Coca-Cola Beverages Sri Lanka සහ Elephance House හරිත අනාගතයක් සඳහා මධ්‍යම අධිවේගී මාර්ගය ඔස්සේ පෙරට

    April, 18, 2023

    තිරසාරත්වය කරා යන ගමනේ දී තවත් එක් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, Coca-Cola Beverages Sri Lanka (CCBSL) සහ Ceylon Cold Stores Elephant House (EH) අත්වැල් බැඳගනිමින් මධ්‍යම අධිවේගී මාර්ගය ආශි‍්‍රතව ප‍්‍රතිචක‍්‍රීයකරණය කළ හැකි ප්ලාස්ටික් එකතු කිරීම ඉහළ නංවයි. මෙම මුලපිරීම ලෝක ප‍්‍රතිචක‍්‍රීයකරණ දිනය සහ කසළ වලින් තොර ජාත්‍යන්තර දිනයට (International Day of Zero Waste) සමගාමීව දියත් කරන ලද අතර විස්තීරණ නිෂ්පාදක වගකීම සහ ප‍්‍රතිචක‍්‍රීයකරණය තුළින් හරිත අනාගතයක් වෙනුවෙන් කැපවන CCBSL සහ EH මෙහිදී නායකත්වය ගෙන කටයුතු කරයි.

    CCBSL, EH, ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයෙහි සමාජ ව්‍යවසායකත්ව ව්‍යාපෘතිය වන ‘’Plasticcycle’’ සහ Eco Spindles සමඟ එක්ව මධ්‍යම අධිවේගී මාර්ගය ආශි‍්‍රතව ප‍්‍රතිචක‍්‍රීයකරණය කළ හැකි ප්ලාස්ටික් එකතු කිරීමේ ස්ථාන 16ක් ස්ථාපිත කිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය (RDA) හා හවුල් වේ. මෙම වැඩසටහන මීරිගම අධිවේගී මාර්ග පිවිසුම අසල මාර්ග සංවර්ධන අධිකාරි කාර්යයාලයේදී ඇරඹි අතර අධිවේගී මාර්ග මෙහෙයුම්, නඩත්තු සහ කළමනාකරණ අංශයේ අතිරේක අධ්‍යක්ෂ, අනුර කෙහෙල්ඇල්ල මහතා ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ඊට සහභාගි විය.

    RDA අනුමැතිය සහ මගපෙන්වීම මත මෙම ප‍්‍රතිචක‍්‍රීයකරණය කළ හැකි ප්ලාස්ටික් එකතු කිරීමේ ස්ථාන මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම, නාකලගමුව, දම්බොක්ක, කුරුණෑගල සහ යග්ගපිටිය යන පිටවීම් ස්ථානවල ස්ථානගත කෙරේ. ඔවුන්ගේ ප‍්‍රතිචක‍්‍රීයකරණ සහකරු වන Eco Spindles විසින් අපද්‍රව්‍ය එකතු කර දේශීයව සහ ජාත්‍යන්තරව අලෙවි කරන ඇඳුම් මෙන්ම කොසු සහ බුරුසු සහ නූල් වැනි අගය එකතු කළ භාණ්ඩ සඳහා යොදා ගන්නා කෙඳි බවට පරිවර්තනය කරනු ඇත. මෙය රට තුළ ප‍්‍රතිචක‍්‍රීයකරණය කළ හැකි අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා වූ ධනාත්මක ප‍්‍රවේශයක් වන අතර එම ක‍්‍රියාවලියේදී එක් එක් බීම සමාගම් විසින් ඉහළ දායකත්වයක් ලබා දෙයි. EH සහ Plasticcycle දක්ෂිණ අධිවේගී මාර්ගයේ PET එකතු කිරීමේ මධ්‍යස්ථාන පිහිටුවීම සඳහා මීට පෙර RDA සමඟ එක්ව කටයුතු කර ඇති අතර CCBSL විසින් කටුනායක අධිවේගී මාර්ගය ආශි‍්‍රතව ද එම වැඩපිළිවෙල කි‍්‍රයාත්මක කර ඇත.

