CEB සහ CPC සඳහා ජාත්‍යන්තර ඇගයීම් ඉල්ලීමේ සූදානමක්

    March, 20, 2014

    ලංකා විදුලි බල මණ්ඩලය, ලංකා ඛනිජ තෙල් සංස්ථාව, ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ඇතුළු රාජ්‍ය ආයතන කිහිපයක් සඳහා ජාත්‍යන්තර ණය ඇගයීමේ ආයතන වලින් ඇගයීම් ලබාගැනීම සඳහා එම ආයතන යොමු කිරීමට මුදල් අමාත්‍යංශය සූදානම් වේ.

    මෙහි මුල් පියවරක් ලෙස මෙම ආයතන විසින් රජයෙන් ලබාගෙන තිබෙන දැවැන්ත ණය මුදල් ආපසු අයකර ගන්නේ නැතිව ඒවා කොටස් බවට හරවා ශේෂ පත්‍රවල දැක්වීමට මුදල් අමාත්‍යංශය තීරණය කර තිබේ.

    මේ පිළිබඳව මහා භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම් එස්.ආර්.ආටිගල මහතා අප සමග අදහස් දැක්වූයේ මෙසේයි.

    “අපේ ඉලක්කය වන්නේ මෙම ආයතන ජාත්‍යන්තර ණය ඇගයීම් ලබාගැනීම සඳහා යොමු කිරීමටයි. එවිට ඒවා ලාභ ලබන සේ හොඳින් පවත්වාගෙන යාමට සිදු වෙනවා. දැනට රාජ්‍ය බැංකු වලට ජාත්‍යන්තර ණය ඇගයීම් තිබෙනවා. මේ ආකාරයට ලංකා විදුලි බල මණ්ඩලයටත් ලංකා ඛනිජ තෙල් සංස්ථාවටත් ණය ඇගයීම් ලබාගැනීමයි අපේ අරමුණ.“

    ඛනිජ තෙල් සංස්ථාව හා විදුලි බල මණ්ඩලය දැවැන්තව පාඩු ලබන රාජ්‍ය ආයතන වේ.