HUAWEI ලොව ප්‍රකට Forbes ශ්‍රේණිගත කිරීම් අතරට

    June, 6, 2018

    2018 වසරේ වටිනාතම සන්නාම අතර තවදුරටත් ඉදිරියට

    2018 වසරේ වටිනාතම සන්නාමයක් ලෙස ජාත්‍යන්තර ශ්‍රේණිගත් කිරීම් අතර සිටින එකම චීන සමාගම බවට HUAWEI පත්වෙයි.  ඇමරිකානු ඩොලර් බිලියන 8.4 ක වත්කමක් පවත්වාගනිමින් අඛණ්ඩව වසර දෙකක් තිස්සේ  Forbes ශ්‍රේණිගත කිරීම් අතර 79 වන ස්ථානයේ රැඳී සිටීමට  HUAWEI සමත්වී තිබේ.

    වසර 2017 දී  ඇමරිකානු ඩොලර් බිලියන 7.3ක සන්නාම වටිනාකමක් සමඟ HUAWEIමුල්වරට මෙම Forbes ශ්‍රේණිගත කිරීම් අතර88 වන ස්ථානය හිමිකරගනිමින් එම ශ්‍රේණිගත කිරීම් සදහා එක්විය. එතැන් සිට වසරක අඛණ්ඩ වර්ධනයකින් පසු 15% කින් සිය සන්නාම වටිනාකම  ඇමරිකානු ඩොලර් බිලියන 8.4 ක් දක්වා ඉහළ නංවා ගනිමින් Forbes ශ්‍රේණිගත කිරීම් අතර 79 වන ස්ථානය දක්වා පැමිණීමට HUAWEI සමත් වී තිබේ.

    මෙම ලැයිස්තුවේ ප්‍රමුඛ සමාගම් 100 අතුරින් 20% ක වර්ධනයක් ලැබූ සමාගම් පළමු සමාගම් 5 අතරට එක්ව ඇති අතර අඛණ්ඩව වසර 8ක් පළමු ස්ථානයේ සිටින්නේ ඇපල් සමාගමයි. ඉන් පසු ගූගල්, මයික්‍රොසොෆ්ට්, ෆේස්බුක්, සහ ඇමසන් වැනි සමාගම් ලැයිස්තුගත කර තිබේ. රටවල් 16ක සමාගම් පළමු සමාගම් 100 අතර සිටින අතර එයින් බහුතරයක් එනම් සමාගම් 54ක් ඇමරිකාවට අයත්වෙයි. ජර්මානු සමාගම් 12ක් සහ ජපාන සහ ප්‍රංශ සමාගම් 7 බැගින්  මෙම ශ්‍රේණිගත කිරීම් වලට ඇතුළත් අතර එහි නම් සඳහන් වන එකම චීන සමාගම වන්නේ  HUAWEIසමාගමයි.

    වසර 2017 දී  HUAWEIසමාගම  Mate, P සහ  Nova series ආදී නව හඳුන්වා දීම් රැසක් සමඟ  ජාත්‍යන්තර වශයෙන් කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කළේය. ඉහළ පරාසයේ වෙළඳ පළ ඉලක්ක කරගනිමින් HUAWEIනිපදවූ HUAWEI P10 සහ  HUAWEI Mate10 ආදී නිෂ්පාදන ජාත්‍යන්තරය හමුවේ HUAWEIහි වර්ධනය පෙන්නුම් කිරීමට උපරිම ලෙස දායක වූ නිෂ්පාදන කිහිපයකි. ලෝකය පුරා තරුණ පරපුරේ ආකර්ශනය දිනාගනිමින් ඉදරිපත් කළ HUAWEI nova 2i වර්තමානයේ තාරුණ්‍යයේ ස්මාර්ට්ෆෝන් අතර ජනප්‍රියතම නිෂ්පාදනයකි.

