CITES සමුළුව කල් යයි

    May, 24, 2019

    2019 මැයි මස හා ජුනි මස කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතව තිබූ වඳවී යෑමේ තර්ජනයට ලක් වී සිටින වනසත්ත්ව හා වෘක්ෂලතා විශේෂ සම්බන්ධව අන්තර්ජාතික වෙළඳාම පිළිබඳ සම්මුතියේ පාර්ශ්වකරුවන්ගේ 18 වන සමුළුව, ඉදිරි වෙනත් දිනකදී පැවැත්වීමට හැකි වන පරිදි කල් තැබීමට කටයුතු කර ඇති බව සංචාරක සංවර්ධන, වනජීවී සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා විසින් අමාත්‍ය මණ්ඩලය දැනුම්වත් කර තිබේ.