‘‘HNB FINANCE පොසොන් උදානය‘‘  ජුනි 20 වන දින ප්‍රධාන කාර්යාලය අභියස දී

    June, 18, 2024

    ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන HNB FINANCE PLC සංවිධානය කරනු ලබන ‘‘පොසොන් උදානය“බැති ගී සරණිය, ඩිජිටල් තොරණ සහ දන්සැල ජූනි 20 වන දින නාවල පිහිටි HNB FINANCE ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටදී  එදින සවස 4.30 සිට පැවැත්වීමට සැලසුම් කර ඇත

    HNB FINANCE පොසොන් උදානයේ සමාරම්භක දිනයේදී සමාගමේ සේවක මඩුල්ලේ සහභාගීත්වයෙන් පොසොන් බැති ගී සරණිය 20 වන දින සවස 6.30 ආරම්භ කෙරෙන අතර එය ෆේස් බුක් ඔස්සේ සජීවී ලෙස ප්‍රවාරය කිරීමටද සැලසුම් කර ඇත . නවීන තාක්ෂණය හා මුසුවන පොසොන් ඩිජිටල් තොරණ එදින පස්වරු7.30 සිට 20,21,22 යන තෙදින තුළ ප්‍රදර්ශනය කෙරේ. පොසොන් උදානය නැරඹීමට පැමිණෙන ලෙස  HNB FINANCE  ඔබ සැමට බැති සිතින් ඇරයුම් කර සිටී.

    Video Story

    Stock Market

    Exchange Rates