Gamer.lk ඩයලොග් අනුග්‍රහයෙන් වාර්ෂික ඉ-ක්‍රීඩා, වීඩියෝ ක්‍රීඩා සහ කොමික් සම්මේලනය ප්‍රකාශයට පත් කරයි

    December, 1, 2016

    දිවයින පුරා විසිරි සිටින සයිබර් ක්‍රීඩා ලෝලීන්ගේ සහභාගීත්වයෙන් දෙසැම්බර් මස 9,10 සහ 11 යන දිනවල කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී වාර්ෂික ඉ-ක්‍රීඩා ශූරතාවලිය සහ වීඩියෝ ක්‍රීඩා සැණකෙළිය පැවැත්වේ. ශ්‍රී ලංකාවේ ජාතික ඉ-ක්‍රීඩා ශූරතාවලියවන ශ්‍රී ලංකා සයිබර් ගේම්ස් (SLCG) ද අඛණ්ඩව 9 වන වරටත් මෙම සැණකෙළියේ දී පැවැත්වීමට Gamer.lk සියලු කටයුතු සැලසුම් කර ඇත. උතුරු, මධ්‍යම, දකුණු සහ බස්නාහිර පළාත් තුළ තරගාවලියේ මූලික වට පැවැත්වෙන අතර එහිදී දක්ෂතා පෙන්නුම් කරන ක්‍රීඩක ක්‍රීඩිකාවෝ අවසාන මහා තරගය සඳහා කොළඹදී සහභාගී වෙති. ඉ-ක්‍රීඩා ශුරතාවලියට අමතරව දෙසැම්බර් 10 සහ 11 යන දෙදින තුළ කොළඹ කොමික් සම්මේලනය ද එම ස්ථානයේදී ම පැවැත්වේ. කොමික් ලෝලීන් සහ නිර්මාණ කරුවන් සඳහාවන කොළඹ කොමික් සම්මේලනය ශ්‍රී ලාංකේය කලාව, සිනමාව, කොස්ප්ලේ සහ ගීක් සම්ප්‍රදාය මැනවින් විදහා පායි. මෙහි පළමු අදියර කැන්ඩි සිටි සෙන්ටර්හිදී පැවැත්වුණු අතර කොළඹ කොමික් සම්මේලනය එම වැඩසටහන් මාලාවේ අවසන් අදියරයි.

    Call of Duty 4: Modern Warfare, Dota 2, Counter Strike: Global Offensive, League of Legends, Call of Duty: Advance Warfare ආදී එකවර ක්‍රීඩකයන් රැසකට සහභාගී විය හැකි ලොව වඩාත් ජනප්‍රිය ක්‍රීඩා SLCG 2016 ශූරතාවලිය සඳහා යොදා ගැනේ. තව ද Mortal Kombat: XL, FIFA 16, Project Cars ආදී තනි පුද්ගල ක්‍රීඩා ද මෙහිදී පැවැත්වේ.

    පසුගිය වසරේ ශූරතාවලිය සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 2500 කට අධික සංඛ්‍යාවක් තරග වැදුණු අතර තවත් 20,000 කට අධික පිරිසක් එය නැරඹීම සඳහා සහභාගී වූහ. ශ්‍රී ලංකා ඉ-ක්‍රීඩා සංගමයේ (SLeSA) තරගකාරී ශ්‍රේණිගත කිරීමක් පළමු වරට හිමිකර ගත් උළෙලක් ලෙස SLCG ශූරතාවලිය හැඳින්විය හැකිය. බහුවිධ වීඩියෝ ක්‍රීඩා ප්‍රජාවක්වන Gamer.LK (www.gamer.lk) විසින් මෙරට ඩිජිටල් විනෝදාස්වාදය සඳහා නිසි ඇගයුමක් හිමිකර දීමේ අරමුණ පෙරදැරිව මෙම ශූරතාවලිය වාර්ෂිකව සංවිධානය කරනු ලබයි.

