October, 7, 2024
කොළඹ කොටස් හුවමාරුව (CSE) විසින් 2024 සැප්තැම්බර් 30 වැනි දින කෝට්යාඩ් බයි මැරියට් (Courtyard by Marriott) හෝටලයේ, ග්‍රෑන්ඩ් සැෆයර් (Grand Sapphire) ශාලාවේ දී පැවති උත්සවාකාර අවස්ථාවේ දී මූල්‍ය වෙළෙඳපොළ පිළිබඳ උසස් ඩිප්ලෝමා පාඨමාලාවේ (ADFM) සත්වැනි සහ අටවෙනි කණ්ඩායම්වල සිසුන් හිමිකරගත් ජයග්‍රහණ සාඩම්බරයෙන් යුතුව සමරනු ලැබීය. මෙම ඩිප්ලෝමාව කොටස් හුවමාරුව විසින් පිරිනමනු ලබන පළමු අධ්‍යාපන වැඩසටහන වන බැවින්, ප්‍රාග්ධන වෙළෙඳපොළ තුළ මූල්‍ය සාක්ෂරතාව සහ අධ්‍යාපනය ඉහළ නැංවීම සඳහා CSE සතු අඛණ්ඩ කැපවීම සනිටුහන් කරන තවත් වැදගත් සන්ධිස්ථානයක් ලෙස එය දැක්විය හැක.
මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස CSE සභාපති ඩිල්ෂාන් විරසේකර මහතා සහභාගී වූ අතර, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ උපකුලපති - මහාචාර්ය සංජීවනී ගිනිගද්දර, CSE ප්‍රධාන විධායක නිලධාරී රජීව බණ්ඩාරනායක මහතා, CSE ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය, ගෞරවනීය ආචාර්යවරුන්, ශිෂ්‍යයන් සහ ඔවුන්ගේ සාඩම්බර පවුල් සාමාජිකයන් යන සියල්ල මෙම කණ්ඩායම්වල සිසුන් 52 දෙනාගේ ඩිප්ලෝමා ප්‍රදානෝත්සවය සැමරීමට රැස් වූහ.
මෙම පාඨමාලාව සකසනු ලැබූයේ CSE වෙතින් පිරිනමන, පහසුවෙන් ලබා ගත හැකි ප්‍රවේශ මට්ටමේ අධ්‍යයන සුදුසුකමක් සඳහා වන ඉහළ යන ඉල්ලුම සපුරාලීම සඳහා වූ අතර, එහිදී මූල්‍ය වෙලඳපොළ, විශේෂයෙන් ම ප්‍රාග්ධන වෙළඳපොළ මෙහෙයුම් සහ ආයෝජන උපාය මාර්ග පිළිබඳ මූලික දැනුම පාඨමාලාව හදාරන්නන්ට හිමි කර දෙයි. ප්‍රාග්ධන වෙළෙඳපොළ රෙගුලාසි, ආයෝජන විශ්ලේෂණ, කළඹ කළමනාකරණය, සාර්ව ආර්ථික විද්‍යාව සහ අනෙකුත් අදාළ විෂය කරුණු ඇතුළත් සුවිශේසී මාතෘකා ආවරණය කරමින් මාස නවයක කාලයක් තුළ සම්පූර්ණ වන විස්තීරණ මොඩියුල දහයකින් මෙම පාඨමාලාව සමන්විත වේ.
පාඨමාලා අන්තර්ගතයට සිසුන් විසින් සිදු කරන ආදර්ශ කළඹ කළමනාකරණය ඇතුළුව මූල්‍ය වෙලඳපොළවල න්‍යායික සහ ප්‍රායෝගික අංශවල සම්මිශ්‍රණයක් ඇතුළත් වූ අතර, එය සැබෑ ලෝකයේ ප්‍රවීණත්වය ප්‍රායෝගික කුසලතා සමඟින් ඒකාබද්ධ කර ඇත. ගෞරවනීය දේශීය විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සහ ප්‍රාග්ධන වෙළෙඳපොළ විශේෂඥයන්ගෙන් සමන්විත ගෞරවනීය ආචාර්ය මණ්ඩලයක් විසින් මෙම මොඩියුල උගන්වන ලදී.
