HNB FINANCE සහ Prime Finance ඒකාබද්ධ වීමේ ක්‍රියාවලියට ශ්‍රී ලංකා මහබැංකුවේ අනුමැතිය හිමිවේ

    March, 30, 2022

    2013 අංක 1 දරණ මූල්‍ය සමාගම් ( ව්‍යුහාත්මක වෙනස්කම්) මාර්ගෝපදේශයන්ට අනුව 2021 වර්ෂයේ දෙසැම්බර් 8 වන දින HNB FINANCE සහ Prime Finance යන සමාගම් ඒකාබද්ධ වීම සහ එලෙස ඒකාබද්ධ වූ මූල්‍ය සමාගම HNB FINANCE  PLC බවට   පත් වීම සඳහා ශ්‍රී ලංකා මහබැංකුව වෙත ඉදිරිපත් කළ යෝජනාවලිය මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් අනුමත කරන ලදි.

    මූල්‍ය ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම් දෙකක් වන HNB FINANCE හා Prime Finance බැංකු නොවන මුල්‍ය අංශය නියෝජනය කරමින් එකිනෙකට වෙනස් වු මූල්‍ය සේවා රැසක් පාරිභෝගිකයින් වෙත හඳුන්වා දී ඇති අතර මෙම ඒකාබද්ධ වීම තුළින් සමාගම් දෙකෙහි පාරිභෝගිකයින් වෙත වඩාත් විවිධාංගීකරණය වූ මූල්‍ය සේවා රැසක් පිරිනැමීමට HNB FINANCE සමාගමට හැකි වනු ඇත.

     මෙම සාර්ථක ඒකාබද්ධවීමේ ක්‍රියාවලිය තුළින් ප්‍රයිම් සමුහය සමග පවතින සබඳතා ශක්තිමත් කර ගැනීමට HNB FINANCE සමාගමට හැකි වන අතර දේපළ වෙළෙඳාම ආශ්‍රිතව මුල්‍ය පහසුකම් ලබා දිමේදී මෙම ක්ෂේත්‍රය පිළිබඳව ප්‍රයිම් සමූහයේ දැනුම සහ විශේෂඥභාවය හිමි කර ගැනීමට ද අවස්ථාව සැලසෙනු ඇත.

    ප්‍රයිම් ෆිනෑන්ස් කොටස් වලින් 87.27ක් HNB FINANCE සමාගම විසින් ඒකාබද්ධවීමේ මූලික අදියරේදී අත්පත්කර ගනු ලැබීමෙන් අනතුරුව Prime Finance හි පාලන බලය හිමිකර ගැනීමට HNB FINANCE සමාගම සමත් වීමෙන් පසු අනිවාර්ය කොටස් පැවරීම තුළින් සමාගමේ කොටස් හිමිකාරිත්වය 9.37%කින් වැඩි කෙරිණ. එමෙන්ම 0.51%ක කොටස් ප්‍රමාණයක් කොටස් වෙළෙඳපොළ මගින් HNB FINANCE සමාගමට හිමි වීමෙන් අනතුරුව HNB FINANCE සතු ප්‍රයිම් ෆිනෑන්ස් කොටස් හිමිකාරීත්වය 97.15%ක් දක්වා වැඩි විය. මේ අනුව ඉතිරි 2.85%ක කොටස් ප්‍රමාණය සෙසු සුලු කොටස් හිමියන්ට අයත් විය.

    මෙම අත්පකත් කර පැනීම තුළින් පෙරට වඩා වැඩි ශාඛා සංඛ්‍යාවක් හරහා සිය සේවාවන් පවත්වාගෙන යෑමට HNB FINANCE සමාගමට හැකි වන අතර Prime Finance හි වත්කම් මත පදනම් වූ 93% ක් වූ ණ්‍ය කළඹ හරහා HNB FINANCE හි මූල්‍ය සේවා අවදානමබ වඩාත් ප්‍රශස්ත මට්ටමකට පැමිණෙන අතර සමාගමේ ශේෂ පත්‍රය ද ශක්තිමත් වේ.‍

    මෙම ඒකාබද්ධ වීම තුළ HNB FINANCE හි මූල්‍ය සේවා සංඛ්‍යාත්මකව වැඩි වීමත් සහ සේවා ව්‍යාප්තිය පමනක් නොව ඉතා දක්ෂ හැකියාවන්ගෙන් පරිපූර්ණ වෘත්තිකයින් පිරිසක් සමඟ සම්බන්ධ වීම හරහා දීපව්‍යාප්ත මූල්‍ය සේවා ක්‍රියාත්මක කිරීමේ ප්‍රධාන සැලසුම් ඉතා සාර්ථක ලෙස දියත් කිරීමට HNB FINANCE සමාගමට හැකි වනු ඇත.