E-tel විසින් අති නවීන 4G Virtual Reality ස්මාර්ට් ජංගම දුරකතනයක් ලංකාවට හඳුන්වා දෙයි

    January, 24, 2017

    මෙරට ජංගම දුරකථන අලෙවියේ ප‍්‍රමුඛතම වෙළඳ නාමයක් වන 4G Virtual Reality විසින් ලාංකික පාරිභෝගිකයින්ට නව්‍ය ස්මාර්ට් ජංගම දුරකථන අත්දැකීමක් සමීප කරවමින් E-tel L3 Virtual Reality ස්මාර්ට් ජංගම දුරකථනය වෙළඳපලට හදුන්වා දෙන ලදී. 4G තාක්ෂණයෙන් බල ගැන්වුන මෙම ස්මාර්ට් ජංගම දුරකථනය කවාකාර තිරයකින් සහ Virtual Reality පහසුකම සහිත ඉහළ ගුණාත්මක තත්වයෙන් යුතු ජංගම දුරකථනයක් ලෙස අවිවාදයෙන් නම් කළ හැක.

    වෙළඳපල අවශ්‍යතා හා වෙනස්කම් ඉක්මනින් ග‍්‍රහණය කර ගනිමින් නිර්මාණය කර ඇති මෙම E-tel L3 Virtual Reality ජංගම දුරකථනය අගල් 5.0 HD සම්පූර්ණයෙන්ම ස්පර්ශක 2.5D කවාකාර තිරයකින් හා Virtual Reality ක‍්‍රීඩා හා වීඩියෝ සඳහාද පහසුකම් සලසයි. 1.3GHz Quad Core ARM Cortex 64 bit ප්‍රොසෙසරයකින් සමන්විත වන මෙම ස්මාර්ට් ජංගම දුරකථනය 16GB අභ්‍යන්තර මතකයන්, 3GB RAM ධාරිතාවයකින් යුත්වන අතරම නවතම Android 6.0 (Marshmallow) O/S මඟින් සවිබල ගැන්වෙයි.

    13MP පසුපස කැමරාව සහ 5MP ඉදිරිපස කැමරාව මඟින් ආකර්ශණීය හා සුපැහැදිලි සෙල්ෆි ඡායාරූප හා වීඩියෝ ඇමතුම් ලබාගැනීමේ හැකියාව පවතී. Wi-Fi, Wi-Fi Hotspot, Axccelerometer, Proximity, CMD Light Sensor, Gyroscope, GPS, Maps, You Tube, Finger Print Option ආදී යාවත්කාලීන තාක්ෂණික විශේෂාංග රැසකින් සමන්විත E-tel L3 Virtual Reality ස්මාර්ට් ජංගම දුරකථනය රුපියල් 26ල900 වැනි මිලකට වෙළඳපලෙන් ලබා ගත හැකි අතර www.brantelonline.lk වෙබ් අඩවිය ඔස්සේ මිළදී ගන්නේ නම් සුවිශේෂී වට්ටම් සහිතව නිවසටම ගෙන්වා ගැනීමේ හැකියාවද පවතීx මිලදී ගන්නා සෑම L3 දුරකථනයක් සමඟ එයට ආකර්ශණිය පෙනුමක් ලබා දෙන ආරක්ෂිත කවරයක්, Tempered Glass එකක් සහ Virtual Reality අත්දැකීම ලබාගත හැකි Google Cardboard VR ඒකකයක් නොමිලේ ලබා දීමට සමාගම කටයුතු යොදා ඇත.

    ‘‘නවීන තාක්ෂණය හා මුසුවූ ස්මාර්ට් ජංගම දුරකථන දැරිය හැකි මිලකට පාරිභෝගිකයින්ට ලබාදීම යන සමාගමේ දර්ශනය සමඟ මෙම E-tel L3 Virtual Reality ස්මාර්ට් ජංගම දුරකථනය කදිමට ගැලපෙනවා. එමෙන්ම මෙම දුරකථනය නවීන තාක්ෂණික පහසුකම් සහ උසස් කළාත්මක සැලසුමකින් යුක්ත වෙනවා. ඒවාගේම ඉහළ විශ්වාසනීයත්වයකින් යුතු මෙම දුරකථනය මෙරට තත්වයන්ට සහ මිලදී ගැනීමේ හැකියාව සමඟ හොදින්ම ගැලපෙනවා’’ යනුවෙන් මෙම දුරකථනය පිළිබඳව අදහස් සක්වමින් සමාගමේ අලෙවි හා මෙහෙයුම් ප‍්‍රධානී ප‍්‍රියන්ත වික‍්‍රමනායක මහතා සඳහන් කළේය.
    E-tel L3 ජංගම දුරකථනය සහ අනෙකුත් E-tel දුරකථන පිළිබඳව වැඩිදුර තොරතුරු 0112024666 අංකයෙන් පාරිභෝගික සේවා අංශය අමතා හෝ www.etelmobiles.com වෙබ් අඩවියෙන් මෙන්ම E-tel Facebook පිටුව හා සම්බන්ධ වීම මගින් ද ලබාගත හැක.

    බ‍්‍රෑන්ටෙල් සමාගම 2004 වසරේ සිට ලංකාව තුළ මෙහෙයුම් කටයුතු සිදුකරන අතර E-tel සන්නාමය එළිදක්වනු ලැබුවේ 2008 වසරේදීයි. E-tel ජංගම දුරකතන දිවයින පුරා පැතිරුණු 2000 කට අධික අලෙවිසැල් ජාලය මගින් මිලදී ගත හැකි අතර අලෙවියෙන් පසු සේවා සඳහා බ‍්‍රෑන්ටෙල් සමාගමට අයත් සේවා මධ්‍යස්ථාන පහක් පිහිටුවා ඇත. මෙම සේවා මධ්‍යස්ථාන කොළඹ, අනුරාධපුරය, මාතර, මහනුවර, සහ චාවකච්චේරිය යන නගරවල පිහිටා තිබේ.