HNB සිය ශාඛා ජාලයට සහ SOLO ගනුදෙනුකරුවන්ට ‘සුවෙන් සිටිමු’ (Stay Safe COVID Tracer) ඩිජිටල් විසඳුම හඳුන්වා දෙයි

    November, 26, 2020

    ශ්‍රී ලංකාවේ විශාලතම පාරිභෝගික බැංකුව වන හැටන් නැෂනල් බැංකුව ‘සුවෙන් සිටිමු’ ඩිජිටල් විසඳුම (Stay Safe COVID Tracer QR Code) සිය සමස්ත ශාඛා ජාලය තුළ පසුගියදා සාර්ථකව ක‍්‍රියාත්මක කළේය. කොවිඞ්-19 වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පුරවැසියන්ගේ සංචරණ කළමනාකරණය කිරීම අරමුණු කරගනිමින් ශ‍්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) විසින් මෙම ඩිජිටල් විසඳුම හඳුන්වා දී ඇත.

    ඒ අනුව HNB ප‍්‍රධාන කාර්යාලයට සහ දිවයින පුරා පිහිටි සමස්ත ශාඛා ජාලයට පැමිණෙන අමුත්තන්ට සහ කාර්යය මණ්ඩලවලට පැහැදිලිව පෙනෙන ලෙස එම පරිශ‍්‍රවලට ඇතුළු වන සෑම ස්ථානයකම මෙම Stay Safe QR කේතය ප‍්‍රදර්ශනය කර ඇත. ආයතනවලට පැමිණෙන අමුත්තන්ගේ තොරතුරු පොතක සටහන් කිරීමේ නීතිමය අවශ්‍යතාවයට විකල්පයක් ලෙස පරිශ‍්‍රයට පිවිසීමේදී සහ පිටවීමේදී මෙම QR කේතය ස්කෑන් කිරීම සිදු කළ හැක. ස්මාර්ට් ජංගම දුරකතනයක් නොමැති අයකුට වුවද එම ූඍ කේතය සමීපයේ සඳහන් කර ඇති ආයතනයේ සංකේත අංකය ‘SS(හිස්තැනක්)<ආයතනයේ සංකේත අංකය>’ ලෙස යොදා 1919ට SMS කිරීම මගින්ද එම ක‍්‍රියාවලියම සිදු කළ හැකිය. කිසිඳු ස්පර්ශ කිරීමකින් තොරව ඉතා පහසුවෙන් හා ආරක්ෂාකාරීව අමුත්තනගේ තොරතුරු ලබා ගැනීමට හැකි වීම මෙහි ඇති විශේෂත්වයකි.

    මීට අමතරව HNB SOLO ගනුදෙනුකාරභවතුන්ට අමතර පහසුවක් ලබා දෙමින් SOLO ජංගම දුරකතන යෙදවුම භාවිතා කර  ඕනෑම ස්ථානයක ප‍්‍රදර්ශනය කර ඇති Stay Safe COVID QR කේතය ස්කෑන් කිරීමේ පහසුවද බැංකුව විසින් ලබා දී ඇත.

    ‘‘කොවිඞ්-19 වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පුරවැසියන්ගේ සංචරණ කළමනාකරණය කිරීම අරමුණු කරගත් මෙවැනි ජාතික මට්ටමේ ඵලදායී ක‍්‍රියාවලියක් සඳහා තාක්ෂණය භාවිතා කරමින් රජය ගනු ලැබූ මෙම වැදගත් ප‍්‍රයත්නයට සහාය දැක්වීම පිළිබඳව HNB ආඩම්බර වෙනවා. වසංගතය පැතිරීම පාලනය කිරීම සඳහා මෙම ව්‍යාපෘතිය වැදගත් වේවි

    ‘‘රටේ විශාල පාරිභෝගික පදනමක් ඇති බැංකුවක් ලෙස අප මෙම කොවිඞ් වසංගතය අතරතුර සියලූ ආරක්ෂිත පියවරයන් අනුගමනය කරමින් ගනුදෙනුකරුවන් හා කාර්ය මණ්ඩලය ආරක්ෂා කිරීම සඳහා අපගේ ඩිජිටල් සේවාවලට ඉක්මනින් ප‍්‍රවේශ විය හැකි ආකාරයට ඒවා පුළුල් කරමින් අපට හැකි උපරිමයෙන් සහාය වනවා. මේ වසංගතය පරාජය කිරීමේ ප‍්‍රයත්නයට එක්ව උපරිම සහයෝගය ලබා දෙන ලෙස අප සියලූ පුරවැසියන්ගෙන් ඉල්ලා සිටිනවා.’’ යනුවෙන් HNB හි පාරිභෝගික සහ කුඩා හා මධ්‍ය පරිමාණ බැංකු කටයුතු පිළිබඳ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීල සන්ජේ විජේමාන්න මහතා පැවසුවේය.

