‘Dove Oxygen Avenue’ මෙරට ජනතාවට නවතම අත්දැකීමක් ලබාදෙයි

    December, 23, 2017

    Dove ඔක්සිජන් මොයිස්චර් ෂැම්පු සහ කන්ඩිෂනර් හඳුන්වාදීම සඳහා කොළඹ ‘ආකේඞ් ඉන්ඩිපෙන්ඩන්ස් ස්ක්වෙයා’ හිදී දින දෙකක් පුරා පවත්වන ලදි ‘Dove Oxygen Avenue’ වැඩසටහන පසුගියදා අතිසාර්ථකව අවසන් විය. මෙරට ජනතාවට සුවිශේෂී අත්දැකීමක් ලබාදෙමින්, සතුට විනෝදය සපිරි නවතම විශේෂාංග රැසක් සමගින් පැවති මෙම උත්සව අවස්ථාවට විශාල පිරිසක් සහභාගී වූහ. නව Dove Oxygen Moisture ෂැම්පු සහ කන්ඩිෂනර්හි අඩංගු ඔක්සිජන් සහිත මොයිස්චරයිසර් සංකේතවත් කරමින්, Oxygen Cloud, Oxygen Pool සහ Oxygen Booth වැනි ඔක්සිජන් තේමා කරගත් විවිධ ඉසව් සහ සැරසිලි වලින් උත්සව පරිශ‍්‍රය අලංකාරවත් විය.

    මෙම අවස්ථාවේ දී අදහස් දැක්වූ යුනිලීවර් ශ‍්‍රී ලංකා සමාගමේ අලෙවි කළමනාකාරිනී (චර්ම සත්කාර හා හිසකෙස් සත්කාර නිෂ්පාදන) නිලූෂි ජයතිලක මහත්මිය මෙසේ පැවසුවාය. ‘‘හිසකෙස් සදහා විශිෂ්ට මට්ටමේ සත්කාරයක් ලබාදෙන නිෂ්පාදන හඳුන්වාදීමට Dove සෑමවිටම කැපවී කටයුතු කරනවා. Oxyfusion තාක්ෂණය සහිත Dove Oxygen Moisture ෂැම්පු සහ කන්ඩිෂනර්වල ඔක්සිජන් සහිත මොයිස්චරයිසර් අඩංගු වී තිබෙනවා. ඔබේ තුනී(flat) කෙස් කළඹට පෝෂණය ලබාදී, 95% ක් පිරිපුන් පෙනුමැති පෝෂණීය සුමුදු කෙස් කළඹක් ලබාදීමට එයට හැකිවන්නේ ඒ නිසයි.”

    මෙම නව නිෂ්පාදන පෙළ හඳුන්වාදුන් උත්සව අවස්ථාවේදී, නව Dove Oxygen Moisture නිෂ්පාදනය භාවිතා කරමින්‘Dove Oxygen Avenue’ සමග අත්වැල් බැඳගන්නා මෙන් යුනිලීවර් සමාගම සියලූ ශී‍්‍ර ලාංකික කාන්තාවන්ට විවෘත ආරාධනාවක් ද සිදුකළේය. Oxyfusion තාක්ෂණය සමගින් නිපදවා ඇති Dove Oxygen Moisture ෂැම්පු සහ කන්ඩිෂනර් ඔබේ තුනී(flat) කෙස් කළඹට පෝෂණය ලබාදී, 95% ක් පිරිපුන් පෙනුමැති පෝෂණීය සුමුදු කෙස් කළඹක් ලබාදෙයි.