CIFL තැන්පත්කරුවන්ට මුදල් ගෙවීම ඇරඹෙයි

    August, 29, 2018

    මුදල් ව්‍යාපාර පනතේ 37(3) වග්නිතයට අනුකූලව 2018.03.05 දින සිට වලංගු වන පරිදි සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆිනෑන්ස් පී.එල්.සී. (CIFL) ආයතනයට නිකුත් කරනු ලැබූ බලපත්‍රය මුදල් මණ්ඩලය විසින් අවංලගු කරන ලදී.

    2010 අංක 1 දරන ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමය පිළිබඳ නියෝගයන් (සංශෝධනය කරන ලද) ප්‍රකාරව 2018.08.27 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆිනෑන්ස් පී.එල්.සී. ආයතනයේ රක්ෂණය කරන ලද තැන්පත්කරුවන් සඳහා හානිපූරණ ගෙවීම් ආරම්භ කරන ලද බව ශ්‍රි ලංකා මහ බැංකුව සතුටින් දැනුම් දෙනු ලබයි.

    සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆිනෑන්ස් පී.එල්.සී. ආයතනයේ සුදුසුකම්ලත් හා හිමිකම්පාන ලද සියලු තැන්පත්කරුවන් සඳහා ගෙවා නිමවන තුරු හානිපුරණ ගෙවීම් නොනවත්වා සිදුකරගෙන යනු ලැබේ. එබැවින්, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඔබගේ ගෙවීම ලබා ගැනීම සඳහා දැනුම් දෙනතුරු ඉවසිලිමත්ව සිටින මෙන් සුදුසුකම්ලත් තැන්පත්කරුවන්ගෙන් කරුණාවෙන් ඉල්ලා සිටිනු ලැබේ.

    තවද, ශ්‍රි ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමය පිළිබඳ නියෝග ප්‍රකාරව, 2018.07.25 දින සිට ක්‍රියාත්මක වන පරිදි “ද ස්ටෑන්ඩර්ඩ් ක්‍රෙඩිට් ෆිනෑන්ස් ලිමිටඩ්“ ආයතනයේ බලපත්‍රය අවලංගු කිරීමට මුදල් මණ්ඩලය ගත් තීරණය සමඟ එම ආයතනයේ සුදුසුකම්ලත් තැන්පත්කරුවන් සඳහා හානිපූරණ ගෙවීම් සිදුකිරීම යථා කාලයේ දී කරන බව ද මේ සමඟ දැනුම් දෙනු ලැබේ.