July, 15, 2026
කොළඹ නගරය දකුණු ආසියාවේ සංචාරක කේන්ද්රස්ථානය බවට පත් කරමින් City of Dreams Sri Lanka මෙරට ආරම්භ කළ සියලු පහසුකම්වලින් යුත් ප්රථම හෝටල් සංකීර්ණය ලෙස ඉතිහාසයට එක්ව හමාරය. එහි සුඛෝපභෝගී හෝටල් සේවාව ලෙස මීට වසරකට පෙර හඳුන්වා දෙනු ලැබූ NÜWA නවමු සංචාරක අත්දැකීමක් උරුම කරදීමට සමත් වූයේ කොළඹ නගරයේ හා ඉන්දියන් සාගරයේ අලංකාරත්වය රිසි සේ විඳගැනීමේ අවස්ථාවද උදා කර දෙමිනි. City of Dreams Sri Lanka හි සුවිශේෂී කොටසක් වූ NÜWA නිරන්තරයෙන් අමුතන්ගේ අවශ්යතා හඳුනා ගනිමින් ඒවා රිසි සේ සපුරාදීමටත් ඔවුන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරමින් උසස් තත්වයේ අසමසම සේවාවක් ලබා දීමටත් කටයුතු කර ඇත්තේ අහස උසට විහිදුණු හෝටල් අවකාශයක අත්දැකීමද ලබා දෙමිනි.
ගතවූ වසරක කාලය තුල මෙරට හෝටල් ක්ෂේත්රයේ සුවිශේෂී ජයග්රහණ රැසකට හිමිකම් කීමට NÜWA සමත්ව ඇත්තේ එම අසමසම සේවාව නිසාය. ශ්රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA) වෙතින් පිළිගත් තරු පහේ (Five Star) නිල වර්ගීකරණය ලබා ගැනීමට හැකිවීම ගෙවුණු වසරේ ඉතා වැදගත් සිදුවීමක් විය. ජාත්යන්තර මට්ටමේ ඉහළම සුඛෝපභෝගී ප්රමිතීන් ලබාදීමට හෝටලය සතු කැපවීම මෙන්ම, ලොව පුරා සිටින ඉහළ පෙළේ සංචාරකයන්ගේ ප්රමුඛතම ගමනාන්තයක් ලෙස ශ්රී ලංකාව ජාත්යන්තරව ඉදිරියට ගෙන යාම වෙනුවෙන් NÜWA හෝටලය දක්වන දායකත්වය මේ තුලින් ඇගයීමට ලක්කර ඇත.
එමෙන්ම Travel + Leisure වැනි ලොව ප්රමුඛ පෙළේ සංචාරක සඟරාවන්හි පිළිගැනීමට ලක්ව ඇති NÜWA ශ්රී ලංකාවේ සුඛෝපභෝගී සංචාරක ක්ෂේත්රය හැඩගස්වන නවතම පරපුරේ හෝටල් අත්දැකීමක් ලෙසද ජාත්යන්තරය තුළ හඳුනාගෙන ඇත. ගතවූ වසර පුරාම ලොව පිළිගත් ජාත්යන්තර සංචාරකයන්, ව්යාපාරික නායකයන්, රාජ්ය තාන්ත්රිකයන්, ලොව ප්රකටතරු සහ සුඛෝපභෝගී අත්දැකීම් සොයන්නන් විශාල පිරිසක් වෙත සිය සුඛෝපභෝගී සේවාවන් ලබා දීමට කටයුතු කළ NÜWA, කොළඹ නගරය ජාත්යන්තර තත්වයේ සේවාවන් සැපයිය හැකි ප්රමුඛතම ගමනාන්තයක් ලෙස පෙන්වා දී ඇත.
NÜWA හි සුවිශේෂත්වය වන්නේ සෑම අමුත්තෙකුටම පුද්ගලිකවම ගැළපෙන පරිදි ලබාදෙන ආගන්තුක සත්කාරයයි. ඒ වෙනුවෙන්ම වෙන්වූ බට්ලර් සේවාව, අමුත්තන්ගේ රුචිකත්වය අනුව සකසන ලද විශේෂ සංචාරක සැලසුම්, තෝරාගත් විශේෂ ආහාර අත්දැකීම් සහ ශාරීරික සුවතාවය උදෙසා වන විශේෂිත වැඩසටහන් මෙහි ඇතුළත් වේ. විශේෂයෙන් සැබෑ සුඛෝපභෝගීත්වය පවතින්නේ මතකයේ රැඳෙන ඉතා සියුම් දේවල්වල බව පෙන්වා දෙමින් මෙහි සියලුම සේවාවන් නිර්මාණය කර ඇත.
