Crypto currencies අපරාධ සඳහා යොදා ගැනීමේ අවදානමක් Video

    April, 23, 2018

    මුදල් පථය හඳුනා ගැනීමට හැකියාවක් නොමැති වීමත්, සිදුකෙරෙන ගනුදෙනු නිර්නාමික ඒවා වීමත් නිසා Crypto currencies අපරාධ සඳහා යොදා ගැනීමේ ප්‍රවණතාවයක් පවතින බව ආර්ථික විද්‍යාඥ ලලින්ද සුගතදාස මහතා පවසයි. පසුගිය වසර තුළ සිදුකරන ලද Bitcoin ගනුදෙනුවලින් භාගයක්ම යොදාගෙන ඇත්තේ නීතිවිරෝධී වැඩ සඳහා බව ඒ මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය. අද දෙරණ Biz සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ලලින්ද සුගතදාස මහතා මෙසේ පැවසීය.

    මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පසුගිය දා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, නීතිවිරෝධී කටයුතු සඳහා Virtual  මුදල් භාවිතා කිරීමේ සම්භාවිතාව ඉහළ යා හැකි බව සහ Virtual  මුදල් භාවිතය මගින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමට හා ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම මැඩ පැවැත්වීමේ නීති උල්ලංඝනය වීමට  අවකාශ ඇති බවයි.

    Virtual  මුදල් භාවිතයේ වර්තමානය, අනාගතය, වාසි, අවාසි මෙන්ම අවදානම පිළිබඳව අද දෙරණ Biz, ආර්ථික විද්‍යාඥ ලලින්ද සුගතදාස මහතා සමඟ කළ සම්මුඛ සාකච්ඡාව පහතින් නැරඹිය හැකිය.