    මේ පිළිබඳව අදහස් දක්වමින් ICTA හි සභාපති ජයන්ත ද සිල්වා මහතා ප‍්‍රකාශ කළේ ‘‘ සුවෙන් සිටිමු ඩිජිටල් ව්‍යාපෘතිය සමස්ත ශාඛා ජාලය පුරාම හඳුන්වා දෙමින් HNB දැක්වූ ක්ෂණික ප‍්‍රතිචාරය පිළිබඳව අපට සතුටුයි. කොවිඞ් වෛරසය සම්පේ‍්‍රෂණය වීමට ඇති ඉඩ කඩ මෙවැනි ඩිජිටල් විසඳුම් මගින් පාලනය කරන නිසා අප සමස්ත ශ්‍රී ලාංකිකයින්ගෙන් සහ සියලූම ආයතනවලින් අප ඉල්ලා සිටින්නේ Stay Safe ඩිජිටල් විසඳුම භාවිතා කරමින් මෙම වෛරසය පැතිරීම පාලනය කිරීමට සහාය වන ලෙසයි.’’

    එම යෙදවුම භාවිතා කරන පුද්ගලයින් සංචරණය කළ ස්ථාන ඔවුන්ගේ ජා. හැ. අංකය සහ දුරකතන අංකය සමඟ රජය මගින් අධීක්ෂණය වන මධ්‍යම දත්ත ගබඩාවක තැන්පත් වේ. යම් පුද්ගලයෙකුට කොවිඞ් ආසාදිත බව හඳුනා ගැනීමෙන් පසු මීට පෙර ඔහු සංචරණය කළ ස්ථාන එම දත්ත භාවිතයෙන් ඉතා ඉක්මනින් සහ පහසුවෙන් සොයා ගත හැකිය. ඉන් අනතුරුව එම පුද්ගලයා සංචරණය කළ ආයතනවල හිමිකරුවන් හා එම ආයතනවලට එම දිනයේම/එම කාල පරාසය තුළ පැමිණි අනෙක් අමුත්තන් ඒ පිළිබඳ දැනුවත් කොට අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගැනීම රජයේ සෞඛ්‍ය බලධාරීන් විසින් සිදු කරනු ඇත. එබැවින් හැකි සෑම විටම මෙම ඩිජිටල් විසඳුම භාවිතා කිරීම තමන්ගේ මෙන්ම අන් අයගේත් යහපත සඳහා සිදුකරන සමාජ වගකීමක් වනු ඇත

    පාරිභෝගික මධ්‍යස්ථාන 252ක් දීපව්‍යාප්තව පවත්වාගෙන යන HNB ඩිජිටල් බැංකුකරණයේ නව ආදර්ශයක් ඉදිරියට ගෙන යාමේ ප‍්‍රයත්නය උදෙසා දෙස් විදෙස් පිළිගැනීමක් ලබා ඇති ශ්‍රී ලංකාවේ විශාලතම හා වඩාත් තාක්ෂණික නවෝත්පාදන බැංකුවකි. මෑතකදී බැංකුව අඛණ්ඩව සම්මාන රැසකින් පිදුම් ලැබූ අතර ඒ අතරින් ඒෂියන් බෑන්කර් සම්මාන උළෙලේදී ශ‍්‍රී ලංකාවේ විශිෂ්ටතම පාරිභෝගික බැංකුව ලෙසින් 11වන වරටත් සම්මානයට පාත‍්‍ර වීම සහ ‘ද බෑන්කර්’ සඟරාව මගින් ලෝකයේ හොඳම බැංකු 1000 අතරට ද නම් කිරීම ද කැපී පෙනේ. දේශීය වශයෙන්, බිස්නස් ටුඬේ Top 30 ශ්‍රේණිගත කිරීම් හි පළමු ස්ථානයේ සිටින HNB 2019 විශිෂ්ටතම ආයතනික පුරවැසි තිරසාර සම්මාන උළෙලේදී සම්මාන හතකට හිමිකම් කියන ලදී. ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමක් ලබා ගත් ශ්‍රී ලංකාවේ පළමු බැංකුව වන HNB මෑතකදී, Fitch ratings මගින් HNB හි ජාතික දිගු කාලීන වර්ගීකරණය සංශෝධනයට ලක් කළ අතර එහිදී Fitch ratings හි ස්ථාන දෙකක් ඉහළට පැමිණෙමින් 'AA+(lka)' ණය ශ්‍රේණිය හිමි කර ගැනීමට HNB සමත් විය.