January, 24, 2022
ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ සහ ද්‍රවශීලතා ආධාරක යෝජනා ක්‍රම රෙගුලාසිවලට අනුව සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී හි තැන්පත්කරුවන්ගෙන් අයදුම්පත් භාර ගැනීමේ අවසන් දිනය 2022 මාර්තු 05 දින බව ශ්‍රී ලංකා මහ බැංකුව දැනුම් දී සිටී.
ඒ අනුව රක්ෂණ වන්දි ලැබපීමට සුදුසුකම් ලැබූ නමුත් තවමත් රක්ෂණ වන්දි ලබාගැනීම සඳහා අයදුම්පත් ඉදිරිපත් කර නොමැති සියලුම සෙන්ටුල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී තැන්පත්කරුවන්/ නීත්‍යානුකූල හිමිකම්ලාභීන් පහත නිවේදනයේ දක්වා ඇති පරිදි අයදුම් කළ යුතුවේ.
සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී වෙත මුදල් ව්‍යාපාර කටයුතු සඳහා නිකුත් කර තිබූ බලපත්‍රය 2018 මාර්තු 05 වන දින අවලංගු කරන ලද අතර ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ සහ ද්‍රවශීලතා ආධාරක යෝජනා ක්‍රමයේ රෙගුලාසිවලට යටත්ව එක් තැන්පතුකරුවෙකුට උපරිමය රු. 1,100,00.00 කට යටත්ව වන්දි ගෙවීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගන්නා ලදී.

Video Story