‘Discover Mannar’ ඡායාරූප ප්‍රදර්ශනය සාර්ථකව නිම වෙයි

    June, 22, 2017

    ශ්‍රී ලංකා ඡායාරූප සංගමය (PSSL), ලෝක බැංකු සමූහයේ සාමාජිකයෙකුවන ජාත්‍යන්තර මුල්‍ය සංස්ථාව (IFC) සහ Palmyrah House හෝටලය එක්ව සංවිධානය කෙරෙන 'Discover Mannar' ඡායාරූප ප්‍රදර්ශනය ජුනි මස 16 සහ 17වනදා පාර්ක් ස්ට්‍රීට් මිව්ස්හි Stables ශාලාවේදී පැවැත්විණ. මන්නාරම දිස්ත්‍රික්කය සංචාරක කේන්ද්‍රස්ථානයක් ලෙස ප්‍රවර්ධනය කිරීම මෙම ප්‍රදර්ශනයේ අරමුණ විය.

     

    යුරෝපා සංගමය සහය දෙන දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහනේ (EU-SDDP) සහයෝගයෙන් යුතුව පැවැත්වුණු මෙම ප්‍රදර්ශනයේදී ආධුනික මෙන් ම ප්‍රවීණ ඡායාරූප ශිල්පීන්ගේ ඡායාරූප ද ප්‍රදර්ශනය කෙරිණ.

     

    මැයි මාසය පුරා ක්‍රියාත්මක වූ ඡායාරූප තරගාවලිය සඳහා විවෘත සහ ශිෂ්‍ය යන ඛාණ්ඩ දෙක ම නියෝජනය කරමින් ඡායාරූප 300කට ආසන්න ප්‍රමාණයක් ඉදිරිපත් වූ අතර ඉන් ඡායාරූප ශිල්පීන් 16 දෙනෙකු තෝරා ඔවුන්ට හිමි සම්මාන ප්‍රදානය කෙරිණි.

     

    මන්නාරම දිස්ත්‍රික්කය තිරසාර, වගකීම් සහගත සංචාරක නිකේතනයක් ලෙස ප්‍රවර්ධනය කිරීම සඳහා EU-SDDP වැඩසටහන යටතේ IFC ආයතනය ගෙන යන වැඩපිළිවෙලේ එක් අදියරක් ලෙස මෙම ප්‍රදර්ශනය සංවිධානය කෙරිණි. "සංචාරක කර්මාන්තය යනු රැකියා උත්පාදනය, වෙළඳපල ප්‍රවේශය පුළුල් කිරීම සහ ප්‍රාදේශීය ප්‍රජාවට ප්‍රතිලාභ සැලසීම තුළින් ආර්ථිකය වේගයෙන් වර්ධනය කළ හැකි සාධකයකි. මෙම ප්‍රදර්ශනය හරහා ශ්‍රී ලංකාවේ නැගී එන සංචාරක පුරවරයක ඇති විවිධත්වය, දෛනික ජීවිතය සහ රමණීයත්වය විදහා පෑමට අපට හැකි වුණා" යනුවෙන් IFC ආයතනයේ ශ්‍රී ලංකා සහ මාලදිවයින් කළමනාකාර අමීනා අරීෆ් මහත්මිය සඳහන් කළාය.

     

    ශ්‍රී ලංකාව ලොව සංචාරකයන් අතර වේගයෙන් ජනප්‍රිය වෙමින් පවතින රාජ්‍යයක්වන බැවින් සංචාරක කර්මාන්තය මෙරට ආර්ථික වර්ධනයේ අතිශය වැදගත් සාධකයක් බවට පත්ව ඇත.

