‘CSE Masterminds 2024’ ප්‍රශ්න විචාරාත්මක තරඟය අති සාර්ථක අන්දමින් නිමාව දකියි

    July, 15, 2024

    කොළඹ කොටස් හුවමාරුව විසින් සංවිධානය කරන ලද ශ්‍රී ලංකාවේ එකම ආයතනික ප්‍රාග්ධන වෙළඳපොළ ප්‍රශ්න විචාරාත්මක තරඟය වන "CSE Masterminds Quiz" හයවන වරටත් 2024 ජූලි 05 වන දින කොළඹ ෂැංග්‍රි-ලා ප්‍රධාන උත්සව ශාලාවේදී පැවැත්විය. විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන දිවයිනේ ප්‍රමුඛ පෙළේ ආයතන රැසකින් කණ්ඩායම් 106ක් මීට සහභාගී වූහ.

    2024 CSE Masterminds ප්‍රශ්න විචාරාත්මක තරඟයේදී අඛණ්ඩව දෙවන වරටත් අවසන් ජයග්‍රාහකයා බවට පත්වෙමින් යළිත් වරක් රුපියල් 1,000,000ක් වටිනා මුදල් ත්‍යාගයක් මෙන්ම කොළඹ ෂැංග්‍රි-ලා වෙතින් වවුචර්පත් දිනාගැනීමට ZeroBeta පුද්ගලික සමාගම සමත් විය. ලන්ඩන් ස්ටොක් එක්ස්චේන්ජ් ගෲප් ව්‍යාපාර සේවා පුද්ගලික සමාගම ප්‍රථම අනුශූරතාවය දිනාගත් අතර ඔවුන් රුපියල් 500,000ක මුදල් ත්‍යාගයක් දිනා ගන්නා ලදී. ඇක්විටි පාට්නර්ස් පුද්ගලික සමාගම දෙවන අනුශූරතාව දිනා ගනිමින් රු. 300,000ක මුදල් ත්‍යාගයක් සහ බැරිස්ටා කොෆී ලංකා පුද්ගලික සමාගම වෙතින් වවුචර්පත් ද හිමි කරගන්නා ලදී.

    සහභාගී වූ කණ්ඩායම් ඔවුන්ගේ ව්‍යාපාර ක්ෂේත්‍රය මත පදනම්ව කාණ්ඩ අටකින් තරඟ කල අතර එක් එක් කාණ්ඩයේ දක්වන විශිෂ්ටත්වය වෙනුවෙන් ඇගයීම් පිරිනමන ලදී. ඒ අනුව, එක් එක් කාණ්ඩවල දැක්වූ විශිෂ්ටත්වය වෙනුවෙන් විවිධ ආයතන වෙත විශේෂ ඇගයීම් හිමිවිය. එන්ඩීබී සෙකියුරිටීස් පුද්ගලික සමාගම විසින් අනුග්‍රහය දක්වන ලද බැංකු කාණ්ඩයේ සම-ජයග්‍රාහකයන් වූයේ පෑන් ඒෂියා බෑන්කින් කෝපරේෂන් පීඑල්සී සහ මහජන බැංකුවයි. එම ආයතනය විසින්ම අනුග්‍රහය දක්වන ලද ලීසිං සහ මුල්‍ය කාණ්ඩයේ ජයග්‍රාහකයා බවට සෙන්ට්‍රල් ෆිනෑන්ස් සමාගම පත් වූ අතර සෙන්ෆින් සෙකියුරිටීස් සමාගම විසින් අනුග්‍රහය දක්වන ලද කොටස් තැරැව්කාර සහ අරමුදල් කළමනාකරණ කාණ්ඩයේ ජයග්‍රහණය හිමිවූයේ ඇක්විටි පාට්නර්ස් පුද්ගලික සමාගමටයි. ෆෙයාර්ෆස්ට් ඉන්ෂුවරන්ස් සමාගම විසින් අනුග්‍රහය දක්වන ලද  රක්ෂණ කාණ්ඩයේ ජය හිමි වූයේ AIA රක්ෂණ සමාගමට වූ අතර අලායන්ස් ෆිනෑන්ස් සමාගම විසින් අනුග්‍රහය දක්වන ලද විදුලි සංදේශ සහ තාක්ෂණ කාණ්ඩයේ ජය ZeroBeta පුද්ගලික සමාගම හිමි කරගත්තේය. ඇක්විටි නොලේජ් පාට්නර්ස් සමාගම විසින් අනුග්‍රහය දක්වන ලද සේවා කාණ්ඩයේ ජය ඇක්විටි නොලේජ් පාට්නර්ස් සමාගමට හිමි වූ අතර මැක්කරී ආයතනය විසින් අනුග්‍රහය දක්වන නිෂ්පාදන කාණ්ඩයේ ජය ඇන්සල් ලංකා පුද්ගලික සමාගමටත් සීඅයිසී හෝල්ඩින්ග්ස් පීඑල්සී විසින් අනුග්‍රහය දක්වන ලද විවිධාංගීකරණ කාණ්ඩයේ ජය හේලීස් සමාගමටත් හිමිවිය.