    RDA සඳහන් කළේ ”රටේ ප‍්‍රධාන නගර සම්බන්ධ කරමින්, මධ්‍යම අධිවේගී මාර්ගය දෛනිකව රථ වාහන සහ ජනතාව සිය දහස් ගණනකට එහා මෙහා යාමට පහසුකම් සැලසන බව අපට පේනවා. ඔවුන් අපද්‍රව්‍ය බැහැර කරන ආකාරය දෙස බලන විට පැහැදිලි වන්නේ, මෙම වැඩපිළිවෙළ මගින් අධිවේගී මාර්ගය ආශි‍්‍රතව ප්ලාස්ටික් අපද්‍රව්‍ය නිසි ලෙස බැහැර කිරීමට දිරිමත් කරන බවත්, ඒවා ප‍්‍රතිචක‍්‍රීයකරණය කර ඉහළ අපනයන ආදායමක් රටට ආපසු ලබා දෙන බවත්ය. ඇත්තෙන්ම මෙය අගය කළ යුතු මුලපිරීමක්. එවැනි වැඩපිළිවෙලවල් ආදර්ශයට ගන්නා ලෙස මම රටේ සියලූම ආයතනවලට ආරාධනා කරනවා.” යනුවෙනි.

    Coca-Cola Beverages Sri Lanka හි මහජන කටයුතු, සන්නිවේදන සහ තිරසාරභාවය පිළිබඳ අධ්‍යක්ෂිකා තමරි සේනානායක මහත්මිය පැවසුවේ ”දේශීයව සහ ගෝලීය වශයෙන් අපද්‍රව්‍ය එකතු කිරීම සහ ප‍්‍රතිචක‍්‍රීයකරණය කිරීම පිළිබඳව බොහෝදෙනා කතා කරනවා. නමුත් එය කි‍්‍රයාවට නැංවීමට සුදුසු තාක්ෂණික සහය සහ සාමූහික ක‍්‍රියාමාර්ග ඉදිරියට එන්නේ අවම වශයෙන්. CCBSL සහ EH අපගේ මතභේද පසෙක තබා එක් පොදු අරමුණක් සඳහා එක්වීම ගැන මම ආඩම්බර වෙනවා. මෙම වැඩපිළිවෙල තුළින් මෙරටට පාරිසරික හා ආර්ථික සමෘද්ධිය යළි ලගාකර ගැනීමට හැකි වන බව මට විශ්වාසයි.” යනුවෙනි.

    තවදුරටත් අදහස් දක්වමින්, Ceylon Cold Stores PLC හි නිෂ්පාදන හා නියාමන කටයුතු පිළිබඳ ප‍්‍රධානී සහ ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ සහකාර උප සභාපති ඔවින් ද සිල්වා මහතා ප‍්‍රකාශ කළේ, ”මෙම හවුල්කාරිත්වය තිරසාරභාවය සහ චක‍්‍රීය ආර්ථිකයට මඟ පෙන්වනවා. ප්ලාස්ටික් භාවිතය අඩු කිරීමට තිරසාර විසඳුම් සැපයීම සඳහා අපි අපගේ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ හවුල්කරුවන් සමඟ සමීපව කටයුතු කරනවා.” යනුවෙනි.

    Eco Spindles Recycling හි ප‍්‍රධාන විධායක නිලධාරී ප‍්‍රසන්ත මාලිම්බඩගේ මහතා වැඩිදුරටත් පැවසුවේ, ”RDA සහ මෙහි හවුල්කරුවන්ට ඔවුන්ගේ දායකත්වය වෙනුවෙන් අපි ස්තුතිවන්ත වෙනවා. අපද්‍රව්‍ය කළමනාකරණය ගැන නිතර කතා කරන නමුත් ක‍්‍රියාත්මක වන්නේ කලාතුරකින්. හරිත අනාගතයක් උදාකිරීම වෙනුවෙන් වූ මෙම කැපවීම ඇත්තෙන්ම අගය කල යුතුයි. තිරසාර ආර්ථිකයක් ගොඩනැගීම වෙනුවෙන් අපි සාමූහිකව වැඩ කරන්න බලාපොරොත්තු වෙනවා.” යනුවෙනි.

    අපද්‍රව්‍ය වලින් තොර වටපිටාවක් වෙනුවෙන් පෙනී සිටින ක්‍ක්‍ඊීඛ CCBSL "Give Back Life’’ වැඩසටහන යටතේ මේ වන විට PET ප්ලාස්ටික් එකතු කිරීමේ මධ්‍යස්ථාන 500කට අධික ප‍්‍රමාණයක් ශ‍්‍රී ලංකාව පුරා ස්ථාපිත කර ඇති අතර ඉන් 21ක් ප්ලාස්ටික් අපද්‍රව්‍ය කිලෝග‍්‍රෑම් 5000ක් එකතු කිරීමේ හැකියාව ඇති මහා පරිමාණ මධ්‍යස්ථාන වේ. ශ‍්‍රී ලංකාවේ ක්‍දජ්-ක්‍දක් ආයතනය ද රට තුළ වෙරළ සහ ජල මූලාශ‍්‍ර 8ක් පිරිසිදු කරමින්, දිවයිනේ බොහෝ දිස්ත‍්‍රික්ක වල අපද්‍රව්‍ය පෙර සැකසුම් මධ්‍යස්ථාන (MRF) ස්ථාපිත කරන ලදී. ප‍්‍රතිචක‍්‍රීයකරණය කළ හැකි ප්ලාස්ටික් එකතු කිරීම සඳහා CCBSL දරන උත්සාහය 2022 හොඳම ආයතනික පුරවැසි තිරසාර සම්මාන උළෙලේදී ඇගයීමට ලක් වූ අතර, ඔවුන්ගේ අපද්‍රව්‍ය පෙර සැකසුම් මධ්‍යස්ථාන (MRF) හොඳම තිරසාර ව්‍යාපෘති සම්මාන කාණ්ඩය යටතේ අගයන ලදී.