    කොළඹ කොමික් සම්මේලනයේදී සිනමා ක්ෂේත්‍රයේ කීර්තිමත් පුද්ගලයන්, ක්‍රීඩා නිර්මාණ කරුවන් සහ කොමික් නිර්මාණ ශිල්පීන්ගේ සහභාගීත්වයෙන් මණ්ඩල සාකච්ඡා වට කිහිපයක් ද, කොස්ප්ලේ ලේසර් ටැග් තරගාවලි මෙන් ම ශ්‍රී ලංකාවේ විශිෂ්ටත ම කොස් ක්‍රීඩකයා තේරීමේ තරගය ඇතුළු ප්‍රේක්ෂකයන්ගේ නොමඳ අවධානය දිනා ගන්නා තවත් විශේෂාංග රැසක් ද පැවැත්වීමට කටයුතු යොදා ඇත. මේ සඳහා තමන් වඩාත් ප්‍රිය කරන කොමික් චරිතය ලෙස සැරසී සහභාගී වෙමින් ගීක් කොමික් මිලදී ගැනීමට, අලෙවි කිරීමට සහ සුරතල් භාණ්ඩ, ආකෘති හා වෙනත් සිහිවටන රැසක් තමන් සතු කර ගැනීමේ අවස්ථාව ද ප්‍රේක්ෂකයන් හට හිමි වේ.

    වේගයෙන් ජනප්‍රියවන මෙම විශේෂ වැඩසටහන් මාලාව සඳහා මෙරට ප්‍රමුඛ පෙළේ බහුජාතික සමාගම් රැසක් සිය සහයෝගය ලබා දීමට ඉදිරිපත්ව සිටී. ශ්‍රී ලාංකේය වීඩියෝ ක්‍රීඩකයන් හට වේගවත් සබඳතාවක් හිමිකර දෙන ඩයලොග් අඛණ්ඩව සිවුවන වරටත් SLCG ශුරතාවලිය සහ කොළඹ කොමික් සම්මේලනය සඳහා අනුග්‍රහය ලබා දෙයි.

    ක්‍රීමෝ යෝගට් පානය පෝෂණ සහකරු ලෙස ද, හැක්ස් සිසිල් සහකරු ලෙස ද මෙම උළෙල සමග අඛණ්ඩව දෙවන වරටත් අත්වැල් බැඳ සිටී. හොන්ඩා සමාගම මෝටර් සයිකල් සහකරු ලෙස උළෙලට අනුග්‍රහය ලබා දෙන අතර SLCG ශූරතාවලියේ පැවැත්වෙන Rider Rush ජංගම දුරකථන ක්‍රීඩාවේ ජයග්‍රාහකයා හට හොන්ඩා නේවි බයිසිකලයක් ත්‍යාග ලෙස ලබා දීමට ද සැලසුම් කර ඇත. රජත අනුග්‍රාහකයා ලෙස MAS සමාගම ද සිනමා සහකරු ලෙස මැජෙස්ටික් සිනෙප්ලෙක්ස් සමාගම ද උළෙල සමග සම්බන්ධ වේ. මීට අමතරව Red Bull, YES FM, Readme, Pulse.LK, Pyxle සහ Valve යන ආයතන සහ සමාගම් ද උළෙල සඳහා සිය අනුග්‍රහය ලබා දීමට ඉදිරිපත්ව සිටී.

    වැඩිදුර විස්තර සඳහා කරුණාකර www.slcg.lk වෙබ් අඩවියට හෝ https://www.facebook.com/geekinitiativelk ෆේස්බුක් පිටුවට පිවිසෙන්න.

    (වමේ සිට දකුණට): චමල් ෆොන්සේකා - කළමනාකාර විකුණුම්, සිලෝන් තියෙටර්ස් (මැජෙස්ටික් සිනෙප්ලෙක්ස් නියෝජනය කරමින්), සුපුන් ජයසිංහ - කළමනාකාර, Dialog Gaming, රවීන් විජයතිලක - අධ්යක්ෂ, Gamer.LK, ටරින්ද්ර කළුපෙරුම - විධායක අධ්යක්ෂ, Stafford Motors, මොහොමඩ් අමාන් - සන්නාම අධ්යක්ෂ, Darley Butler.


    රවීන් විජයතිලක, ශ්‍රී ලංකා සයිබර් ගේම්ස් හි අධ්‍යක්ෂ,පැමිණ සිටි පිරිස ආමන්ත්‍රණය කරමින්.