HNB ගනුදෙනුකරුවන්ගේ තොරතුරු නිකුත් වීම පිළිබඳව මහ බැංකුව මෙසේ කියයි

    July, 24, 2017

    හැටන් නැෂනල් බැංකුවේ ගනුදෙනුකරුවන්ගේ තොරතුරු නිකුත් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව මූලික විමර්ශනයක් සිදුකළ අතර, දැනට ලැබී ඇති තොරතුරු අනුව ගනුදෙනුකරුවන් 4,630 කට අදාළ යම් බැංකු තොරතුරු අතපසුවීමකින් නිකුත් වී ඇති බව මහජනතාව වෙත දන්වා සිටී.

     

    තවද, මෙම සිදුවීම හැටන් නැෂනල් බැංකුවේ ගනුදෙනුකරුවන්ට අදාල තොරතුරු භාවිතය සහ කළමනාකරණය සම්බන්ධ අභ්‍යන්තර දුර්වලතා හේතුකොට ගෙන සිදුවී ඇති බව පෙනීයයි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව සහ හැටන් නැෂනල් බැංකුව මගින් තවදුරටත් පරීක්ෂණ සිදුකෙරේ.

     

    ඒ අනුව, ඉහත සිද්ධියට අදාළ වගකිව යුත්තන්ට එරෙහිව ක්‍රියාකිරීම සඳහා පවතින නීතිමය ප්‍රතිපාදන සහ අධීක්ෂණ සම්මුතීන්ට අනුව අතුරු ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කර ඇත.