     

    මෙහිදී අදහස් දැක්වූ යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා සහ මාලදිවයින් නියෝජිත මණ්ඩලයේ සහයෝගිතා ප්‍රධානී ලිබුසේ සුකුපෝවා මහත්මිය සඳහන් කළේ ශ්‍රී ලංකාව ලෝකයේ වඩාත් ජනප්‍රිය සංචාරක කේන්ද්‍රස්ථානයක් බවට පත් වෙමින් ඇති බවත්, මෙරට ආර්ථිකය තවදුරටත් ඉදිරියට ගෙන යාම සඳහා සංචාරක කර්මාන්තයට හැකියාව ඇති බවත්ය. "මන්නාරම දිස්ත්‍රික්කයේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා දායක වීමට හැකි වීම පිළිබඳ යුරෝපා සංගමය ඉතා සතුටු වන අතර, එමගින් ප්‍රාදේශීය ආර්ථිකයට සහ මන්නාරම ප්‍රදේශවාසීන් හට ප්‍රතිලාභ හිමිවනු ඇති බව අපගේ විශ්වාසයයි" ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

     

    ශ්‍රී ලංකා ඡායාරූප සංගමයේ විශේෂඥ මගපෙන්වීම යටතේ ප්‍රදර්ශනය පැවැත්විණි. මෙහිදී අදහස් දැක්වූ එම සංගමයේ සභාපති හිරාන් වැල්විටිගොඩ මහතා ප්‍රකාශ කළේ මන්නාරම දිස්ත්‍රික්කයේ සුන්දරත්වය විදහා පෑම සඳහා IFC ආයතනයත් Palmyrah House හෝටලයත් සමග අත්වැල් බැඳ ගනිමින් මෙම ප්‍රදර්ශනය සංවිධානය කිරීමට හැකි වීම පිළිබඳ තමන් ආඩම්බර වන බවය.

     

    "මන්නාරම යනු ශ්‍රී ලංකාවේ විවිධත්වයෙන් අනූන ම ප්‍රදේශයක්. එක් පසෙකින් එය පක්ෂීන්ගේ රජදහනක්වන අතර, අනෙක් පසින් එය ඓතිහාසික වටිනාකමකින් පිරි ප්‍රදේශයක්. එබැවින්, මෙහි සංචාරයේ යෙදෙන සංචාරකයක් හට පුළුල් පරාසයක විහිදුනු අත්දැකීම් සම්භාරයක් අත්විඳීමේ අවස්ථාව උදා වනවා. මන්නාරම සංචාරය කළ යුතු ම ස්ථානයක් ලෙස ප්‍රවර්ධනය කරමින් වැඩි සංචාරකයන් පිරිසක් මෙරටට ආකර්ෂණය කර ගැනීමට මෙවැනි ඡායාරූප ප්‍රදර්ශන බෙහෙවින් උපකාරී වනවා" යනුවෙන් Palmyrah House හෝටලයේ කළමනාකාර අධ්‍යක්ෂ අජිත් රත්නායක මහතා අදහස් පළ කළේය.

     

    'Discover Mannar' ප්‍රදර්ශනයේදී සම්මාන හිමිකර ගත් ඡායාරූප ශිල්පීන් 16 දෙනා පහත දැක්වේ.

     

    විවෘත ඛාණ්ඩය

     

    • රන් පදක්කම : නිශාන්ත මංජුල
    • රිදී පදක්කම : කුෂාන් විමුක්ති
    • ලෝකඩ පදක්කම : සෞම්‍යා විලාශිනි
    • කුසලතා සම්මාන : ෂෙහාන් ට්‍රෙක්, සුධීර බණ්ඩාර, සදීප ගුණවර්ධන, නිශාන්ත් තිරූ සහ දිලිප් ද අල්විස්

     'Discover-Mannar-Image-2

    ශිෂ්‍ය ඛාණ්ඩය

     

    • රන් පදක්කම : අක්ශේ ඩී.සී.ඒ. සත්රුකල්සිංහ
    • රිදී පදක්කම : හේෂාන් කෞෂල්‍ය
    • ලෝකඩ පදක්කම : කමලනාතන් කැනිස්ටන්
    • කුසලතා සම්මාන : එස්. කවින්සන්, එෆ්. නිශාලිනී, රොබර්ට් සෙනරින් පීරිස්, වෙට්ටි පයියාන් තිවා, ඒ. ඇන්තෝනියෝ ඇනස්ටන්

    'Discover-Mannar-Image-1