Commonwealth Business Excellence සම්මානයෙන් MediaDefined සමාගම පිදුම් ලබයි

    August, 14, 2023

    ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ (ICT) විසඳුම් සපයන සමාගමක් වන MediaDefined සමාගම Commonwealth Business Excellence Awards 2023 සම්මාන උළෙලේදී විශිෂ්ටම ICT විසඳුම් සපයන්නා ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය. එසේම MediaDefined සමාගමේ අධ්‍යක්ෂ එල්. ඒ. ඩී. ඊ. විපුල් පෙරේරා මහතා තාක්ෂණ ක්ෂේත්‍රයේ CEO/ Director of the Year සම්මානයෙන් පිදුම් ලැබීය. සම්මාන උළෙල සිංගප්පූරුවේ පෑන් පැසිෆික්හිදී උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. MediaDefined සමාගම ඇමරිකා එක්සත් ජනපදයේ MediaDefined Inc හි අනුබද්ධ සමාගමකි. 2007දී ශ්‍රී ලංකාවේ ඇරැඹූ MediaDefined ශාඛාව කෙටි කාලයකින් සුවිශේෂ ජයග්‍රහණ හා සම්මාන රැසක් දිනා ඇත. හිමන්සු කරුණාදාස (අධ්‍යක්ෂ), විපුල් පෙරේරා (අධ්‍යක්ෂ), මහාචාර්ය ජී. ටී. එෆ්. ද සිල්වා (හිටපු සාමාන්‍යධිකාරී) සහ තවත් මෘදුකාංග ඉංජිනේරුවන් තිදෙනෙකුගෙන් ඇරැඹූ MediaDefined සමාගම වර්තමානයේදී සේවකයන් 50කට අධික ප්‍රමාණයකට රැකියා අවස්ථා සපයා ඇත.

    සමාගම්වල විකුණුම්කරණය සහ අලෙවිකරණය වර්ධනය කරන, සමාගම් සහ පාරිභෝගිකයන් අතර සබඳතාව වර්ධනය කරන යෙදවුම් MediaDefined සමාගම විසින් නිපදවනු ලබයි. ලොව පුරා සමාගම් රැසක 500,000කට අධික පරිශීලකයෝ සංඛ්‍යාවක් ඔවුන් සඳහාම නිපදවන මෙම යෙදවුම් භාවිත කරති. MediaDefined සමාගමේ ප්‍රමුඛ නිෂ්පාදනය වන ගෝලීය විකුණුම් ජාලවල අවශ්‍යතා සැපිරීමට සකසා ඇති NetExam යෙදවුම ලොව ඇති එකම Pure Channel Partner Learning කළමනාකරණ පද්ධතියයි. AT&T" AMD" DELL" Oracle" Honeywell" CISCO" Royal Canin" IBM" Johnson & Johnson" Bobcat ඇතුළු බහුජාතික සමාගම් රැසක් NetExam යෙදවුම භාවිතා කරයි. Talented Leaning ආයතනය විසින් පිරිනැමූ Best Channel Partner LMS සම්මානයෙන් NetExam යෙදවුම වසර හතරක් අඛණ්ඩව පිදුම් ලබා තිබීමද සුවිශේෂත්වයකි. Commonwealth Business Excellence සම්මානය දිනා ගැනීමෙන් ආසියානු කළාපය තුළ MediaDefinedහි සේවා පිළිබඳ දැනුවත්භාවය සහ පිළිගැනීම ශීඝ්‍රයෙන් වර්ධනය වනු ඇති බව සමාගමේ අදහසයි. ඇමරිකානු සමාගම්වලට සපයන ආකාරයෙන්ම ඉහළම මට්ටමේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සේවා ආසියානු සමාගම්වලටද සැපයීම MediaDefined සමාගමේ අපේක්ෂාවයි.