NÜWA හෝටලයේ අනන්යතාවය ගොඩනැඟී ඇත්තේ හුදෙක් ජාත්යන්තර ප්රමිතීන් මත පමණක් නොවේ. දේශීය සංස්කෘතියෙන් ආභාෂය ලැබූ අලංකරණයන්, ආහාර කලාව හරහා කියැවෙන දේශීය අනන්යතාවය සහ මෙරට කලාකරුවන් හා නිර්මාණකරුවන් සමඟ එක්ව සිදුකරන වැඩසටහන් හරහා ශ්රී ලාංකිකත්වය මනාව පිළිබිඹු කිරීමට NÜWA සමත්ව සිටියි. ජාත්යන්තර මට්ටමේ උසස් නිමාව සහ දේශීයත්වයේ විශිෂ්ටත්වය සමඟින් සමබර සේවාවන් ක්රියාත්මක කරන NÜWA අමුත්තන්ට ලෝක මට්ටමේ සම්බන්ධතාවයක් මෙන්ම දේශීය අත්දැකීමක්ද ලබා දීමට ද ඊට හැකි වී තිබේ.
City of Dreams Sri Lanka හි ප්රධානතම කේන්ද්රස්ථානය වන NÜWA ඉහළම මට්ටමේ නවාතැන්, විශිෂ්ට ආහාර පාන, සුඛෝපභෝගී සාප්පු සවාරි, විනෝදාස්වාදය, සුවතා සේවා, උත්සව අවස්ථා සහ මෙරට ප්රමුඛතම ක්රීඩා අත්දැකීම් එකම වහලක් යටට ගෙන එන ඒකාබද්ධ සුඛෝපභෝගී ගමනාන්තයකි. NÜWA හි මෙම සුවිශේෂීත්වය නිසාම කොළඹ නගරය දකුණු ආසියානු කලාපය තුළ විනෝදාස්වාදය, ව්යාපාර සහ සුඛෝපභෝගී ජීවන රටා අත්දැකීම් සපයන ප්රමුඛතම කේන්ද්රස්ථානයක් බවට ප්රසිද්ධියට පත්ව තිබේ.
NÜWA හි වසරක සාර්ථකත්වය පිළිබඳව අදහස් දක්වමින් City of Dreams Sri Lanka හි උප සභාපති සහ සාමාන්යාධිකාරී මයිකල් හබාෂි මහතා “NÜWA හි සාර්ථකත්වය සනිටුහන් කළ පළමු වසර, ශ්රී ලංකාවේ සුඛෝපභෝගී ආගන්තුක සත්කාරයේ නව්ය බලාපොරොත්තුවක් යථාර්තයක් බවට පත් වූ අවස්ථාවක් ලෙස සඳහන් කළ හැකියි. අපගේ මුල්ම අමුත්තන් පිළිගත් මොහොතේ සිටම ඒ ඒ අමුත්තන්ට ගැලපෙන සහ මතකයේ රැඳෙන අත්දැකීම් ඔවුන් වෙත සමීප කිරීම කිරීමට අපි සෑම විටම පියවර ගත්තා. අපට Five -Star වර්ගීකරණය හිමිවීම සහ ජාත්යන්තර සංචාරක ප්රජාවගේ ඇගයීමට ලක්වීම ඉතා වැදගත් සන්ධිස්ථාන වන අතරම, ඊටත් වඩා අපට වැදගත් වෙන්නේ පැමිණෙන අමුත්තන් අප කෙරෙහි තැබූ විශ්වාසයයි. ඉදිරියේදී නවෝත්පාදනයන්, අර්ථවත් සහයෝගීතාවයන් සහ විශිෂ්ටත්වය කරා යන අඛණ්ඩ ගමන හරහා NÜWA හි අත්දැකීම් තවදුරටත් ඉහළ නැංවීමට අප කැපවී සිටිනවා.” යනුවෙන් පැවසීය.
සිය විශිෂ්ටත්වයේ දෙවන වසර අරඹමින් සුවිශේෂී ආහාර පාන සංයෝජනයන්, උසස් සුවතා වැඩසටහන් හඳුන්වාදීමට කටයුතු කර ඇති NÜWA ආසියාවේ ප්රමුඛතම සුඛෝපභෝගී ගමනාන්තයක් ලෙස එහි ස්ථානය තහවුරු කරන නවතම අත්දැකීම් රැසක් ඔබ වෙත ගෙන එනු ඇත. ඒ වෙනුවෙන් සැලසුම් කළ සංචාරක අත්දැකීම් රැසක් සිය පාරිභෝගිකයින් වෙත හඳුන්වා දීමට NÜWA කටයුතු කරමින් සිටියි.
කොළඹ නගරයට නවමු ආකර්ෂණයක් සමඟින් ජාත්යන්තර වටිනාකමක් එක් කිරීමට පෙරමුණ ගත් NÜWA ලෝකය තුළ විශිෂ්ට සංචාරක ගමනාන්තයක් ලෙස ශ්රී ලංකාව තවදුරටත් ඔසවා තැබීමට තවදුරටත් කටයුතු කරනු ඇත.

Video Story