Cinnamon වැසි වනාන්තර ප්‍රතිෂ්ඨාපන ව්‍යාපෘතිය දියත් කෙරේ

    March, 11, 2022

    Cinnamon Hotels & Resorts විසින්, විනාශයට පත් වූ අක්කර 50 ක ඉඩමක් ප්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා රුක් රැකගන්නෝ, ශ්‍රී ලංකා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ ජෝන් කීල්ස් පදනම සමඟ එක්ව එහි නවතම තිරසාර වැඩසටහන වන “Cinnamon වැසි වනාන්තර ප්‍රතිෂ්ඨාපන ව්‍යාපෘතිය” (Cinnamon Rainforest Restoration Project) සාඩම්බරයෙන් දියත් කරන ලදී. වසර තුනක කාලයකට පසුව ස්වභාවධර්මය විසින් මෙම ව්‍යාපෘතියේ පුනර්ජනන ක්‍රියාවලිය භාර ගනු ඇත. ස්වභාවික වනාන්තර නැවත වර්ධනය වීම, වැඩි වැඩියෙන් සිදුවීම ශක්‍ය දේශගුණික විපර්යාස ගෝලීය විසඳුමක් ලෙස දකිනු ලබන අතර, මෙම ව්‍යාපෘතිය සඳහා, හදිසි අවශ්‍යතාවයක් ඇතැයි යන හැඟීම මධ්‍යයේ, ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වය වඩාත් පොහොසත් කිරීමේ නව යුගයක ආරම්භය එමගින් සනිටුහන් කරයි.

    රුක් රැකගන්නෝ ආයතනයේ සභාපතිනි දුෂි පෙරේරා ප්‍රකාශ කළේ, “ ‘රුක් රක්ස්’ (වෘක්ෂලතා ආරක්‍ෂකයන්) ලෙසින් ජනප්‍රියව හඳුන්වනු ලබන මෙම  සහයෝගීතාවයේ අවසාන ඉලක්කය වන්නේ සිංහරාජ වැසි වනාන්තරයේ  ස්වාරක්ෂක කලාපයේ පිහිටි ශ්‍රී ලංකාවේ තෙත් කලාපයේ හායනයට ලක් වූ අක්කර 50 ක භූමි ප්‍රමාණයක් ප්‍රතිෂ්ඨාපනය කිරීමයි. මෙම සිදු කෙරෙන මුලපිරීම සඳහා අරමුදල් සැපයීම සහ මෙම නවාකාරයේ ව්‍යාපෘතිය සඳහා අප සමඟ හවුල් වීම පිළිබඳව අපි John Keells පදනමට ස්තූතිවන්ත වෙමු.”

    මෙම අක්කර 50 ක භූමි ප්‍රමාණය රත්නපුර දිස්ත්‍රික්කයේ, ජෛව විවිධත්ව වැඩි වශයෙන් පවතින සහ යුනෙස්කෝ ලෝක උරුම අඩවියට කිලෝමීටර් 3.5 ක් ආසන්නයේ පිහිටා ඇති අතර, රටෙහි ඉතිරිව ඇති නොඉඳුල් වනාන්තර කිහිපයෙන් එකක් වන සිංහරාජ වන රක්ෂිතය සමීපයේ ම පිහිටයි. මෙම අක්කර 50 ක භූමි ප්‍රදේශය ප්‍රතිෂ්ඨාපනය කිරීම සහ එහි නැවත වන වගා කිරීම මඟින් දිය ඇලි රැසකින් සහ සංස්කෘතික හා ආගමික වැදගත්කමක් ඇති ස්ථානවලින් ද සමන්විත කලාපයේ පාරිසරික වැදගත්කම තවදුරටත් පොහොසත් කරනු ඇත. ජෛව විවිධත්වය සංරක්ෂණය කිරීම සඳහා රාජ්‍ය සංවිධාන සහ රාජ්‍ය නොවන සංවිධාන සමඟ එක්ව කටයුතු කරන සංස්ථානික ආයතන සඳහා “Cinnamon වැසි වනාන්තර ප්‍රතිෂ්ඨාපන ව්‍යාපෘතිය” කාලෝචිත ආදර්ශයක් සපයයි.

