Huawei නවතම ස්මාර්ට්ෆෝන් දෙකක් ශ්‍රී ලංකාවට හඳුන්වාදීමට යයි

    June, 10, 2016

    මූලික මට්ටමේ නවතම ස්මාර්ට්ෆෝන් දෙකක් ළඟඳීම ශ්‍රී ලංකාවට හඳුන්වාදීමට නියමිත බව Huawei සමාගමේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම ස්මාර්ට් ෆෝන් දෙක දැනට වෙළදපලේ පවතින අනිකුත් මුලික මට්ටමේ ස්මාර්ට්ෆෝන් සමඟ තරඟකාරී නිෂ්පාදනයක් ලෙස හඳුන්වා දීමට සැලසුම් කර තිබේ. Huawei හි වඩාත් සාර්ථක වූ Y-series යටතේ මෙම නව ස්මාර්ට්ෆෝන් හඳුන්වාදීමට නියමිත බවත් ඒවා කළු, රන්වන් සහ සුදු යන පැහැයන්ගෙන් වෙළද පළට හඳුන්වාදීමට නියමිත බව සමාගම් ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

    ආරංචි මාර්ග වලට අනුව මෙම ස්මාර්ට්ෆෝන් දෙක ඉතා උසස් කැමරා පහසුකම් වලින් යුක්ත වන අතර වේගවත් ක්‍රියාකාරීත්වයක් සහිත වේ. මෙම ස්මාර්ට් ෆෝන් දෙකම 1GB RAM එකකින් සහ 8GB දත්ත ධාරිතාවයකින් යුක්ත වේ. එකිනෙකට වෙනස් චිප්සෙට් සහිත මෙම ස්මාර්ට් ෆෝන් දෙකම 3G සහ 4G ලෙස වෙළඳ පලට හඳුන්වා දීමට නියමිතය.

    නම සඳහන් නොකළ සමාගමේ ප්‍රකාශකයෙක් සඳහන් කළේ මූලික මට්ටමේ ජංගම දුරකථන වෙළද පල ඉලක්ක කරගනිමින් වෙළද පලට හදුන්වාදීමට නියමිතයි. බොහෝ දුරට මෙම ජංගම දුරකථන ජුනි මස මැද වෙළඳ පලට හඳුන්වාදීමට අපේක්ෂිත බව ද ඔහු සඳහන් කර තිබේ. මෙම ස්මාර්ට්ෆෝනය මිලදීගන්නන්ට ඉතා වාසිදායක බවත් වසර දෙකක් දක්වා වූ සිංගර් වගකීම් සහතිකය ද මෙම ස්මාර්ට්ෆෝනය සඳහා හිමිවන බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

    IDC හි අවසන් කාර්තුවේ වාර්තා වලට අනුව පසුගිය වසර අවසානයේ ශ්‍රී ලංකාවේ ස්මාර්ට්ෆෝන් වෙළද පලේ 23.08% ක ප්‍රමාණයක් Huawei හිමිකරගෙන සිටියි. Huawei ශ්‍රී ලංකාවේ එකම බෙදාහරින්නා වන්නේ සිංගර් ශ්‍රි ලංකා සමාගමයි. මේ වනවිට මෙරට ස්මාර්ට්ෆෝන් වෙළඳ පළේ දෙවන ස්ථානය හිමිකරගෙන සිටින Huawei නුදුරේදීම ශ්‍රීලංකාවේ අංක 1 ස්මාර්ට්ෆෝනය බවට පත්වනු ඇතැයි වෙළඳ පල ආරංචිමාර්ග අනුමාන කරයි.