Huawei නිල ස්මාර්ට්ෆෝන් සහකරු ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් බලගන්වයි

    July, 24, 2017

    ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ස්මාර්ට්ෆෝන් සන්නාමය වන Huawei ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිල ස්මාර්ට්ෆෝන් සහකරු ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ සහයෝගිතාවකට එළඹෙයි. මෙම නිල ස්මාර්ට්ෆෝන් අනුග්‍රාහකත්වය ශ්‍රී ලංකා ක්‍රිකට් පිරිමි සහ කාන්තා යන කණ්ඩායම්  දෙක සඳහාම සැපයෙන අතර එක්දින, ටෙස්ට් සහ විස්සයි විස්ස තරඟ සඳහා මෙම සත්කාරකත්වය ක්‍රියාත්මක වෙයි. ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම ක්‍රීඩාව වන ක්‍රිකට් සඳහා Huawei විසින් මෙම අනුග්‍රාහකත්වය දක්වා ඇත්තේ දේශිය ක්‍රිඩාලෝලීන් අතර සිය සන්නාමය තවදුරටත් ජනප්‍රිය කරවීමේ අරමුණිනි.

    මෙම අනුග්‍රාහකත්වය සනිටුහන් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සඳහා Huawei අනුග්‍රාහකත්වය දැක්වෙන ක්‍රිකට් නිලඇඳුම  Huawei ශ්‍රී ලංකා ප්‍රධාන විධායක නිලධාරි ෂුන්ලි වොන්ග් සහ Huawei ස්මාර්ට්ෆෝන් ශ්‍රී ලංකා ප්‍රධානි හෙන්රි ලියු යන මහත්වරුන් විසින්  ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම් මොහාන් ද  සිල්වා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වෙත පිරිනැමීම පසුගියදා කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැත්විණ. මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට්  කණ්ඩායමේ එක්දින තරඟ නායක උපුල් තරංග, ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල්  සහ රංගන හේරත් මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරින් ද එක්ව සිටියහ.

    මෙම අනුග්‍රාහකත්වය පිරිනැමීම  පිළිබඳව අදහස් දැක්වූ Huawei ශ්‍රී ලංකා ප්‍රධාන විධායක නිලධාරි ෂුන්ලි වොන්ග්  මහතා සඳහන් කළේ  ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිල ස්මාර්ට්ෆෝන් සහකරු  බවට පත්වීමට හැකිවීම Huawei සමාගම ලද ගෞරවනීය අවස්ථාවක් වන බවයි. මෙම සහයෝගීත්වය සමඟ  Huawei හි සන්නාම වටිනාකම දිවයිනේ සෑම ප්‍රදේශකම පාහේ ව්‍යාප්ත කිරීමට අවස්ථාව හිමිවන බවත් සිය සන්නාමයේ තේමාව වන "Make it Possible" යන්න ඒ ඔස්සේ තහවුරු වන බවත් හෙතෙම පෙන්වා දුන්නේය. සෑම ශ්‍රී ලාංකිකයෙකුටම සමීප වීමට ලද හොඳම අවස්ථාවක් ලෙස මෙම අනුග්‍රාහකත්වය සලකන  බවද හෙතෙම මෙහිදී කීය.

    මෙම අවස්ථාව සමරමින්  Huawei විසින් ක්‍රිකට් ලෝලීන්  සඳහා නව ප්‍රවර්ධන වැඩසටහනක් ද දියත් කෙරිණ. මේ යටතේ ජුලි 17 වනදා සිට සැප්තැම්බර් 9 වනදා දක්වා GR3 2017, GR5 2017 හෝ  GR5 Premium ස්මාර්ට්ෆෝන් මිලදී ගන්නා සෑම පාරිභෝගිකයෙකුම වටිනා ත්‍යාග පිරිනැමීමට සැලසුම් කර තිබේ.ඒ අනුව ඉදිරියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහභාගි වන ශ්‍රී ලංකා ඉන්දියා ක්‍රිකට් තරඟාවලිය සඳහා ප්‍රවේශ පත්‍ර මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් නිල ඇඳුම් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ අත්සන් සහිත සමරු  ක්‍රිකට් පිති දිනාගැනීමට අවස්ථාව සලසා තිබේ.

    මීට අමතරව මධ්‍ය පරාසයේ  Huawei ස්මාර්ට්ෆෝන් වන GR3 2017 සහ  GR5 2017 මිළදී ගන්නා සෑම පාරිභෝගිකයෙකුටම බැක් පැක් එකක් සහ  GR5 2017 Premium ස්මාර්ට්ෆෝනයක් මිලදී ගන්නා පාරිභෝගිකයෙකු වෙත පවර් බෑන්ක් එකක් පිරිනැමීමට කටයුතු යොදා තිබේ.

    Huawei ඉතා කෙටි කලක් තුළ ජනප්‍රියත්වයට පත්වූ සන්නාමයක් වන අතර Huawei හි ජාත්‍යන්තර සන්නාම තානාපති වරයා වශයෙන් ලෝ ප්‍රකට පාපන්දු ක්‍රීඩක ලියොනෙල් මෙසී කටයුතු කළේය. Huawei සහ ශ්‍රී ලංකා ක්‍රිකට් අතර සබඳියාව වසර 2014 දී සවිමත් වූයේ එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා තරඟ සංචාරය සඳහා අනුග්‍රහය දැක්වීමෙනි.  තොරතුරු තාක්ෂණ විසඳුම් සපයන ලොව ප්‍රකට හා ප්‍රමුඛ සමාගමක් වන Huawei යුරෝපය, ආසියාව, අප්‍රිකාව, ඇමරිකාව සහ ඕසනියාව ආදී කලාපවල රටවල්  සඳහා විවිධාකාරයෙන් අනුග්‍රාහකත්වය සපයයි.

    Huawei ලොව ප්‍රමුඛ  විවිධ ක්‍රීඩා ඉසව් සඳහා  විවිධ අවස්ථාවල අනුග්‍රහය දක්වා ඇති ජාත්‍යන්තර සමාගමකි. ආසෙනල් පාපන්දු සමාජය, AC Milan, සහ IPL ක්‍රිකට් තරඟාවලියේදී රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට අනුග්‍රාහකත්වය ලබාදීම ඉන් කිහිපයකි. මීට අමතරව ඇමරිකාවේ ප්‍රථම ක්‍රීඩා සමාජය වන Washington Redskins NFL කණ්ඩායම සමඟ ද Huawei අත්වැල් බැඳගෙන සිටින අතර  වසර 2012 සිට NRL හි Canberra Raider  කණ්ඩායම වෙත ද Huawei සිය දායකත්වය ලබාදී තිබේ.