    HUAWEI සිය  P20 series කාණ්ඩයේ  ස්මාර්ට්ෆෝන්  2018 වසරේ මාර්තු මාසයේ පැරිස් නුවරදී එලිදැක්වූ අතර ඊටම ආවේණික ගති ලක්ෂණ රැසකින් එම ස්මාර්ට්ෆෝනය සමන්විත වෙයි. Leica ත්‍රිත්ව කැමරාව, ආකර්ශනීය නිමාව, AI විශේෂතා ආදී විශේෂතා රැසකින් මෙම ස්මාර්ට්ෆෝනය සමන්විත වෙයි. ජාත්‍යන්තර වශයෙන් HUAWEIහි අලෙවිය ඉහළ යාමට මෙම නවතම නිෂ්පාදනය බෙහෙවින් බලපා ඇති අතර IDC වාර්තා වලට අනුව 2018 පළමු කාර්තුව තුළ  HUAWEIහි ‍වෙළඳ පළ කොටස 11.7%  සිට 13.8%  දක්වා වර්ධනය වී තිබේ.

    2017 වසරේ HUAWEI හි  සන්නාම පිළිබඳ දැනුවත් කිරීම 87% ක්  දක්වා ඉහළ ගොස් ඇති අතර විශේෂයෙන් විදේශිය රටවල HUAWEI සන්නාමය කෙරෙහි ඇති ආකර්ෂණය සැලකිය යුතු මට්ටමින් ඉහළ ගොස් තිබේ. වසරින් වසර එම ප්‍රමාණය 100% ක් දක්වා වර්ධනය වෙමින් ඇති බව වාර්තා වෙයි. IPSOS වාර්තා වලට අනුව සහ NPS ශ්‍රේණිගත කිරීම HUAWEI හි  සන්නාම පිළිබඳ දැනුවත් කිරීම චීන වෙළඳ පළ තුල අංක 1 දක්වා වර්ධනය වී තිබේ.

    මීට අමතරව    HUAWEI විසින් අනිකුත්  ගෝලීය මට්ටමේ ශ්‍රේණිගත කිරීම් වල ද ඉහලට ලගාවෙමින් සිටියි.  2017 සැප්තැම්බර් මාසයේ   නිකුත් කළ වාර්තාවලට අනුව  Interbrand’s හි  “TOP100” ශ්‍රේණිගත කිරීම් වලට අනුව HUAWEI සන්නාමය 70 වන ස්ථානය හිමිකරගෙන සිටියි.  2018 පෙබරවාරි මාසයේ නිකුත් කළ  Brand Finance  හි  “Global TOP 500 Brand Values in 2018” වාර්තාවට අනුව  ඇමරිකානු ඩොලර් බිලියන 38ක සන්නාම වටිනාකමක් සහිත HUAWEI 25වන ස්ථානයේ පසුවෙයි.

    ගතවූ වසර කිහිපයක සිට   HUAWEI සන්නාමයෙහි සිදුවුන මෙම වර්ධනයට ප්‍රධාන වශයෙන් හේතු වන්නේ නව තාක්ෂණික නිපැයුම් සහ පර්යේෂණ හා සංවර්ධන කටයුතු සඳහා  විශාල වශයෙන් කරනු ලබන ආයෝජනයයි.  HUAWEI හි වාර්ෂික වාර්තා වලට අනුව 2017 වසරේදී පමණක් පර්යේෂණ හා සංවර්ධන කටයුතු සඳහා RMB 89.7 billion ක පිරිවැයක් දරා තිබේ.  HUAWEI සමාගම සිය වාර්ෂික ආදායමින් 14.5%  ක මුදලක් වැය කරනු ලබන්නේ පර්යේෂන හා සංවර්ධන කටයුතු සඳහා ය. එම මුදල පසුගිය වසර 10 තුල RMB 394 billion ක මුදලකි.

    2017 දෙසැම්බර් 31 වන දින වනවිට  HUAWEI විසින් පේටන්ට් අයිතීන් 74307 ක් ලබා  ඇති අතර චීන පේටන්ට් අයිතීන් 64091කට සහ විදේශිය පේටන්ට්  48758කට  අයදුම් කර තිබේ. මේ අතරින් 90%ක් ම නව නිර්මාණ සඳහා වන පේටන්ට් අයිතීන් වීම විශේෂත්වයකි.

    මේ අනුව අනාගතයේදී  HUAWEI විසින් සිය නිෂ්පාදන තාක්ෂණික අතින් තවදුරටත් නවීනත්වයට පත් කිරීමට ඔස්සේ ජාත්‍යන්තර වශයෙන්  පාරිභෝගිකයින් වෙත වඩාත් සමීප වීමට සැලසුම් කර තිබේ.