September, 22, 2026
~ ‘එතෙර දිරිය’ නිවාස ණය යෝජනා ක්‍රමය යටතේ සුදුසුකම් ලබන විදේශගත ශ්‍රමිකයන්ට පොලී ප්‍රතිපූර්ණ පහසුකම සහිතව රුපියල් මිලියන 10 දක්වා ණය පහසුකම් ~
විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට තමන් උපයන විදේශ විනිමය ස්ථිර නිවසක් සහ තම පවුල්වල දීර්ඝකාලීන ආරක්ෂාව වෙනුවෙන් ආයෝජනය කිරීමට අවස්ථාව සලසා දෙමින්, DFCC බැංකුව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය (SLBFE) සමග එක්ව ‘එතෙර දිරිය’ නිවාස ණය යෝජනා ක්‍රමය හඳුන්වා දී ඇත.
මේ සඳහා වන අවබෝධතා ගිවිසුමට DFCC බැංකුවේ උප සභාපති/ පුද්ගලික බැංකු සේවා අංශ ප්‍රධානී අසිත පින්නදූව මහතා සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝෂල වික්‍රමසිංහ මහතා අත්සන් තබන ලදී. මෙම යෝජනා ක්‍රමය යටතේ සුදුසුකම් ලබන විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට වසර 10 දක්වා වූ නැවත ගෙවීමේ කාලසීමාවකට යටත්ව රුපියල් මිලියන 10 දක්වා වූ නිවාස ණය පහසුකම් ලබාගත හැකිය. නිවසක් ඉදිකිරීම, මිලදී ගැනීම, පිළිසකර කිරීම හෝ වැඩිදියුණු කිරීම සඳහා මෙම මූල්‍ය පහසුකම යොදවා ගත හැක.
මෙම නිවාස ණය ලබා දීමේ ක්‍රමවේදය හරහා අය කරනු ලබන පොලිය, ප්‍රතිපූරණ ක්‍රමවේදයක් හරහා ණය ලබා ගන්නන් හට නැවත ලබා ගත හැකි වන අතර, ඒ අනුව අදාළ පොලී සහනය හරහා සුදුසුකම් ලබන ණය ලබාගන්නන් හට ඉහළ සහනයක් හිමි වන අතර, එමගින් නිවසක හිමිකාරිත්වය ලබාගැනීමේදී දැරීමට සිදුවන ඉහළ පිරිවැය වඩාත් පහසුවෙන් කළමනාකරණය කරගැනීමට අවස්ථාව සැලසේ.
විදේශගතව සේවය කරන ශ්‍රී ලාංකිකයන්ට ස්ථිර නිවසක් හිමිවීම යනු හුදෙක් දේපළක් අත්පත් කර ගැනීමට එහා ගිය කරුණකි. එය විදේශගතව වසර ගණනාවක් තිස්සේ විඳින කැපකිරීම්, තම පවුලේ සාමාජිකයන් වෙනුවෙන් ඉතිරිවන වටිනා සහ ස්ථිරසාර දායාදයක් බවට පත්කිරීමට ලැබෙන අනගි අවස්ථාවකි.
"සිය පවුල්වල අනාගතය යහපත් කිරීම වෙනුවෙන් ලක්ෂ සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයන් පිරිසක් විදේශගතව සේවය කරනවා. ඔවුන් උපයන මුදල් මගින් තම ආදරණීයයන් පෝෂණය වන අතරම, ජාතික ආර්ථිකයට ද විශාල දායකත්වයක් ලැබෙනවා. 'එතෙර දිරිය' යෝජනා ක්‍රමය හරහා අප අපේක්ෂා කරන්නේ, ඔවුන්ගේ එම මහන්සිය සහ කැපවීම දීර්ඝකාලීනව පවුලේ අනාගතයට සෙවනක් වන ස්ථිරසාර නිවසක් සහ දේපළක් බවට පත්කර ගැනීමට සහාය වීමයි," යනුවෙන් අසිත පින්නදූව මහතා පැවසීය.
DFCC බැංකුව විසින් විදේශගත ශ්‍රමිකයන් සහ විදේශ මූල්‍ය ප්‍රේෂණ ලාභීන් වෙනුවෙන් පිරිනමනු ලබන පුළුල් සේවාවන් අතරට මෙම සහයෝගීතාව ද එක්වේ. විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ මූල්‍ය අවශ්‍යතාවලට ගැළපෙන පරිදි නිර්මාණය කර ඇති ‘DFCC රටවිරු’ ඉතිරි කිරීමේ ගිණුම මගින් ආකර්ෂණීය පොලී අනුපාත, නොමිලේ ඩෙබිට් කාඩ්පතක් සහ සුවිශේෂී මූල්‍ය විසඳුම් ඇතුළු ප්‍රතිලාභ රැසක් හිමි වේ.
'එතෙර දිරිය' නිවාස ණය යෝජනා ක්‍රමය, 'DFCC රටවිරු' ඉතිරි කිරීමේ ගිණුම සහ DFCC බැංකුවේ විදේශ මූල්‍ය ප්‍රේෂණ සේවාවන් එක්ව, මුදල් එවීම, ඉතිරි කිරීම සහ නිවසක් වෙනුවෙන් ආයෝජනය කිරීම දක්වා වූ විදේශගත ශ්‍රමිකයන්ගේ සමස්ත මූල්‍ය ගමනටම විවිධ අදියරවලදී ශක්තිමත් සහයක් ලබාදෙයි.
විදේශ ප්‍රේෂණවල නියම වටිනාකම මැනිය යුත්තේ රට තුළට ගලා එන මුදල් ප්‍රමාණයෙන් පමණක් නොව, එම මුදල් මගින් අදාළ පවුල්වල ජීවිතවලට ලබාදෙන අර්ථවත් වෙනස මගින් බව මෙම වැඩසටහන මගින් පිළිගැනේ. ස්ථිර නිවසක් මගින් වර්තමානයට ස්ථාවරත්වයක් ලබාදෙන අතරම, අනාගතය වෙනුවෙන් වටිනා දේපළක් නිර්මාණය කරමින්, ආදරණීයයන්ගෙන් වෙන්ව සේවය කරන ශ්‍රමිකයන්ගේ කැපකිරීම්වලට ඉහළ අගයක් ලබාදෙයි.
මේ පිළිබඳ වැඩිදුර තොරතුරු ඕනෑම DFCC බැංකු ශාඛාවකින්, 011 235 0000 ඇමතීමෙන් හෝ www.dfcc.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකිය.
Video Story