Ekroma Realtors විසින් සුඛෝපභෝගී දිවිපැවැත්ම සඳහා “ආර්යා” හඳුන්වා දෙයි

    October, 19, 2017

    නාගරික ජනාවාස සඳහා ඇති ඉල්ලුම සහ ආකර්ෂණය දිනෙන් දින වැඩිවෙමින් පවතින අතර, බොහෝ පිරිස් තම ජීවනෝපාය සඳහා නගරය වෙත පිවිසෙයි. එනිසාම පසුගිය වසර කිහිපය පුරාම කොළඹ නගරය සීග්‍රයෙන් වෙනස්වීම් වලට ලක්වී ඇත.

    Ekroma Realtors යනු ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අනුමත දේපල හා සංවර්ධන සමාගමකි. නූතන ජීවන අවශ්‍යතා සඳහා ගැලපෙන අද්විතීය ජීවන රටාවක් කොළඹ නගරයට ලබා දීම සඳහා ඔවුන්ගේ පළමු ව්‍යාපෘතිය වන Elegant 16, 2018 වර්ෂයේ මාර්තු මස වන විට සාදා අවසන් කිරීමට නියමිතය. ආර්යා යනු නව ජීවන රටා සඳහා හඳුන්වා දෙන නිවාස සංකල්පයකි. එසේම ශ්‍රී ලංකාවට “Boutique” සංකල්පය හඳුන්වා දීමේ පෙරමුණ ගන්නේද Ekroma Realtorsය.  මෙම ඒකක 28ක මහල් නිවාස සංකීර්ණය 153 A, කිංසි පාර, කොළඹ 08 යන ස්ථානයෙහි පිහිටා ඇති අතර, සියළුම පහසුකම් සහිතව නගර මධ්‍යයේ ජීවත් වීමට කැමති අයට ඉතාම සුදුසු වේ. එසේම මෙම මහල් නිවාස සංකීර්ණය ආසන්නයේ ජනප්‍රිය පාසල්, දිවයිනේ ප්‍රමුඛතම රෝහල් මෙන්ම වෙළඳපොළවල් වලින් මෙන්ම අනෙකුත් සියලුම පහසුකම් වලින්ද සමන්විතය.

    ආර්යා ව්‍යාපෘතිය මහල් 10 කට වැඩි ප්‍රමාණයක් තුල විසිරී යාමට නියමිත අතර නිදන කාමර 2-3 මෙන්ම පෙන්ට්හවුස් නිවාසද මෙහි අඩංගු වේ. තවද බිම් මහල මෝටර් රථ ගාල් කිරීමේ ප්‍රදේශයකින් මෙන්ම විදුලි සෝපාන දෙකකින් සමන්විත වේ. ආර්යා හි ජීවන රටාව තවත් සුඛෝපභෝගී ලෙස ඉදිරිපත් කිරීම සඳහා මෙම මහල් නිවාස සංකීර්ණයේ ඉහල මාලයේ අනර්ඝ පිහිනුම් තටාකයක් සහ BBQ පහසුකම සහිත විශාල එළිමහන් ශාලාවකින් ද සමන්විත වේ. මෙහි මුල් ගල් තැබීමේ කටයුතු 2017 නොවැම්බර් මස දී සිදු කිරීමට නියමිතව ඇත.

    Ekroma Realtors සමාගමෙහි ප්‍රධානම ශක්තිය වනුයේ නාගරික ජන ජීවිතය නංවාලීම සඳහා ඔවුන්ගේ අවධානයයි. ජනප්‍රිය ගෘහ නිර්මාණ ශිල්පී අතුල අමරසේකරගේ නායකත්වයෙන් ඉදිවෙන මෙම ආර්යා ව්‍යාපෘතිය මිලියන 38 කට මිළ කර ඇති අතර කලින් වෙන්කරවා ගැනීමේ මුදල මිලියන 2ක් වේ. වැඩි විස්තර සඳහා 0773 552376 අංකය ඇමතීමෙන් සහ www.ekromarealtors.com වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකිය.