CDS ආයතනය නව කාර්යාලයකින් වැඩ අරඹයි

    August, 14, 2017

    කොළඹ කොටස් හුවමාරුවෙහි පුර්ණ හිමිකාරිත්වයක් සහිත සමාගමක් වන මධ්‍යම තැන්පතු ක්‍රම පුද්ගලික සමාගමෙහි (CDS) රාජගිරිය නගරයෙහි පිහිටා ඇති නව කාර්යාලය විවෘත කිරීමෙන් වැඩ ඇරඹීම පසුගිය 10 වන දින සිදු විය. M&M මධ්‍යස්ථානය පහළ මහළෙහි පිහිටි, අංක 341/5, කෝට්ටේ පාර, රාජගිරිය දරණ ස්ථානයෙහි පිහිටා ඇති මෙම පරිශ්‍රයේ කටයුතු කිරීම තුලින් අනාගතයේදී CDS ආයතනය ව්‍යාප්ත කිරීමට සහ CDS සේවාවන් පුළුල් කිරීමට හැකි වනු ඇත.

    මෙහිදී ඉහත ලිපිනය සියලු ගනුදෙනු සඳහා භාවීතා වන අතර සමාගමේ වෙබ්අඩවිය (www.cds.lk), දුරකථන අංකය (+94 11 2356456), ෆැක්ස් අංකය (+94 11 2440396) යන විස්තර නොවෙනස්ව පවති. CDS විසින් දැනට ක්‍රියාත්මක කරුනු ලබන ප්‍රතිපත්තින් හා ක්‍රියාපටිපාටීන් මෙම ලිපිනය වෙනස්වීම තුලින් වෙනස් වන්නේ නැත.

    CDS ආයතනය ස්ථාපනය කරන ලද්දේ දේශීය හා විදේශීය ආයෝජකයින්ගේ සුරැකුම්පත් නිෂ්කාශනය, ගනුදෙනු සිදුකිරීම හා සුරැකුම්පත් සුරක්ෂණය ආදී විශේෂිත අරමුණු රැසක් පූරණය කිරීමේ අරමුණ පෙරදැරිවය. වර්තමානයේදී ඉහත මූලික කාරනා වලට අමතරව විද්‍යුත් මෙහෙයුම් කටයුතු, ගිණුම් සේවා, සාංගමික ක්‍රියාකාරකම් වලට අදාළ සේවා හා ගනුදෙනු කරුවන්ට අදාළ නිෂකාෂණ හා බේරුම්කරණ සේවාද සිදුකරනු ලබන්නේ CDS ආයතනය නොකඩවා සිදු කරන ලද තාක්ෂණික වර්ධනයන්, නව්‍යතාවයන් අනුගමනය කිරීම ආදිය නිසයි.