    දේශීය හා ගෝලීය ප්‍රාග්ධන වෙළඳපොළ, ශ්‍රී ලංකා ආර්ථිකය සහ ව්‍යාපාර, සාමාන්‍ය දැනුම, ක්‍රීඩා, විනෝදාස්වාදය මෙන්ම කාලීන සිදුවීම් සම්බන්ධයෙන් ප්‍රශ්න විචාරාත්මක තරඟයට සහභාගී වූවන් සතු දැනුම මෙහිදී පරීක්ෂා කරන ලදී.

    තරඟයට සහභාගී වීමට අමතරව, වාසනාවන්ත ජයග්‍රාහකයින් සිවු දෙනෙකු හට දිනුම් ඇදීමක් හරහා ෆිට්ස් ඒවියේෂන් අනුග්‍රහයෙන් මාලදිවයිනට යාමට සහ ආපසු පැමිණීමට ගුවන් ටිකට් පත බැගින් පිරිනමන ලදී. මීට අමතරව, ප්‍රෙක්ෂකාගාරය වෙත යොමු කළ ප්‍රශ්නවලට සාර්ථක ලෙස පිළිතුරු දුන් පුද්ගලයන් සිවු දෙනෙකුට හැටන් නැෂනල් බැංකුවේ අනුග්‍රහයෙන් රු. 10,000 බැගින් වටිනා ත්‍යාග පිරිනමන ලදී.

    2024 CSE Masterminds තරගයේ හයවන අදියර සඳහා ප්ලැටිනම් අනුග්‍රාහකත්වය දැක්වූයේ බාට්ලීට් රෙලිගෙයා සෙකියුරිටීස් පුද්ගලික සමාගම සහ ෆස්ට් කැපිටල් හෝල්ඩින්ග්ස් යන ආයතන වූ අතර රන් අනුග්‍රාහකත්වය දැක්වූයේ එක්ස්පැක් කොරගේටඩ් කාර්ටන්ස් සමාගම විසින්ය.

    සොෆ්ට්ලොජික් තැරැව්කාර පුද්ගලික සමාගම, LOLC හෝල්ඩින්ග්ස් සමාගම, ආශා සෙකියුරිටීස් සමාගම, ලංකා සෙකියුරිටීස් පුද්ගලික සමාගම, සහ පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී විසින් රිදී අනුග්‍රාහකත්වය දක්වන ලදී.

    ෆිට්ස් ඒවියේෂන් පුද්ගලික සමාගම නිල ගුවන් සේවා හවුල්කරු ලෙස කටයුතු කළ අතර, කොළඹ ෂැංග්‍රිලා හෝටලය, කූල් ටෙම්පෝ පුද්ගලික සමාගම සහ ඉන්ටර්නැෂනල් ඩිස්ටිලර්ස් ලිමිටඩ් (IDL) විසින් ආගන්තුක සත්කාර සහ උත්සව අවස්ථා හවුල්කාරත්වය සපයන ලදී. මුද්‍රිත මාධ්‍ය හවුල්කරු ලෙස සීමාසහිත විජය පුවත්පත් සමාගමේ කටයුතු කළේය.