උත්සවය අතරතුර, CSE ප්‍රධාන විධායක නිලධාරී රජීව බණ්ඩාරනායක මහතා පාඨමාලාලාභීන්ට සුබපැතුම් එක් කරමින් මෙලෙස ප්‍රකාශ කළේය. “ඔබ අද මෙතන සිටින්නේ ඔබේ ගමනේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කළ වෙහෙස මහන්සි වී වැඩ කිරීම සහ කැපවීම යනාදිය හේතුවෙනි. ඔබ ඔබේ වෘත්තීය මාවතට පිවිසෙන විට, අපගේ ප්‍රජාවන් තුළ මූල්‍ය සාක්ෂරතාවය ප්‍රවර්ධනය කිරීමට සහ අන් අයව දිරිගැන්වීමට ලබාගත් දැනුම භාවිත කරන ලෙස සිහිගැන්වීමට මම කැමැත්තෙමි.”
ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ඩිල්ෂාන් විරසේකර මහතා මෙලෙස සිය අදහස් දැක්වුවේය. “අද වේගයෙන් විකාශනය වන මූල්‍ය ක්ෂේත්‍රය තුළ දක්ෂ වෘත්තිකයන් සඳහා ඇති ඉල්ලුම වෙන කවරදාටත් වඩා වැඩි වී ඇත. ADFM පාඨමාලාවට සමගාමීව, මෙම පරතරය පියවා ගැනීමටත්, මූල්‍ය සාක්ෂරතාවය ඉහළ නැංවීමට දායක වීමටත්, මූල්‍ය කර්මාන්තයට අර්ථවත් දායකත්වයක් සැපයීමට අපගේ තරුණ තරුණියන් මනා සූදානමකින් පසුවන බවට සහතික කිරීමටත් රට පුරා විශ්වවිද්‍යාල සහ අධ්‍යාපන ආයතන සමඟ හවුල් වී ක්‍රියා කිරීමට CSE කටයුතු කොට ඇත.”
ඩිප්ලෝමාලාභීන් ලැබූ ජයග්‍රහණවල සුවිශේෂීතාව අගය කරමින්, ප්‍රධාන දේශිකා මහාචාර්ය සංජීවනී ගිනිගද්දර මහත්මිය විසින් සිසුන්ගේ අනාගතය සඳහා වටිනා ඔවදන් සපයමින් වටිනා දේශනයක් පවත්වන ලදී.
වරලත් කළමනාකරණ ගණකාධිකාරි ආයතනය (CIMA) සහ සහතිකලත් කළමනාකරණ ගණකාධිකාරීවරුන්ගේ ආයතන (CMA) විසින් ADFM පාඨමාලාව නිල වශයෙන් පිළිගනු ගෙන ඇත. ADFM ඩිප්ලෝමාධාරීන් හට කළමනාකරණ ගිණුම්කරණයේ සුදුසුකම් ලබා ගැනීම සඳහා කෙටි මාවතක් සපයා ඇති අතර, ඒ හරහා මූල්‍ය අංශයේ ඔවුන්ගේ වෘත්තීය අපේක්ෂාවන් තවදුරටත් ඉහළ නංවනු ලබයි.
ADFM පාඨමාලාව පිළිබඳ වැඩි විස්තර සහ ඉදිරි බඳවා ගැනීම් පිළිබඳ විස්තර සඳහා කරුණාකර 011 2356 531/543 යන අංකය අමතන්න.

හත්වන කණ්ඩායමේ ඉහළම ප්‍රතිඵලය හිමිකරගත් ලියනගේ දොන් ඉෂාර සඳරුවන් මහතා
ඡායාරූප විස්හතරය - අටවන කණ්ඩායමේ ඉහළම ප්‍රතිඵලය හිමිකරගත් සේපාලිකා දිලානි පීරිස් ගුණසේකර මිය
Video Story