    පුරෝගාමී ව්‍යාපෘතිය පිළිබඳව අදහස් දක්වමින් Cinnamon Nature Trails හි ප්‍රධානී චිත්‍රාල් ජයතිලක පැවසුවේ, “Cinnamon Nature Trails ව්‍යාපෘති භූමියට එහි අංගයක් ලෙස අමුත්තන් සාදරයෙන් පිළිගැනීමෙන්, ඔවුන්ව Cinnamon ආයතනය හා සම්බන්ධ කර ගෙන, Cinnamon ආයතනය ගැන ඉගෙන ගැනීමට හැකියාව ලබා දීම, හා හිමිකාරිත්වය පිළිබඳ හැඟීමක් ඇති කිරීම මෙම ව්‍යාපෘතියේ එක් අරමුණකි. ප්‍රදේශයේ ආවේණික වෘක්ෂලතා සහ සත්ත්ව විශේෂ සංරක්ෂණය කරන වනාන්තර ඉඩම් ප්‍රතිනිර්මාණය කිරීම මෙම මාවතක් සකස් කරන ව්‍යාපෘතිය මගින් අපේක්ෂා කරන අතරම රට පුරා තවත් එවැනි නැවත වන වගා ව්‍යාපෘති සඳහා ද මග පාදයි.”

    මෙම ව්‍යාපෘතිය මගින් Cinnamon Hotels & Resorts හි සේවක ස්වේච්ඡා සේවය දිරිමත් කිරීම සඳහා ආක්‍රමණශීලී පැල ඉවත් කිරීම සහ සිටුවීමට පස සකස් කිරීම ද අපේක්ෂා කෙරේ. වන ප්‍රතිෂ්ඨාපනය පදනම් වී ඇත්තේ දේශීය ශාක ප්‍රතිජනනය පිරිහීමට ලක් කරන ආක්‍රමණශීලී විශේෂ නිස්සාරණය කිරීම මත වන අතරම දේශීය ශාක වගා කිරීම ද මත ය. මෙමගින් ව්‍යාපෘතියේ හිමිකාරිත්වය පිළිබඳ හැඟීමක් ඇති කරන අතර, නැවත වන වගාව සඳහා අත දිගු කිරීමේ සුළු කොටසක් ඉටු කිරීමට හැකිවීම පිළිබඳ නිහතමානී තෘප්තිය සේවකයින්ට ලබා දෙනු ඇත.

    ව්‍යාපෘතියේ නියැලීමේ සැලසුම්වල කොටසක් ලෙස, Cinnamon ආයතනය වෙත පැමිණෙන අමුත්තන්, එම ස්ථානයේ සිටින පුහුණු ස්වභාවධර්මය පිළිබඳ විද්‍යාඥයකු විසින්  කැටුව යවනු ලබන අතර, ඔවුන් අවට පෙන්වා ව්‍යාපෘතියේ අරමුණු පැහැදිලි කර දෙනු ඇත. ගසක් සිටුවීමට කැමති අමුත්තන්ට ඒ වෙනුවෙන් ඇති පැල පෙන්වනු ලබන අතර එක් එක් පැලයේ පිරිවැය අමුත්තා විසින් ව්‍යාපෘතිය සඳහා පරිත්‍යාගයක් ලෙස දැරිය යුතුය. කෙටි ගමනකින් පසු, අමුත්තන් බෑවුම් සහිත කඳු මුදුනට ගෙන යනු ලබන අතර එමඟින් අඩවිය, එහි යාබද වාසස්ථාන සහ අත්පත් කරගත් ප්‍රගතිය පිළිබඳ අංශක 360 දර්ශනයක් ලබා දෙනු ඇත. මිලදී ගත් ගස/ගස් කලින් තෝරාගත් ස්ථානයක භෞතිකව සිටුවීමට, පැලවලට වතුර දැමීමට සහ පැළය‌ට, තම නම සහිත ලේබලයක් සවි කිරීමට අවස්ථාව ලැබෙන අතරම, එය සිටවූ අයව ගසට සම්බන්ධ කර වසර ගණනාවක් පුරා එහි ප්‍රගතිය නිරීක්ෂණය කිරීමට අමුත්තන්ට ඉඩ ලබා දෙනු ඇත. ඉදිරි කාලය තුළ, ව්‍යාපෘතිය මගින් ලොව පුරා සිටින පරිසර ලෝලීන් සහ සිසුන් ආකර්ෂණය කර ගැනීමට ද අපේක්ෂා කරයි.

