වර්තමාන ලෝකය තුල පිළිකා රෝගී තත්වය සැලකිය යුතු සෞඛ්‍ය ගැටලුවක් බවට පත්ව තිබේ. මේ වන විට ශ්‍රී ලංකාව තුල වාර්ෂිකව නව රෝගීන් 30,000 කට අධික සංඛ්‍යාවක් වාර්තාවනුයේ තත්වය වඩාත් තීවුර කරමිනි. මෙම අධික ලෙස වර්ධනය වන පිළිකා රෝගී තත්වය රෝගීන්ට පමණක් නොව ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට ද මුල්‍යමය මෙන්ම මානසික ආතතිය අතින් විශාල වශයෙන් පීඩාවන් ගෙන දෙන කාරණාවක් වී ඇත. මෙහිදී පීඩාවට පත් වූ පවුල්වල සිසුන්ට ඇති වන මානසික පීඩා, නිවසේ වගකීම් වැඩි වීම මෙන්ම, මතුවන ආර්ථික ප්‍රශ්න නිසා ඔවුන්ගේ අධ්‍යාපන ගමන ගැටලුකාරී වී ඇති අවස්ථා බොහොමයක් දැකගත හැක. ඒ අනුව සිසුන්ගේ අනාගතය තීරණය කරන, ජිවිතයේ වටිනා කඩඉමක් වන උසස් පෙළ විභාගය සඳහා ඔවුන් දිරිමත් කරමින් ඔවුන්ගේ අනාගතය දීප්තිමත් කිරීම අරමුණු කර ගෙන තම Vernolac නිෂ්පාදනයෙන් ලැබෙන ලාභය යෙදවීමට Fadna ආයතනය තීන්දුකොට ඇත. Fadna Vernolac අපේක්ෂා ශිෂ්‍යත්ව වැඩසටහන ලෙස නම් කර ඇති එහි සහයෝගීතා ගිවිසුම අත්සන් කිරීම මැයි මස 25දා සිදුවූ අතර ශිෂ්‍යත්ව ලබාදීමේ පලමු අදියර පසුගියදා Fadna ආයතනයේ ප්‍රදානත්වයෙන් හා මොරටුව නිව් horizon සිංහ සමාජයේ සහයෝගීතාවෙන් ගංගාරාම රජමහා විහාරයේදී, සර්ව ආගමික නායකයන් ඉදිරියේදී සිදු කෙරුණි.
මෙහිදී දශක දෙකක අසන්න කාලයක් පුරා තම පාරිභෝගිකයන්ගේ විශ්වාසය නොමදව දිනා සිටින කීර්තිමත් සන්නාමයක් වන Fadna කොළඹ විශ්ව විද්‍යාලය සමග එක්ව හඳුන්වා දුන් නවතම නිෂ්පාදන 4 අතරින් Vernolac නිෂ්පාදනයෙන් ලැබෙන ආදායමෙන් තම කොටස Fadna Vernolac අපේක්ෂා ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා වෙන් කොට තම සමාජයික වගකීම යුහුසුළුව ඉදිරියට ගෙන යන ගමනේ තවත් වැදගත් පියවරක් ලෙස සදහන් කල හැක. පිලිකා රෝගයෙන් පෙලෙනා දෙමාපියන්ගේ උසස් පෙල ඉගෙනුම ලබනා දරු දැරියන් හට පාසැල් ඉගෙනුම අවසන්වනතෙක් මෙම ශිෂ්‍යත්වය ලබාදීමට තීරණය කොට ඇත.