    මෙම ව්‍යාපෘතිය EH විසින් ඔවුන්ගේ ආයතනික සමාජ වගකීම් සහ තිරසාර සන්නාමය වන ”ගුණදමින්” යටතේ සිදු කරන ලද බොහෝ මුලපිරීම් අතරින් එකකි. EH විසින් PET අපද්‍රව්‍ය එකතු කිරීමට අවශ්‍ය යටිතල පහසුකම් සපයමින් රට පුරා ඵඍත්‍ සඳහා ආයෝජනය කර ඇත. ගුණදමින් හරහා EH, එහි හවුල්කරුවන් සමඟ එක්ව, PET අපද්‍රව්‍ය වගකීමෙන් බැහැර කිරීම සහතික කිරීම සඳහා බොහෝ එකතුකරන්නන් සහ ප‍්‍රතිචයක‍්‍රීකරණය කරන්නන් සමඟ කටයුතු කරයි. එය අවසානයේදී පාරිසරික බලපෑම් අවම කිරීමට උපකාරී වේ. ශ‍්‍රී ලංකාවේ ප්ලාස්ටික් දුෂණය සැලකිය යුතු ලෙස අවම කිරීමේ දැක්ම ඇතිව දියත් කරන ලද ජෝන් කීල්ස් සමූහයේ සමාජ ව්‍යවසායකත්ව ව්‍යාපෘතිය වන Plasticcycle මෙම හවුල්කරුවන් අතරින් තවත් එකකි. 2017 දී දියත් කළ දා සිට, Plasticcycle, දැනුවත් කිරීම් හරහා එක් වරක් පමණක් භාවිත කරන ප්ලාස්ටික් අඩු කිරීම, කසල බඳුන් 250 කට අධික ජාලයක් සමඟ වගකීමෙන් කසළ බැහැර කිරීමට සහාය වීම සහ ප‍්‍රතිචක‍්‍රීයකරණය සහ නවෝත්පාදන ප‍්‍රවර්ධනය කිරීම යන ප‍්‍රධාන ක්ෂේත‍්‍ර 3 තුළ සකී‍්‍රයව ක‍්‍රියා කරන ලදි.

     

    මාර්ග සංවර්ධන අධිකාරිය, Eco-Spindles සහ Plasticcycle හි නියෝජිතයන් සමඟ Coca-Cola Beverages Sri Lanka සහ Elephant House කණ්ඩායම්

    එකතු කිරීමේ බඳුන්

    වමේ සිට දකුණට - සුපුන් උඩවත්ත මහතා: ජ්‍යෙෂ්ඨ විධායක - ව්‍යාපෘති කළමනාකරණය - Eco Spindles Pvt., තමරි සේනානායක මහත්මිය: අධ්‍යක්ෂ, මහජන කටයුතු, සන්නිවේදන සහ තිරසාර බව - ක්‍ද Coca-Cola Beverages Sri Lanka, අනුර කෙහෙල්ඇල්ල මහතා: අතිරේක අධ්‍යක්ෂ, අධිවේගී මාර්ග මෙහෙයුම්, නඩත්තු සහ කළමනාකරණ අංශය, RDA, ඔවින් ද සිල්වා මහතා: නිෂ්පාදන ප‍්‍රධානී සහ නියාමන කටයුතු, සහකාර උප සභාපති - ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් සහ ඩිල්ෂානි එදිරිසිංහ මහත්මිය - අලෙවි ප‍්‍රධානී - Beverages- Ceylon Cold stores/සහකාර උප සභාපති ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස්.

     

     

    ඡායාරූපය - මාර්ග සංවර්ධන අධිකාරිය, Eco-Spindles සහ Plasticcycle හි නියෝජිතයන් සමඟ Coca-Cola Beverages Sri Lanka සහ Elephant House කණ්ඩායම්