධ්‍යක්ෂ සෂීන්ද්‍ර මුණසිංහ මහතා, CDB සමාගමේ කලමනාකාර අධ්‍යක්ෂ, ප‍්‍රධාන විධායක නිලධාරි මහේෂ් නානායක්කාර මහතා හා CDB සමාගමේ ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරි/අධ්‍යක්ෂ රෝෂන් අබේගුණවර්ධන මහතා ඇතුළු පිරිස වමේ සිට දකුණට සිටියි