EPF එපා කියූ හේමාස් කොටස් ටෙම්පල්ටන් අරමුදලට වටින්නේ ඇයි ?

    July, 11, 2014

    ලොව ප්‍රමුඛතම ආයෝජන අරමුදලක් වන ටෙම්පල්ටන් අරමුදල විසින් හේමාස් හෝල්ඩින්ග්ස් සමාගමේ රුපියල් බිලියන 1.5 කට ආසන්න කොටස් පසුගියදා මිලදීගැනීම සමාගම මෙන්ම ලංකාව පිළිබඳව ජාත්‍යන්තර ආයෝජකයින් තුළ තිබෙන විශ්වාසය පිළිඹිබු කරන බව හේමාස් හෝල්ඩින්ග්ස් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු වන ඒ.එන්. ඉසුෆලි මහතා (A N Esufally) කියයි.

    අප සමග සම්බන්ධ වෙමින් ඔහු පැවසුවේ මෙම කොටස් විකිණීම සේවක අර්ථ සාධක අරමුදල, සේවක භාරකාර අරමුදල හා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව විසින් සිදුකළ බවයි.

    මේ අනුව, පසුගිය ජූලි 02 වනදා හේමාස් හෝල්ඩින්ග්ස් සමාගමේ කොටස් මිලියන 33.5 ක් කොටසක් රුපියල් 45 ක් බැගින් ගිවිසගත් ගනුදෙනුවක් (crossings) ලෙස ටෙම්පල්ටන් අරමුදල විසින් මිලදීගන්නා ලදී.

    හේමාස් සමාගමේ ඉදිරි වර්ධනය පිළිබඳව ටෙම්පල්ටන් අරමුදල වැනි ආයෝජකයින් විශ්වාසය තබා තිබෙන අවස්ථාවක සේවක අර්ථ සාධක අරමුදල විසින් එයට වඩා දුර්වල සමාගම් වල කොටස් රඳවා ගනිමින් හේමාස් කොටස් විකුණා දැමීම පිළිබඳව විවේචනද එල්ලවී ඇත.