    මෙම අවස්ථාවේ සම අනුග්‍රාහකත්වය දරන ලද්දේ ඇම්බියන් සෙකියුරිටීස් පුද්ගලික සමාගම, HNB ඇෂුවරන්ස් පී එල් සී කොමර්ෂල් බෑන්ක් ඔෆ් සිලෝන් පීඑල්සී, කැපිටල් ට්‍රස්ට් හෝල්ඩින්ග්ස්, සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී, ටීජේ ලංකා සමාගම, CT CLSA සෙකියුරීටීස් පුද්ගලික සමාගම, ඩයලොග් ආසියාටා පීඑල්සී, CryptoGen පුද්ගලික සමාගම, එක්සත් රාජධානියේ වරලත් සහතිකලත් ගණකාධිකාරීන්ගේ සංගමය(ACCA), බැරිස්ටා කොෆී ලංකා පුද්ගලික සමාගම, හේමාස් හෝල්ඩින්ස් පීඑල්සී, කැපිටල් අලායන්ස් පීඑල්සී, පෑන් ඒෂියා බෑන්කින් කෝපරේෂන් පීඑල්සී, නෙස්ටර් තැරැව්කාර පුද්ගලික සමාගම, මර්චන්ට් බෑන්ක් ඔෆ් ශ්‍රී ලංකා ඇන්ඩ් ෆයිනෑන්ස් පීඑල්සී සහ EFutures පුද්ගලික සමාගම යනාදියයි.

    මෙම අවස්ථාව පිළිබඳව අදහස් දැක්වූ කොළඹ කොටස් හුවමාරුවේ ප්‍රධාන විධායක නිලධාරී රජීව බණ්ඩාරනායක මහතා සිය අදහස් මෙලෙස ප්‍රකාශ කළේය, “CSE Masterminds ප්‍රශ්න විචාරාත්මක තරඟයේ හයවන අදියරට ඔබ සැම සාදරයෙන් පිළිගනිමි. 2017 වර්ෂයේ ආරම්භයත් සමඟ, මෙකී තරඟ අවස්ථාව ප්‍රමුඛතම ආයතනික ප්‍රශ්න විචාරාත්මක තරඟ වලින් එකක් බවට පත්ව ඇති අතර කොළඹ කොටස් හුවමාරුවේ දින සටහනේ වැදගත් අංගයක් ද වී ඇත.

    “ආයතනික සහභාගීත්වය වැඩිකරමින් Masterminds සන්නාමය ඉතා වේගයෙන් වර්ධනය වී ඇති අතර එය ප්‍රශ්න විචාරාත්මක තරඟ ප්‍රියකරන්නන් අතර ජනප්‍රිය වී ඇත. ආයතනික අංශය සතු උද්යෝගය මෙම තරඟ අවස්ථාව සාර්ථක කරගැනීම උදෙසා හේතු වී ඇත. අපගේ හවුල්කරුවන්, අනුග්‍රාහකයින්, සහභාගිවන්නන්, අලෙවිකරණ අංශය මෙන්ම CSE කාර්ය මණ්ඩලයට ඔවුන් දැක්වු අමිල සහයෝගය වෙනුවෙන් මාගේ අවංක කෘතඥතාව පළකරමි.”

    මෙම තරඟයෙන් අනතුරුව උත්සව අවස්ථාවක් පැවති අතර එහි ආරාධිත කලාකරුවා ලෙස නුෂිකා සහභාගී වූ අතර සංගීතය සපයන ලද්දේ ඕමි සංගීත කණ්ඩායම විසිනි. සමස්තයක් වශයෙන්, මෙම අවස්ථාව අතිශය සාර්ථක එකක් බවට පත්වූ අතර, ප්‍රාග්ධන වෙලඳපොළ සම්බන්ධයෙන් දැනුවත්භාවය ඉහළ නංවමින් තවත් බොහෝ ආයතනිකයන් හට ඔවුන්ගේ බුද්ධිය පරීක්ෂා කිරීමට අවස්ථාව සලසා දෙමින් 2025 වර්ෂයේ දී Masterminds හත්වන අදියර සම්බන්ධීකරණය කිරීමට කොළඹ කොටස් හුවමාරුව අපේක්ෂා කරයි.

     

    ඡායාරූප විස්තරය -  2024 CSE Masterminds Quiz ජයග්‍රහකයන් - ZeroBeta පුද්ගලික සමාගම