    තව දුරටත් එකතු කරමින්, ව්‍යාපෘති ප්‍රධානී සහ කණ්ඩායම් ජීව විද්‍යාඥ විමුක්ති වීරතුංග පැවසුවේ, “සංචාර සීමා ලිහිල් කිරීම සහ ජාත්‍යන්තර සංචාර ක්‍රමයෙන් ඉහළ යාමත් සමඟ ශ්‍රී ලංකාවට දැනටමත් සංචාරකයින්ගේ පැමිණීමක් දැකිය හැකිය. මෙම ව්‍යාපෘතිය සිය දෑස් වලින්ම දැක බලා ගැනීමට උනන්දුවක් දක්වන අමුත්තන් ගෙන ඒමට අපි සතුටු වෙමු. මෙම ව්‍යාපෘතියේ සාර්ථකත්වය සඳහා කැපවී සිටින සුදුසුකම් ලත්, උද්‍යෝගිමත් ජීව විද්‍යාඥයින් කණ්ඩායමකට නායකත්වය දීමට ලැබීම ගැන මම ආඩම්බර වෙමි.

    Cinnamon වැසි වනාන්තර ප්‍රතිෂ්ඨාපන ව්‍යාපෘතිය, රුක් රැකගන්නෝ හිටපු සභාපතිනි දිවංගත කමනි මීදෙණිය විතාරණ මහත්මිය සිහිකරමින් ශ්‍රී ලංකා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ Cinnamon Hotels & Resorts සමඟ එක්ව රුක් රැකගන්නෝ විසින් ක්‍රියාත්මක කරන ලද මුලපිරීමකි. ජෝන් කීල්ස් පදනම විසින් මෙම ව්‍යාපෘතියට අනුග්‍රහය දක්වන අතර අනාගත පරපුර සඳහා ජෛව විවිධත්වය ආරක්ෂා කිරීමට සහ සංරක්ෂණය කිරීමට අභයභූමියක් නිර්මාණය කිරීම සඳහා 2024 මාර්තු වන විට ශ්‍රී ලංකාවේ තෙත් කලාපයේ හායනයට ලක් වූ අක්කර 50 ක භූමි ප්‍රමාණයක් ප්‍රතිෂ්ඨාපනය කිරීම අරමුණු කරයි.

    මෙම ව්‍යාපෘතිය මගින් ආක්‍රමණශීලී පැල ඉවත් කිරීම සහ පැල සිටුවීමට පස සකස් කිරීම සඳහා සේවක ස්වේච්ඡා සේවය දිරිමත් කිරීම අපේක්ෂා කරයි. John Keells Foundation වෙනුවෙන් අදහස් දක්වමින් CSR හි ප්‍රධානී කාමලීන් ජයසූරිය මහත්මිය පැවසුවේ, “සිංහරාජ වනාන්තරය අවට ඇති තීරණාත්මක පරිසර පද්ධති සංරක්ෂණය කිරීමේ මෙම සාමූහික මෙහෙයුමේ කොටස්කරුවන් වීමට ලැබීම ගැන අපි සතුටු කාර්යමණ්ඩල ස්වේච්ඡා සේවකයන් මෙන්ම ප්‍රජාව ද ආක්‍රමණශීලී ශාක ඉවත් කිරීම, පස සකස් කිරීම සහ ව්‍යාපෘතියට වටිනාකමක් එක් කරන ගස් සිටුවීම සඳහා ක්‍රියාකාරීව සම්බන්ධ කර ගැනීමට සැලසුම් කරමු. එමෙන්ම තිරසාර නැවත වන වගා ප්‍රයත්නයක කොටසක් වීම තුළින් පුද්ගලික තෘප්තියක් ද ගෙන එයි.